දඟපන්දු යවන්නන්ට පිටිය ලියැවෙද්දී තරිඳු කෞෂාල්ගෙන් ශතකයක්

402

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් සුපිරි 8 තරගාවලියේ අද (06) ඇරඹි තරගවල දී දඟපන්දු යවන්නන් සුපිරි දක්ෂතා දක්වමින් පිතිකරුවෝ අභිබවා ගියහ. දිනයේ කැපී පෙණෙන දක්ෂතා දැක්වූවන් අතුරින් ඉදිරියෙන් පසු වූයේ ෂෙහාන් ජයසූරිය ය. ඔහු රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව කඩුලු 7ක් දවා ගත්තේය.

දක්ෂතා දැක්වූ අනෙකුත් පන්දු යවන්නන් අතුරින් චානක කොමසාරු සහ ආකාශ් සේනාරත්න කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත් වූහ.

දඟ පන්දු යවන්නන් පිටිය තමන්ගේ ග්‍රහණයට ගනිද්දී තවත් දඟ පන්දු යවන්නෙක් වූ තරිඳු කෞෂාල් පිතිකරුවෙක් ලෙස දක්ෂතා දක්වමින් මේ සතියේ පළමු ශතකය රැස් කිරීමට සමත් වූවේ ය. එය කෞෂාල්ගේ මංගල පළමු පෙළ ශතකයයි.

මිලියන 85ක් වැය කරමින් ක්‍රිකට් ක්‍රීඩකයින් කොන්ත්‍රාත්තු ගත කරයි

2017/18 තරග වාරය සඳහා රුපියල් මිලියන 85ක් වැය කරමින් දේශීය ක්‍රීඩකයින් 100කට අධික ප්‍රමාණයක් කොන්ත්‍රාත්තු ගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…

රාගම සහ හලාවත අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ පළමු දිනයේ දී ම දෙපිලේ ක්‍රීඩකයෝ තම පළමු ඉනිම් නිමා කර ගැනීමට තරම් දුර්වල වූහ.   

දකුණත් පිට දඟපන්දු යවන ෂෙහාන් ජයසූරියගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වූ රාගම ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන්ගේ පළමු ඉනිම ලකුණු 57 දී නිමා කර ගත් අතර මේරියන්ස් ක්‍රීඩකයෝ ඊට පිළිතුරු ලෙසින් ලබා ගත්තේ ලකුණු 211ක් පමණි.

පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ ෂෙහාන් පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. ඔහුගේ ඉනිම පන්දු 90ක දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 80ක් විය.

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 57 (29.2) ආක්ෂු ප්‍රනාන්දු 20, ෂෙහාන් ජයසූරිය 7/22, මාලින්ද පුෂ්පකුමාර 2/08

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (52.3) ෂෙහාන් ජයසූරිය 80, සචිත්‍ර සේරසිංහ 24,  කසුන් විදුර 23, රෝහිට් දමෝදරන් 21, නිශාන් පීරිස්  4/79, සහන් නානායක්කාර 3/64, ආක්ෂු ප්‍රනාන්දු 3/24

රාගම ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 7 (4.0)

කෝල්ට්ස් සහ වරාය අධිකාරිය අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී දඟපන්දු යවන්නන් වූ චානක කොමසාරු සහ මධුක ලියනපතිරණගේ එක්ව කෝල්ට්ස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම ලකුණු 92කට සීමා කළහ. කොමසාරු ලකුණු 38කට කඩුලු 5ක් දවා ගනිද්දී මධුක ලකුණු 44කට කඩුලු 4ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි වරාය අධිකාරිය කණ්ඩායම අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කරන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 180ක් ලබා සිටියේය. එම ඉනිමේ දී විදෙස් ක්‍රීඩක නික් කොම්ප්ටන් පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 50ක් රැස් කරගෙන සිටියේය.  

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 92 (26.3) හෂාන් දුමිඳු 19, සහන් ආරච්චිගේ 19, මධුක ලියනපතිරණගේ 4/44, චානක කොමසාරු 5/38

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 180 (50.0) යොහාන් ද සිල්වා 40, නිසල් රන්දික 42, නික් කොම්ප්ටන් නොදැවී 50, ඉෂාර රංගන නොදැවී 33

විස්සයි විස්ස කණ්ඩායමට නව නායකයෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටින බැවින් බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 තරගාවලිය සඳහා…

එන්. සී. සී. සහ සැරසන්ස් අතර තරගය

කටුනායක වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනයේ දී කැපී පෙණෙන සිදුවීමක් වූයේ තම පළමු පෙළ මංගල ශතකය වාර්තා කිරීමට 24 හැවිරිදි තරිඳු කෞෂාල් සමත් වීමයි. කෞෂාල්ගේ 131ක් වූ එම ඉනිම පන්දු 205කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 15ක් සහ හයේ පහරක් ඇතුලත් විය.

කඩුලු 5ක් දැවී ලකුණු 34ක් තිබූ එන්. සී. සී. ඉනිම ගොඩ ගැනීමට තරිඳු, චතුරංග ද සිල්වා සමග එක් වෙමින් 6 වැනි කඩුල්ලට 124ක් එක් කළේය. චතුරංග පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේය.

දිනය අවසාන වන විට සැරසන්ස් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබා සිටියේය.

එන්. සී. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (83.0) චතුරංග ද සිල්වා 59, තරිඳු කෞෂාල් 131, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 24, මොහොමඩ් ඩිල්ශාඩ් 3/38, රනිත ලියනාරච්චි 2/45, සචිත්‍ර පෙරේරා 3/72

සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 9 (3.0)


එස්. එස්. සී. සහ බී. ආර්. සී. අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බී. ආර්. සී. ක්‍රීඩකයෝ රැස් කළ ලකුණු 200ට පිළිතුරු ලෙසින් එස්. එස්. සී. ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 114ක් ලබා සිටියහ.

බී. ආර්. සී. ඉනිමේ දී දකුණත් පිතිකරු හර්ෂ විතාන පන්දු 128ක දී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තේය. එස්. එස්. සී. පන්දු යැවීමේ ඉනිම වෙනුවෙන් වමතින් දඟපන්දු යවන ආකාශ් සේනාරත්න ලකුණු 52කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

බී. ආර්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (63.4) හර්ෂ විතාන 77, රුමේෂ් බුද්ධික 25, ටී. එන්. සම්පත් 42, සචිත්‍ර සේනානායක 2/49, ආකාශ් සේනාරත්න 5/52

එස්. එස්. සී; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 114 (28.5) මිනෝද් භානුක 35, කෞෂාල් සිල්වා 42, මිලින්ද සිරිවර්ධන 23, ටී. එන්. සම්පත් 2/27, චාමිකර එදිරිසිංහ 2/15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<