බී. ආර්. සී. ක්‍රීඩකයෝ කඩුලු 8ක ජයග්‍රහණයක් දින දෙකෙන් සමරති

191
SLC Premier League 2017_18

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 කාණ්ඩයේ අවසන් සතිය ක්‍රියාත්මක වෙද්දී පන්දු යවන්නන් අභිබවා පිතිකරුවන්ගේ සතියක් බවට පරිවර්තනය වී තිබියදීත්, රාගම ක්‍රීඩා සමාජය සහ බී. ආර්. සී. කණ්ඩායම අතර පැවති තරගය දින දෙකක් නිමා වීමටත් ප්‍රථම අවසන් විය. මෙම තරගයෙන් බී. ආර්. සී. කණ්ඩායමට කඩුලු 8ක පහසු ජයක් හිමි විය.

පෙර දිනයේ ශතක 4කින් සුපිරි 8 කාණ්ඩය අලංකාර වූ අතර අද (16) දිනයේ දී ශතක 3ක් වාර්තා විය. එන්. සී. සී. කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා සහ එම කණ්ඩායමේ මහේල උඩවත්ත ද වරාය අධිකාරිය කණ්ඩායමේ නික් කෝම්ප්ටන් ද ශතකලාභීන් වූ අතර සුරාජ් රන්දිව් ලකුණු 8කට කඩුලු 5ක් බිඳ දමමින් දවසේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් අවධානය දිනා ගත්තේය.

අශේන්, ෂෙහාන්, ලහිරු සහ භානුක ශතක රැස් කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 තරගාවලියේ පළමු දිනයේ දී (15) ශතක 4ක් වාර්තා වීම කැපී පෙණුනි. හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවන් වන අශේන් සිල්වා සහ ෂෙහාන් ජයසූරිය ද එන්. සී. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන ලහිරු උදාර සහ භානුක රාජපක්ෂ එහි හිමිකරුවෝ වූහ.

රාගම සහ බී. ආර්. සී. අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාගම ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබාගත් ලකුණ 129ට පිළිතුරු ලෙසින් බී. ආර්. සී. කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 149ක් පමණි. අනතුරුව රාගම දෙවැනි ඉනිම  ලකුණු 138කට සීමා විය. මෙම ඉනිමේ දී සුරාජ් රන්දිව් ලකුණු 08කට කඩුලු 5ක් බිඳ දැමුවේය.

ලකුණු 119ක් පසුපස ගිය බී. ආර්. සී. ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගනිමින් කඩුලු 8ක ජයග්‍රහණයක් වාර්තා කළහ. එම ඉනිමේ දී ටී. එම්. සම්පත් පන්දු 43ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේය.  

රාගම ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 129 (47.5) ලහිරු මිලන්ත 23, උදාර ජයසුන්දර 18, ආක්ෂු ප්‍රනාන්දු 41, සුරාජ් රන්දිව් 2/27, හිමේෂ් රාමනායක 5/29

බී. ආර්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 149 (57.4) ලසිත් ලක්ෂාන් 35, හෂේන් රාමනායක නොදැවී 20, ශෂීන් දිල්රංග 20, ඉෂාන් ජයරත්න 4/54, උදිත් මධුශාන් 2/48, නිශාන් පීරිස් 2/06, සහන් නානායක්කාර 2/15

රාගම ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 138 ( 41.3) ලහිරු මිලන්ත 37, රොෂේන් සිල්වා 34, සමීර ද සොයිසා 25, ටී. එන්. සම්පත් 2/48, සුරාජ් රන්දිව් 5/08

බී. ආර්. සී; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 119 (19.5) ලසිත් ලක්ෂාන් 23, ටී. එන්. සම්පත් නොදැවී 50, රුමේෂ් බුද්ධික නොදැවී 34


හලාවත මේරියන්ස් සහ එස්. එස්. සී. අතර තරගය

කොළඹ මේට්ලන්ඩ් ක්‍රසන්ට් හි සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන තරගයේ පළමු දිනය පුරා පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ දෙවැනි දිනයේ පෙරවරුවේ තම ඉනිම අවසන් කළේ ලකුණු පුවරුව 372කින් සැරසෙමින් තිබිය දී ය. ඊට පිළිතුරු ලෙසින් එස්. එස්. සී. ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 232ක් පමණි. එම ඉනිමේ දී සම්මු අශාන් සහ චාමර කපුගෙදර අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය.

ලකුණු 140ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් කණ්ඩායම දෙවැනි දිනය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 46ක් ලබා සිටියේය.  ඒ අනුව ඔවුන් තවත් කඩුලු 9ක් අතැතිව ලකුණු 186ක් ඉදිරියෙන් සිටී.

හලාවත මේරියන්ස්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 372 ( 103.5) අශේන් සිල්වා 110, ෂෙහාන් ජයසූරිය 146, සචිත්‍ර සේරසිංහ 30, රිසිත් උපමාල් 24, අක්තාබ් කාදර් 3/69, සචිත්‍ර සේනානායක 3/91

එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 232 (66.2) කවිඳු කුලසේකර 47, චාමර කපුගෙදර 63, සම්මු අශාන් 72, තීක්ෂිල ද සිල්වා 3/27, ෂෙහාන් ජයසූරිය 4/48, මාලින්ද පුෂ්පකුමාර 2/80

හලාවත මේරියන්ස්; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 46 (16.0) ෂෙහාන් ජයසූරිය නොදැවී 29


කෝල්ට්ස් සහ එන්. සී. සී. අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට දුන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය රැස් කළ ලකුණු 127 පිළිතුරු ලෙසින් එන්. සී. සී. ක්‍රීඩකයෝ අද තම ඉනිම අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 618ක් ලබා සිටිය දී ය. එම ඉනිමේ ශතක දෙකක් පළමු දිනයේ වාර්තා වූ අතර දෙවැනි දිනයේ දී ද ශතක වාර්තා වීම කැපී පෙණුනි.

පෙර දිනයේ ලහිරු උදාර සහ භානුක රාජපක්ෂ ශතක රැස් කළ අතර අද දිනයේ දී මහේල උඩවත්ත සහ නායක ඇන්ජලෝ පෙරේරා ශතක රැස් කළහ. මේ අතර තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන චාමික කරුණාරත්න පන්දු 36ක දී ලකුණු 54ක් වාර්තා කිරීම ද කැපී පෙණුනි.

තරගයේ තෙවැනි දිනය උදා වෙන්නේ කෝල්ට්ස් ක්‍රීඩකයන්ට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 462ක ඉලක්කයක්ව තිබිය දී ය.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 127 (35.1) නිසල තාරක 25, කවිශ්ක අංජුල 20, ලහිරු කුමාර 2/26, ලසිත් ඇඹුල්දෙණිය 5/33

එන්. සී. සී; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 618 (121.4) ලහිරු උදාර 157, භානුක රාජපක්ෂ 134, මහේල උඩවත්ත 106, ඇන්ජලෝ පෙරේරා නොදැවී 129, චාමික කරුණාරත්න 54, නිසල තාරක 3/100, ප්‍රභාත් ජයසූරිය 4/224, හෂාන් දුමිඳු 2/39

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 29 (12.0) සධීර සමරවික්‍රම නොදැවී 12

ආයුබෝ වේවා මහරජාණෙනි…

“Chef” (අරක්කැමියා) ඒ‍ ජා‍ත්‍ය‍න්‍ත‍ර‍ ක්‍රී‍ඩ‍ක‍ය‍න්‍ ඔ‍හු‍ව‍ හැ‍ඳි‍න්‍වූ‍ සුරතල් නා‍ම‍ය‍යි‍. සු‍දු‍ ඇ‍ඳු‍මෙ‍න්‍ සැ‍ර‍සු‍න‍, තරමක් තරබාරු සිරුරකින් හෙබි ඔ‍හු‍ දෙ‍ස‍ මොහොතක් බලා‍ සි‍ටී‍මේ‍ දී‍ ඒ‍ සු‍ර‍ත‍ල්‍ නාම‍යෙ‍හි‍ ව‍ර‍ද‍ක්‍ ඇ‍ත්‍තේ‍ ද‍ නැ‍තැ‍යි‍ ඔ‍බ‍ට‍ සි‍ති‍ය‍ හැ‍ක‍.


සැරසන්ස් සහ වරාය අතර තරගය

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සැරසන්ස් කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 311ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය කණ්ඩයම තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 220ක් පමණි.

ලකුණු 91ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි සැරසන්ස් කණ්ඩායම දිනය අවසන් වෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 13ක් ලබා සිටියේය. දැවී ගිය කඩුලු දෙකේම හිමිකාරත්වය චරිත් ජයම්පති සතු විය.

වරාය අධිකාරි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩක නික් කොම්ප්ටන් මෙම තරග වාරයේ තම පළමු ශතකය අද රැස් කළේය. ඔහුගේ ඉනිම, පන්දු 140කින් සමන්විත වූ අතර හතරේ පහර 9ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 103කි.

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් ඩිල්ශාඩ් සහ රමිත ලියනාරච්චි කඩුලු 4 බැගින් දවා ගත්හ.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 311 (111.0) තානුක දාබරේ 20, ඇන්ඩි සොලමන්ස් 48, මින්හාජ් ජලීල් 56, ගමිඳු කනිෂ්ක 35, හර්ෂ කුරේ 41, අශේන් බණ්ඩාර නොදැවී 87, මධුක ලියනපතිරණගේ 2/50, චානක කොමසාරු 3/96, චරිත් ජයම්පති 3/43

වරාය අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 220 (58.2) නික් කොම්ප්ටන් 103, ඉෂාන් රංගන 34, ගිහාන් රූපසිංහ 38, මොහොමඩ ඩිල්ශාඩ් 4/51, රනිත ලියනාරච්චි 4/53

සැරසන්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 13 (5.0) චරිත් ජයම්පති 2/09

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<