ලංකන් ක්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජයක්

382

“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරග කිහිපයක්ම අද (28) ආරම්භ වූ අතර, පසුගිය 26 වනදා ආරම්භ වූ ලංකන් ක්‍රිකට් සමාජයේ තරගයට අද වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඔවුන්ට පළමු ඉණිමේ ජයග්‍රහණයකින් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය. අද පැවැත්වූ තරඟ සියල්ලටම පාහේ වර්ෂාවෙන් බාධා එල්ල විය.

පසුගිය ලිපි: රසිකගෙන් තුන් ඉරියව් දස්කම්

ලංකන් ක්‍රිකට් සමාජය හා කළුතර භෞතික සංස්කෘතික සමාජය අතර තරඟය

පනාගොඩ යුධ හමුදා ක්‍රීඩා පිටියේදී ලංකන් ක්‍රිකට් සමාජ හා කළුතර භෞතික සංස්කෘතික සමාජය අතර පසුගිය 26 වනදා ආරම්භ වු තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදී. මෙම තරඟයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ලංකන් ක්‍රිකට් සමාජය සමත් විය.

තරගයේ දෙවන දිනය අවසානයේ දි තම පළමු ඉණිම ක්‍රීඩා කල කළුතර භෞතික සංස්කෘතික සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 107ක් ලබාගෙන සිටින ලදි. රසික ප්‍රනාන්දු ලකුණු 54කට අවසන් දිනයේ පළමු කඩුල්ල ලෙස දැවීයද්දී, මනෝජ් නිරෝෂන් ලකුණු 44ක් තම ලකුණු පුවරුවට එකතු කරවන ලදි. අවසානයේ ඔවුන්ගේ පළමු ඉණිම ලකුණු 152කට සිමා වූ අතර, නවීන් කවිකාර කඩුලු 6ක් දවාගන්නා ලදි.

ලංකන් ක්‍රිකට් සමාජයේ ලකුණු 428ට පිළිතුරු ලෙස කළුතර භෞතික සංස්කෘතික සමාජය තම පළමු ඉණිමට රැස්කරගත් ලකුණු ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ නිසා නැවතත් තම දෙවන ඉණිම ආරම්භ කල කළුතර භෞතික සංස්කෘතික සමාජයට, කඩුලු 5ක් දැවී ලකුණු 102ක් ලබා සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල විය. ඔවුන්ගේ දෙවන ඉණිමට දමිදු අශාන් ලකුණු 49ක් ලබාගත් අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ ලක්ෂාන් රොද්‍රිගෝ ලකුණු 3කට කඩුලු 2ක් දවාලන ලදි.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 428 (පන්දුවාර 109.3): මදුරංග සොයිසා 127, චරිත් ප්‍රනාන්දු 104, ලක්ෂාන් රොද්‍රිගෝ 68, රජීව වීරසිංහ 24, තරිදු සිල්වා 3/108, ෆහාඩ් බාබර් 2/49, රසික ප්‍රනාන්දු 2/56

කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 152 (පන්දුවාර 53.5): රසික ප්‍රනාන්දු 54, මනොජ් නිරෝෂන් 44, දමිදු අශාන් 28, නවීන් කවිකාර 6/73

කළුතර භෞතික සංස්කෘතික සමාජය දෙවන ඉණිම (F/O) – කඩුලු 5ක් දැවී ලකුණු 102 (පන්දුවාර 40.3): දමිදු අශාන් 49, නිලාන් ප්‍රනාන්දු නොදැවී 23, ලක්ෂාන් රොද්‍රිගෝ 2/03, ලාල් කුමාර් 2/21


කළුතර නගර සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර තරඟය

කළුතර දී අද (28) ආරම්භ වු මෙම තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල කළුතර නගර සමාජය පළමුව පන්දුවට පහර දෙන ලදි. පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරන වරාය අධිකාරි ක්‍රීඩා සමාජය කිසිවෙකු නොදැවී ලකුණු 2ක් ලබාගෙන සිටියි.

කළුතර නගර සමාජයට ලකුණු 156ක් තම පළමු ඉණිමට රැස්කර ගැනීමට නායක ලහිරු ජයවර්ධන 4 පහර 7ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තේය. චාමිකර එදිරිසිංහ ලකුණු 40ක් තුල කඩුලු 4ක් දවාලමින් කළුතර නගර සමාජයේ ලකුණු සිහිනය බිදදමන ලදි. වරාය අධිකාරි ක්‍රීඩා සමාජය තමා ක්‍රීඩා කල තරඟ සියල්ලම ජයග්‍රහණය කල B කාණ්ඩයේ සිටින එකම සමාජය වන අතර, ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවන ස්ථානයේ පසුවෙයි.

කළුතර නගර සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 66.5): ලහිරු ජයවර්ධන 38, යසිත සිල්වා 30, චාමිකර එදිරිසිංහ 4/40, ලක්ප්‍රිය විජේසිරිවර්ධන 3/23

වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කිසිවෙකු නොදැවී ලකුණු 2 (පන්දුවාර 1):

වරාය අධිකාරි ක්‍රීඩා සමාජය කළුතර නගර සමාජයේ පළමු ඉණිමට වඩා ලකුණු 154ක් පසුපසින් පසුවෙයි.


පොලිස් ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරඟය

අද (28) කටුනායක දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. පළමු දිනය අවසානයේ දී පොලිස් ක්‍රීඩා සමාජය තම පළමු ඉණිමට කඩුලු 2ක් දැවී ලකුණු 35ක් ලබාගෙන සිටියි.

තරගයේ මුල සිටම පොලිස් ක්‍රීඩා සමාජය කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ පිතිකරුවන් තම ග්‍රහනය යටතේ තබාගෙන ක්‍රීඩා කල අතර, රුවන්ත ඒකනායකට හැරෙන්නට අනෙකුත් පිතිකරුවන්ට සෑහීමකට පත්විය හැකි ලකුණක් ලබා ගන්නට සුවන්ජි මඳනායක ඇතුළු පොලිස් ක්‍රීඩා සමාජයේ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. සුවන්ජි මඳනායක ලකුණු 17කට කඩුලු 3ක් දවාලන ලදි.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 109 (පන්දුවාර 40.5): රුවන්ත ඒකනායක  43, සුවන්ජි මදනායක 3/17

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 35(පන්දුවාර 18.4):

පොලිස් ක්‍රීඩා සමාජය කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 74ක් පසුපසින් පසුවෙයි


ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරඟය

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් ප්‍රතිවාදී පානදුර ක්‍රීඩා සමාජයට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කරන ලදි. දිනය අවසානයේ දී තම ප්‍රථම ඉණිමට කඩුලු 4ක් දැවී ලකුණු 235ක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩා සමාජය සමත් විය.

පානදුර ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවෙක් ලෙස පිටියට පැමිණි නිසල් රන්දික දිනය නිමාවන තුරුම කඩුල්ලේ රැදෙමින් 4 පහර 11ක් හා එක් 6 පහරක් සමඟින් නොදැවී ලකුණු 88*ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. ඔහුට විශිෂ්ට සහයක් ලබා දුන් මාධව නිමේෂ් ලකුණු 51*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටියි.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 4ක් දැවී ලකුණු 235 (පන්දුවාර 55): නිසල් රන්දික නොදැවී 88, මාධව නිමේෂ් නොදැවී 51, මිශේන් සිල්වා 44, සහන් ජයවර්ධන 2/80

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට