කුරුණෑගල තරුණ සමාජයේ මංගල ජයග්‍රහණය

539
SLC Premier League 2016/17 Tier B January 8th roundup

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවලියේ තවත් දින තුනක අවසානය අද (08), කුරුණෑගල තරුණ සමාජයට කඩුලු 7ක තම පළමු ජයග්‍රහණය සමඟින් සහ ලංකන් ක්‍රිකට් සමාජයට කඩුලු 10ක ජයග්‍රහණයක් සමඟින් නිමාවට පත්විය.

පසුගිය ලිපි: පානදුර සහ වරාය අතර ගැටුම තියුණු වන ලකුණු

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

කුරුණෑගල වෙලගෙදර පිටියේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයගත් සත්කාරක තරුණ සමාජය පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය. මෙම තරඟයෙන් කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමිවිය.

දෙවන දිනය නිමාවූයේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ දෙවන ඉණිම කඩුලු 3ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටියදීය.  ගුවන් හමුදා දෙවන ඉණිම වෙනුවෙන් උදයවංශ පරාක්‍රම ලකුණු 44ක් ලබා ගන්නා ලදි.

අවසානයේ ලකුණු 84ක ඉලක්කයක් පමණක් තම ජයග්‍රහණය සඳහා ඉතිරිව තබමින් අනුරුද්ධ රාජපක්ෂ ගුවන් හමුදා කඩුලු 4ක් දවාලන ලදි. සිව්වන ඉණිම ක්‍රියාත්මක කල කුරුණෑගල තරුණ සමාජය වෙනුවෙන් තාරක වඩුගේ හා දර්ශන මහවත්තගේ සබඳතාවය මෙම තරගාවලියේ කුළුදුල් ජයග්‍රහණය ඔවුන්ට ගෙනඑ්මට විශාල සවියක් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 61.5): බුද්ධික සඳරුවන් 70, ලහිරු ලක්මාල් 44, තිලිණ හේරත් 3/22

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 307 (පන්දුවාර 91.4): හශාන් ප්‍රභාත් 81*, දර්ශන මහවත්ත 44, අචිර එරංග 3/48

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජ දෙවන ඉණිම  –  සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 62.1): උදයවංශ පරාක්‍රම  44, සහන් ජයවර්ධන 29,  අනුරුද්ධ රාජපක්ෂ 4/21, තිලිණ හේරත් 3/69

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ දෙවන ඉණිම – කඩුලු 3ක් දැවී ලකුණු 84 (පන්දුවාර 17.1): තාරක වඩුගේ 31, දර්ශන මහවත්ත 22*, බුද්ධික සඳරුවන් 3/29


ලංකන් ක්‍රිකට් සමාජය හා කළුතර නගර සමාජය අතර තරඟය

පනාගොඩ දී පැවැත්වූනු මෙම තරගයේ කාසියේ වාසිය ජයගත් ලංකන් ක්‍රිකට් සමාජය පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙම තරඟයෙන් ලංකන් ක්‍රිකට් සමාජය කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් විය.

තෙවන දිනය ආරම්භයේ දි තම දෙවන ඉණිම දියත් කල කළුතර නගර සමාජ ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 23ක් ලබාගෙන සිටියහ. කළුතර නගර සමාජය ඉණිමක පරාජයෙන් ගලවාගන්නට විශාල වෙහෙසක් දැරූ නිපුණ ගමගේ 4 පහර 3ක් සමඟ ලකුණු 38ක් ලබා ගත්තේය. එසේ එම ඉණිමට එකදු අර්ධ ශතකයක් හෝ ලබා ගැනීමට අපහසු වන ලෙස පන්දුව පතිත කල රජීව වීරසිංහ හා නවීන් කවිකාර කඩුලු 4 බැගින් දවාලන ලදි.

අනතුරුව තම දෙවන ඉණිම ක්‍රීඩා කල ලංකන් ක්‍රිකට් සමාජයට ලකුණු 22ක් තම ජයග්‍රහණය සඳහා අවශ්‍ය විය. එය පන්දුවාර 4ක් ඇතුළත ලඟාකර ගන්නට ඔවුහු සමත් වූහ.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  – කඩුලු 9ක් දැවී ලකුණු 446 (පන්දුවාර 91): මදුරංග සොයිසා 203, ලාල් කුමාර් 107, අනීක් හසන් 56, යොහාන් රශ්මික 5/137

කළුතර නගර සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 82.3): යොහන් ද සිල්වා 68, තරිදු සිරිවර්ධන 52, නවීන් කවිකාර 4/76  

කළුතර නගර සමාජ දෙවන ඉණිම (F/O) – සියල්ලන්ම දැවී ලකුණු 178 (පන්දුවාර 55.1): නිපුණ ගමගේ 38, සුලාන් ජයවර්ධන 32, තරිදු සිරිවර්ධන 24, රජීව වීරසිංහ 4/60, නවීන් කවිකාර 4/70

ලංකන් ක්‍රිකට් සමාජ දෙවන ඉණිම – කිසිවෙකු නොදැවී ලකුණු 24 (පන්දුවාර 3.3): ලක්ෂාන් රොද්‍රිගෝ 13* , අනීක් හසන් 11*


පානදුර ක්‍රීඩා සමාජය හා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර තරඟය

පානදුර දී ක්‍රියාත්මක වූ මෙම උණුසුම්කාරී තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල පානදුර ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදෙන ලදි. එම තියුණු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුවද පළමු ඉණිමේ ජය පානදුර ක්‍රීඩා සමාජයට හිමිවිය.

දෙවන දිනය අවසානයේ තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 63ක් ලබාගෙන සිටි අතර ජයග්‍රහණය සඳහා ලකුණු 299ක ඉලක්කයක් තම දෙවන ඉණිමට තිලිණ කරන්නට පානදුර පිතිකරුවන් සමත් විය. එහිදී අරුණ ධර්මසේන නොදැවී ලකුණු 36*ක් ලබා ගන්නට සමත් විය. නමුත් තරගයේ පරාජයෙන් බේරිම සඳහා වරාය අධිකාරි සමාජය වේගවත් පිතිකරණයකට නොගොස් පළමු ඉණිමේ පරාජය විද දරාගත්තේය.

පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 306 (පන්දුවාර ): හසන්ත ප්‍රනාන්දු 84, සංජය චතුරංග 51, නිසල් රන්දික 44

වරාය අධිකාරි ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 210 (පන්දුවාර 69.1):  ඉශාන් රංගන 75, චාමිකර එදිරිසිංහ 40, ගයාන් සිරිසෝම 7/95

පානදුර ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු  202 dec (පන්දුවාර 65): අරුණ ධර්මසේන  36*, මාධව නිමේෂ් 30, චාමිකර එදිරිසිංහ  6/86

වරාය අධිකාරි දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 172 (පන්දුවාර 48): ගයාන් මනීෂාන් 38, ඉශාන් රංගන 37, ගයාන් සිරිසෝම 3/59


ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා කළුතර භෞතික සංස්කෘතික සමාජය අතර තරඟය

වැලිසර දී ආරම්භ වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. මෙම තරඟයෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජයට පළමු ඉණිමේ ජයක් හිමිවිය.

තෙවන දිනය ආරම්භයේ දී තම පිළිතුරු දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි නාවික හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 112ක් ලබාගෙන සිටි අතර ලකුණු 325ක් දක්වා තම දෙවන ඉණිම ඉදිරියට ගෙන යෑමට අර්ධ ශතක 4ක් එක්කරන්නට නාවික පිතිකරුවන් සමත් විය. එහි වැඩිම ලකුණු ලාභියා වීමට අමිත් එරන්ද සමත් වූයේ 4 පහර 9ක් හා මනරම් 6 පහර 6ක් ද සමඟිනි. ලකුණු 360ක දැවැන්ත ඉලක්කයක් තම ජයග්‍රහණය සඳහා කළුතර සමාජයට ඉලක්කය ලෙස ලකුණු පුවරුවේ සටහන් විය. ඔවුන් තරගයේ පරාජයෙන් බේරාගැනීමට කඩුල්ලේ රැදෙමින් ක්‍රීඩා කල අමිල බුද්ධික  ලකුණු 55*ක් ලබා ගැනීමට සමත් විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 258 පන්දුවාර 66):  සමීර සඳමාල් 79, අශාන් රණසිංහ 37, බුද්ධික හසරංග 33, කුසල් එදිරිසූරිය 33, රමේශ් සෙල්වරාජ් 3/42

කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී 224 (පන්දුවාර 75.5): රසික ප්‍රනාන්දු 44, ක්‍රිශාන් දිනිදු 40, දිලංක ආයුර්වට් 4/52,

නාවික හමුදා ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 325 dec (පන්දුවාර 77.2): අමිත් එරන්ද  97, බුද්ධික හසරංග 94, අශාන් රණසිංහ 58*,කුසල් එදිරිසූරිය 52*, රමේශ් සෙල්වරාජ්  2/32

කළුතර භෞතික සංස්කෘතික සමාජය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 165 (පන්දුවාර  43): අමිල බුද්ධික පීරිස් 55*, ෆහාඩ් බාබර් 36, දමිදු අශාන් 30, ඉශාන් අබේසේකර 2/48

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට