සිරිසෝම පානදුරට ඉණිමක ජයග්‍රහණයක් ගෙන එයි

724
SLC Premier League 2016/17 Tier B January 28th roundup

ශ්‍රී ලංකා අන්තර් සමාජ ක්‍රිකට් බිම උණුසුම් කරන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් අදියරේ තරග දෙකක් අද (28) අවසන් වූ අතර, අනෙක් තරග දෙක අද දෙවන දිනය සඳහා ක්‍රියාත්මක විය. අවසන් වූ තරගයෙන් පානදුර ක්‍රීඩා සමාජය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

වරාය අධිකාරිය පෙරමුණේ

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් තරග කිහිපයක් අද (27) පළමු දිනය සඳහා ආරම්භ වූ අතර එම සෑම තරගයකටම වර්ෂාවෙන් බාධා එල්ල විය. එනමුත් යොහාන් ද සිල්වා දිනය තුල වැඩිම ලකුණුලාභියා වෙමින් නොදැවී ලකුණු 81*ක් ලබා ගැනීමට සමත් විය.

ලංකන් ක්‍රිකට් සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය

ලංකන් ක්‍රිකට් සමාජයට පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා දෙමින් අවසන් වූ මෙම තරගය අවසන් වූ තරග අතුරෙන් ඉතාම තියුණු තරගය ලෙස නම් කර හැක. පොලිස් ක්‍රීඩා සමාජයට සමිත් දුශ්ශන්ත 4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 46ක් එක් කල අතර, ඔවුන්ගේ පළමු ඉණිම ලකුණු 118කට අවසන් වූයේ ලංකන් ක්‍රිකට් සමාජයට ලකුණු 41ක වාසියක් ද සහිතවයි.

එම දෙවන ඉණිම අවසන් වූ පසු ලකුණු 150ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි පොලිස් ක්‍රීඩා සමාජය වේගවත් පිතිකරණයක නිරත වෙමින් එම ඉලක්කය ලඟා කරගැනීමට සැරසුන ද, අවසානයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ලංකන් ක්‍රිකට් සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 64.5): මදුරංග සොයිසා 47, රාජිත රණවීර 18, චානක රුවන්සිරි 16, අසේල රංගන 4/17, සුවන්ජි මදනායක 3/55

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 47.3): සමිත් දුශ්ශන්ත 46, තරිදු ඩිල්ශාන් 23, නවීන් කවිකාර 5/41, රජීව වීරසිංහ 4/35

ලංකන් ක්‍රිකට් සමාජ දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 108 dec – අනීක් හසන් 28, ශසීන් ප්‍රනාන්දු 27, මංජුල ජයවර්ධන 2/29

පොලිස් ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – කඩුලු 2ක් දැවී ලකුණු 45 (පන්දුවාර 3.3): අසේල රංගන 33*


පානදුර ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරගය

පානදුර ක්‍රීඩා සමාජයට ඉණිමක හා ලකුණු 31ක ජයග්‍රහණයක් හිමිවූ මෙම තරගය පානදුර ක්‍රීඩා පිටියේදී  අවසන් විය. මෙම තරගයේ දී ගයාන් සිරිසෝම දැක්වූ දක්ෂතා කැපීපෙනුනි.

පානදුර ක්‍රීඩා සමාජයේ ලකුණු 309ක පළමු ඉණිමේ ඉලක්කය හඹායාමට පිටියට පැමිණි කුරුණෑගල තරුණ සමාජයේ පළමු ඉණිම වෙනුවෙන් ධනුෂ්ක ධර්මසිරිගේ ලකුණු 44 හැරෙන්නට වෙනත් සාර්ථක ලකුණක් එක් නොවීය. ලකුණු 178ක අවාසියක් ඇතිව නැවතත් තම දෙවන ඉණිම ඇරඹූ ඔවුන්ට එම ඉණිම හෝ සාර්ථක කරගැනීමට සිරිසෝම ඇතුළු පානදුර ක්‍රීඩා සමාජ පන්දු යවන්නනෝ අවස්ථාව ලබා නොදුන්හ. සිරිසෝම දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් තරගය පුරා ලකුණු 66කට කඩුලු 14ක් දවාලමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණි.

පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 309 (පන්දුවාර 60.3): අරුණ ධර්මසේන 90*, චාමර සිල්වා 49, මොහොමඩ් ශිල්මි 37, තිළිණ හේරත් 4/64

කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 131 (පන්දුවාර 45.5): ධනුෂ්ක ධර්මසිරි 44, දමිත් පෙරේරා 23, ගයාන් සිරිසෝම 7/42

කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 147 (පන්දුවාර 49): රුවන්ත ඒකනායක 58, හශාන් ප්‍රභාත් 50, ගයාන් සිරිසෝම 7/24


නාවික හමුදා ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර තරගය

උදෑසනම යොහාන් ද සිල්වා තම ඉණිම අවාසනාවන්ත ලෙස ලකුණු 96කට අවසන් කරගත් අතර, අනතුරුව තම පිළිතුරු පළමු ඉණිම දියත් කිරීමට පිටියට පැමිණි නාවික හමුදා ක්‍රීඩා සමාජයේ බුද්ධික හසරංග නොදැවී ලකුණු 57*ක් ලබාගෙන දිනය අවසානයේ කඩුල්ලේ රැදී සිටියි. ඔහු මේ වන විට මනරම් 4 පහර 8ක් තම ලකුණු ගොන්නට එකතු කරගෙන තිබෙන අතර, අනෙක් අන්තයෙන් ඉණිම සවිමත් කල මදුර මදුසංක 4 පහර 6ක් සමඟ ලකුණු 56ක් ලබාගෙන සිටියදී දැවීයන ලදි.

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම  දැවී  ලකුණු 260 (පන්දුවාර 93.2): යොහාන් ද සිල්වා 96, නිශාන් පෙරේරා 36, ඉශාන් රංගන 35, ඉශාන් අබේසේකර 3/58

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 143 (පන්දුවාර 50): බුද්ධික හසරංග 57*, මදුර මදුසංක 56, චාමිකර එදිරිසිංහ 2/29

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය වරාය අධිකාරි ක්‍රීඩා සමාජයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 117ක් පසුපසින් පසුවෙයි


කළුතර නගර සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ පළමු දිනය වූ ඊයේ (27) තරගය පැවැත්වීමට නොහැකි වූ අතර එම තරගයේ දෙවන දිනය අද ක්‍රියාත්මක විය. දිනය අවසානයේ තම පළමු පිළිතුරු ඉණිම ක්‍රීඩා කරමින් සිටින ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 78ක් ලබාගෙන සිටියි.

හොරණ ක්‍රීඩා පිටියේදී පළමුව පන්දුවට පහර දුන් කළුතර ක්‍රීඩා සමාජයට තම පළමු ඉණිම වෙනුවෙන් ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 147ක් පමණි. සුලාන් ජයවර්ධන 4 පහර 5 ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 30ක් ලබා ගැනීමට සමත් විය. මේ වන විට නොදැවී ක්‍රීඩා කරන රොස්කො තට්ටිල් නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 17*ක් ලබාගෙන සිටියි.

කළුතර ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 147 (44.1): සුලාන් ජයවර්ධන 30, මංගල කුමාර 24, අචිර එරංග 4/56, සහන් ජයවර්ධන 2/29

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ ) – කඩුලු 4ක් දැවී ලකුණු 78 (පන්දුවාර 20): රොස්කො තට්ටිල් 17*, උදයවංශ පරාක්‍රම 16, තරිදු සිරිවර්ධන 2/19

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට