NCC පැරදවූ CCC පිළ සුපිරි 8 වටයේ පෙරමුණට

189

ප්‍රිමියර් ලීග් දේශීය ක්‍රිකට් තරග වාරයේ A කාණ්ඩය නියෝජනය කරමින් සුපිරි 8 වටයේ සිව්දින තරග දෙකක් අද (31) නිමාවට පත්විය. එහිදී උණුසුම් තරගයකින් අනතුරුව NCC කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ CCC පිළ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

SSC පිළට දින තුනෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන ශක්තියෙන් පැවැත්වෙන දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තම තරගාවලිය වන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින්..

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වුනු මෙම තරගය අද නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවයි. එහිදී රාගම කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් කණ්ඩායම දිනෙත් තිමෝද්‍යය සහ තරංග පරණවිතානගේ ශතක දෙකේ ආධාරයෙන් ලකුණු 318ක් වැනි ඉහළ ලකුණක් කරා යාමට සමත් විය. නමුත් ඊට නොදෙවෙනි ආකාරයෙන් පිත්ත හැසිරවූ රාගම ක්‍රිකට් සමාජය කඩුලු 7කට ලකුණු 506ක් රැස් කරමින් තම ඉනිම අත්හිටුවන්නට තීරණය කළහ.

සුපිරි ඉනිමක නිරත වුනු ලහිරු මිලන්ත හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 144ක් ද, ජනිත් ලියනගේ හතරේ පහර 11ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 130ක් ද රැස් කළහ. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඩුලු 4ක් දවාලීය. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනවිට දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 146ක් ලබා සිටියහ. කෙසේ වෙතත් මෙම තරගයේ මුල් ඉනිමේ ජයග්‍රහණය විශිෂ්ට පිතිහරඹයක් ප්‍රදර්ශනය කල රාගම ක්‍රිකට් සමාජයට හිමිවිය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 318 (පන්දුවාර 101.5): දිනෙත් තිමෝද්‍යය 113, තරංග පරණවිතාන 109, සිතාර ගිම්හාන් 31, අමිල අපොන්සු 3/43, චතුර පීරිස් 3/57, නිලංක ප්‍රේමරත්න 2/84, ජනිත් ලියනගේ 2/32.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 506 (පන්දුවාර 183): ලහිරු මිලන්ත 144, ජනිත් ලියනගේ 130, රොෂේන් සිල්වා 86*, සමීර ද සොයිසා 52, ලහිරු තිරිමාන්න 46, නයන ප්‍රනාන්දු 21, චාමික කරුණාරත්න 4/120, රංගන හේරත් 2/93.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 146 (පන්දුවාර 40): දිනෙත් තිමෝද්‍යය 51, කිත්රුවන් විතානගේ 37, තරංග පරණවිතාන 36, අක්ෂු ප්‍රනාන්දු 3/82.


කොළඹ ක්‍රිකට් සමාජය සහ NCC අතර තරගය

කලක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමද නියෝජනය කල මැදපෙළ පිතිකරුවෙකු වන ඇන්ජෙලෝ පෙරේරා හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් රැස්කල ලකුණු 108 ඵල රහිත කරමින් කොළඹ ක්‍රිකට් සමාජය මෙම තරගයෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ අනුව සුපිරි 8 වටයේ තමන් සහභාගි වූ තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු සටහන් පෙරමුණ ගැනීමට ඔවුන් සමත්ව සිටියි.

CCC ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් NCC කණ්ඩායම ලකුණු 200කට තම සියලුම කඩුලු අහිමි කර ගත්හ. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල CCC පිතිකරුවන් රොන් චන්ද්‍රගුප්තගේ ශතකයේ පිහිටෙන් ලකුණු 293ක් කරා යාමට සමත් විය. ඒ අනුව මෙම තරගයේ වැඩි වාසිය CCC කණ්ඩායම සතුවූ අතර ඇන්ජෙලෝ පෙරේරා NCC දෙවන ඉනිම වෙනුවෙන් ශතකයක් රැස් කරමින් තම ක්‍රීඩා සමාජයේ බලාපොරොත්තු නැවත වරක් දැල්වීය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා CCC කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 240කි. එය හඹාගිය CCC පිතිකරුවන් එක් අවස්ථාවකදී ලකුණු 157කට කඩුලු 5ක් බිඳ වැටී තරමක් අසීරු තත්වයක පසුවූවත් කෙසේ හෝ අවසානයේ ජයග්‍රාහී සීමාව පසුකර යාමට සමත් විය. CCC දෙවන ඉනිම ගොඩ නැගීමට මාධව වර්ණපුර අර්ධ ශතකයකින් ද, වනිඳු හසරංග ලකුණු 46කින් ද ආධාර විය. තරගය පී. සරා ඕවල් පිටියේදී පැවැත්විණි.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 49): අනුක් ප්‍රනාන්දු 43, ලහිරු උදාර 40, තිමිර ජයසිංහ 34, හෂාන් උපේන්ද්‍ර 30, ලහිරු ගමගේ 4/52, උස්මාන් ඉශාක් 2/51, වනිඳු හසරංග 2/33.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 78.2): රොන් චන්ද්‍රගුප්ත 108, වනිඳු හසරංග 59, රොෂාන් අනුරුද්ධ 29, රවීන් සේයර් 25, තරිඳු කෞෂාල් 4/71, ලසිත් ඇඹුල්දෙණිය 4/110.

NCC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 332 (පන්දුවාර 85.3): ඇන්ජෙලෝ පෙරේරා 108, ජෙහාන් මුබාරක් 46, තිමිර ජයසිංහ 42, ෆර්වීස් මහරූෆ් 30, තරිඳු කෞෂාල් 22, අනුක් ප්‍රනාන්දු 22, උස්මාන් ඉශාක් 3/47, අශාන් ප්‍රියන්ජන් 2/42, ශාලුක සිල්වා 2/64.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 240 (පන්දුවාර 81.2): මාධව වර්ණපුර 54, රොන් චන්ද්‍රගුප්ත 41, වනිඳු හසරංග 46, ලසිත් අබේරත්න 42*, ලසිත් ඇඹුල්දෙණිය 5/85.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට