යශෝධගේ යෝධ ඉනිම ගාල්ලට බලාපොරොත්තු ගෙන එයි

529
SLC Premier League 2016/17 Tier B January 28th roundup

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දැවැන්තම තරගාවලියක් වන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තරග 7ක් අද (28) ක්‍රියාත්මක විය. එහිදී දිනෙත් තිමෝද්‍යය, තරංග පරණවිතාන පැතුම් මධුසංක වැනි පිතිකරුවන් ශතක රැස්කල අතර දිනයේ සුපිරිම ප්‍රහාරකයා බවට පත්වන්නට ලකුණු 167ක් රැස්කල යශෝධ ලංකා සමත් විය. මෙහි දැක්වෙන මුල් තරග 4 සුපිරි 8 වටයේ සිව්දින තරග ලෙස ක්‍රියාත්මක වන අතර, ඉතිරි තරග 3 මූලික වටයේ තුන්දින තරග ලෙස ක්‍රියාත්මක වේ.

වර්ෂාවේ බාධා කිරීම් හමුවේ යශෝධ ලංකා සාර්ථක පිතිකරණයක

දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින් සොයා යන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම අද (27) වර්ෂාව හේතුවෙන් තරමක් නිවී ගියේය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

අද ආරම්භ වුනු සිව්දින තරගයක් වූ මෙහි කාසියේ වාසිය දිනාගත් රාගම ක්‍රිකට් සමාජයේ තීරණය වූයේ ප්‍රථමයෙන් පන්දු යැවීමයි. ඒ අනුව ඉනිම ආරම්භ කළ ටැමිල් යූනියන් පිතිකරුවන් ප්‍රථම දිනය නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 269ක් රැස් කිරීමට සමත් විය. ටැමිල් යූනියන් පිළ වෙනුවෙන් දිනෙන් තිමෝද්‍යය හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 113ක් ද, තරංග පරණවිතාන හතරේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 104ක් ද රැස් කළහ.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 269 (පන්දුවාර 82): දිනෙත් තිමෝද්‍යය 113, තරංග පරණවිතාන 104*, සිතාර ගිම්හාන් 31, නිලංක ප්‍රේමරත්න 2/63.


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය

කෝල්ට්ස් ක්‍රීඩා පිටියේදී අද ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය SSC පිළට හිමිවිය. ඒ අනුව ඔවුන් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී යුධ හමුදා පිළට හිමිකර දුන් අතර ඔවුන් සියලු දෙනාම දැවී ලකුණු 228ක් රැස් කිරීමට සමත් විය. දිල්හාන් ද සොයිසා ලකුණු 74යි. පන්දු යැවීමේදී සචිත්‍ර සේනානායක කඩුලු 4ක් දවාලීය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන SSC ක්‍රීඩකයින් කඩුලු 3ක් දැවී ලකුණු 58ක් ලබාගෙන සිටියි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 67.3): දිල්හාන් ද සොයිසා 74, සීක්කුගේ ප්‍රසන්න 40, දුශාන් විමුක්ති 31, කසුන් මධුශංක 3/29, දසුන් ශානක 2/41, සචිත්‍ර සේනානායක 4/43.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 58 (පන්දුවාර 20): මිනෝද් භානුක 28.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් කණ්ඩායමේ ආරාධනයට අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් පිතිකරුවන්ට සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 150ක් පමණි. කෝල්ට්ස් පිතිකරුවන් සම්පූර්ණයෙන්ම අසරණ කල අරෝෂ් ජනෝද ලකුණු 38කට කඩුලු 7ක් දවාලීය. මේ වනවිට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන හලාවත පිතිකරුවෝ කඩුලු 5ක් දැවී ලකුණු 96ක් ලබා සිටිති.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 150 (පන්දුවාර 46.5): සදීර සමරවික්‍රම 29, ප්‍රභාත් ජයසූරිය 26, අකිල ධනංජය 24, අරෝෂ් ජනෝද 7/38, ඉසුරු උදාන 2/27.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 96 (පන්දුවාර 31): මහේල උඩවත්ත 27, විදුර අධිකාරි 21, අකිල ධනංජය 3/05.


කොළඹ ක්‍රිකට් සමාජය සහ NCC අතර තරගය

CCC ආරාධනයට අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් NCC පිතිකරුවන් සිය ප්‍රථම ඉනිම සඳහා සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ හරියටම ලකුණු 200ක් පමණි. පන්දු යැවීමේදී ලහිරු ගමගේ කඩුලු 4ක් බිඳ හෙලීය. මේ වනවිට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා ආසන්නයටම පැමිණ සිටින CCC ක්‍රීඩකයින් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 154ක් ලබාගෙන සිටියි. තරගය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 49): අනුක් ප්‍රනාන්දු 43, ලහිරු උදාර 40, තිමිර ජයසිංහ 34, හෂාන් උපේන්ද්‍ර 30, ලහිරු ගමගේ 4/52, උස්මාන් ඉශාක් 2/51, වනිඳු හසරංග 2/33.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 154 (පන්දුවාර 40): රොන් චන්ද්‍රගුප්ත 74*, රොෂාන් අනුරුද්ධ 22*.


ගාලු ක්‍රිකට් සමාජය සහ BRC අතර තරගය

ඊයේ ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාලු ක්‍රිකට් සමාජය මුලින් පිතිකරණයේ යෙදෙමින් ලකුණු 407ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය. ඊයේ දිනයේ නොදැවී අර්ධ ශතකයක් වාර්තා කරගෙන සිටි දකුණත් පිතිකරු යශෝධ ලංකා අද එය ශතකයක් බවට පරිවර්තනය කර ගනිමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 167ක් රැස් කළේය. පන්දු යැවීමේදී දිනුක හෙට්ටිආරච්චි ගාලු පිතිකරුවන් සත් දෙනෙකුම දවාලීය. මේ වනවිට ගාලු ඉනිම හඹා යමින් සිටින BRC ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 110ක් ලබා සිටියි.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 407 (පන්දුවාර 126.5): යශෝධ ලංකා 167, දිල්හාන් කුරේ 82, දමිත හුණුකුඹුර 39, දිනුක හෙට්ටිආරච්චි 7/158.

BRC – එක් කඩුල්ලක් දැවී ලකුණු 110 (පන්දුවාර 27): භානුක රාජපක්ෂ 48*, ලිසුල ලක්ෂාන් 36*.


බදුරලිය ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

BRC පිටියට ඇදහැලුණු අධික වර්ෂාපතනය නිසා ඊයේ දිනයේ එකදු පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ මෙම තරගයේ දෙවන දිනය අද ක්‍රියාත්මක විය. එහිදී මුලින් පන්දුවට පහර දුන් බදුරලිය ක්‍රීඩා සමාජය පැතුම් මධුසංකගේ ශතකයේ ආධාරයෙන් තම ප්‍රථම ඉනිම ලකුණු 302ක් දක්වා ඉහළ දමා ගන්නට සමත් විය. ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 302 (පන්දුවාර 91.4): පැතුම් මධුසංක 110, ශෙහාන් ප්‍රනාන්දු 39, දිලේශ් ගුණරත්න 32, නුවන් කරුණාරත්න 27, නදීර නාවෙල 23, සුරාජ් රන්දිව් 3/107, කසුන් රාජිත 3/78.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – කිසිවෙකු නොදැවී ලකුණු 9 (පන්දුවාර 4)


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

ඊයේ දිනයේ පැවති වර්ෂාව නිසා පන්දුවාර 13කට පමණක් සීමාවූ මෙම තරගයේ දෙවන දිනය අද බාධාවකින් තොරව පවත්වන්නට හැකි විය. එහිදී මුලින් පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 152ක් පමණි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන මුවර්ස් ක්‍රීඩා සමාජය දෙවැනි දිනය නිමාවන විට කඩුලු 4ක් දැවී ලකුණු 250ක් ලබාගෙන ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තහවුරු කරගෙන සිටියි.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 152 (පන්දුවාර 49.3): තිරාන් ධනපාල 30, විනෝද් පෙරේරා 29, ලහිරු ජයකොඩි 20, ප්‍රමෝද් මධුවන්ත 3/05, නිලංක සඳකැන් 2/47.

මුවර්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 250 (පන්දුවාර 64): පබසර වඩුගේ 72, ශනුක දුලාජ් 56, ප්‍රමෝද් මධුවන්ත 35*, ප්‍රිමෝශ් පෙරේරා 31, මලිත් ද සිල්වා 2/88.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට