කිත්රුවන්, සහන් සහ දිමුත් ප්‍රථම දිනයේදීම ශතක අතරට

669
SLC Premier League 2016/17 TIer A

දේශීය ක්‍රීඩා පිටිය උණුසුම් කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තවත් තරග 7ක් අද (20) ආරම්භ විය. එහිදී සුපිරි 8 වටය නියෝජනය කරමින් සිව්දින තරග 4ක් ද, මුල් වටයේ තෙදින තරග 3ක් ද ක්‍රියාත්මක විය.

රොස්කෝ තට්ටිල්ගෙන් ගුවන් හමුදාවට සුපිරි ආරම්භයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරඟ කිහිපයක්ම අද (20) ආරම්භ විය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

අද කෝල්ට්ස් පිටියේදී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් CCC නායක අශාන් ප්‍රියන්ජන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට හිමිකර දුන්නේය. ඒ අනුව ඔවුන් ප්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 377කි. කලක් ජාතික කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් ලද වමත් පිතිකරු කිත්රුවන් විතානගේ හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 130ක් රැස් කළේය. මෙය සුපිරි 8 වටයේ තරගයක් ලෙස ක්‍රියාත්මක විය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 377 (පන්දුවාර 87.3): කිත්රුවන් විතානගේ 130, මනෝජ් සරත්චන්ද්‍ර 63, ජීවන් මෙන්ඩිස් 40, තරංග පරණවිතාන 30, ලහිරු මධුශංක 4/77, ලහිරු ගමගේ 3/83.

සිංහල ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කාසියේ වාසිය සිංහල ක්‍රීඩා සමාජයට හිමිවුනු මෙම තරගය අද කටුනාය‍ක දී ආරම්භ විය. ඒ සුපිරි 8 වටයේ තරගයක් ලෙසිනි. එහිදී ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීම තෝරාගත් SSC පිළ ප්‍රථම දිනය වෙනුවෙන් තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 275ක් ලබාගෙන සිටියි. සුපිරි පිතිකරණයක යෙදුනු දිමුත් කරුණාරත්න හතරේ පහර 15ක් සමඟින් ලකුණු 125ක් රැස් කළේය.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 275 (පන්දුවාර 80): දිමුත් කරුණාරත්න 125, දසුන් ශානක 59, කවිඳු කුලසේකර 38, දිල්රුවන් පෙරේරා 4/70, ප්‍රභාත් ජයසූරිය 2/59.


NCC සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

රාගම ක්‍රිකට් සමාජය මේ වන විට දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටින මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් NCC පිතිකරුවෝ සියලු දෙනාම දැවී ලකුණු 265ක් රැස් කළහ. එය හඹායන රාගම ක්‍රීඩකයින් ප්‍රථම දිනය නිමාවෙද්දී කඩුලු 6ක් දැවී ලබාගෙන සිටින්නේ ලකුණු 43ක් පමණි. මෙම තරගය සුපිරි 8 වටයේ තවත් තරගයක් ලෙස ක්‍රියාත්මක වේ.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 265 (පන්දුවාර 62): තිමිර ජයසිංහ 37, ඇන්ජෙලෝ පෙරේරා 59, චතුරංග ද සිල්වා 83, චතුර පීරිස් 4/60, අමිල අපොන්සු 2/72, තිලක්ෂ සුමනසිරි 2/29

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 43 (පන්දුවාර 21): ෆර්වීස් මහරූෆ් 2/14.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

සුපිරි 8 වටයේ තවත් තරගයක් ලෙස මෙය කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ විය. එහිදී කාසියේ වාසිය දිනාගත් මේරියන්ස් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර ඔවුන්ගේ ලකුණු පුවරුව 190ක් ලෙස සටහන් විය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන යුධ හමුදා ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 65ක් ලබා සිටියි.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 61.2): මහේල උඩවත්ත 52, අශේන් සිල්වා 52, සචිත්‍ර සේරසිංහ 33, නලීන් ප්‍රියදර්ශන 4/61

යුධ හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 65 (පන්දුවාර 27): අරෝෂ් ජනෝද 2/09.


ගාලු ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

බ්ලූම්ෆීල්ඩ් පිටියේදී අද ආරම්භ වුනු තුන්දින තරගයක් වන මෙහි කාසියේ වාසිය ගාලු පිළට හිමිවිය. ඒ අනුව පිතිකරණය තෝරාගත් ඔවුන් ප්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 301ක් රැස් කළහ. ඒ වෙනුවෙන් දමිත හුණුකුඹුර හතරේ පහර 13ක් සමඟින් ලකුණු 97ක් රැස් කළත් ශතකය අවාසනාවන්ත ලෙස අහිමි වී ගියේය. ලකුණු  ප්‍රථම දිනය නිමාවෙද්දී පිලිතුරු ඉනිම වෙනුවෙන් එක් පන්දුවාරයකට මුහුණ දුන් සැරසන්ස් පිතිකරුවන් කිසිදු ලකුණක් නොලබා තම කඩුලු 10 ආරක්ෂා කරගෙන සිටියි.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 301 (පන්දුවාර 86.3): දමිත හුණුකුඹුර 97, නිලුශාන් නෝනිස් 65, මින්හාජ් ජලීල් 40, ශාලික කරුණානායක 34, චතුර රන්දුනු 3/80, කසුන් රාජිත 2/57.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – කිසිවෙකු නොදැවී ලකුණු 0 (පන්දුවාර 1)


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ BRC අතර තරගය

තුන්දින තරගයක් වූ මෙහි කාසියේ වාසිය බ්ලූම්ෆීල්ඩ් පිළට හිමිවුණු අතර ඔවුන් මුලින් පන්දුවට පහර දෙමින් කඩුලු 8කට ලකුණු 290ක් ලබා සිටියි. අද දිනයේ තම ශතකය අවාසනාවට කැපකල තවත් පිතිකරුවෙකු වන බ්ලූම්ෆීල්ඩ් නායක නිපුන් කරුණානායක හතරේ පහර 11ක් සමගින් ලකුණු 98ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේය. තරගය පනාගොඩ යුධ හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 290 (පන්දුවාර 92): නිපුන් කරුණානායක 98, නිසල් ෆ්‍රැන්සිස්කෝ 79, විනෝද් පෙරේරා 31, දිනුක හෙට්ටිආරච්චි 5/95, ටී. එම්. සම්පත් 2/72.


බදුරලිය ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

දින තුනේ තරගයක් ලෙස BRC පිටියේදී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය මුවර්ස් ක්‍රීඩා සමාජයට හිමිවිය. ඔවුන්ගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බදුරලිය ක්‍රීඩා සමාජය දිනය නිමාවීමට ආසන්නව තිබියදී සියල්ලන්ම දැවී ලකුණු 300ක් ලකුණු පුවරුව මත සටහන් කළේය. බදුරලිය පිළ වෙනුවෙන් අගනා පිති හරඹයක නියැලුණු සහන් විජේරත්න හතරේ පහර හතරේ පහර 9ක් සමඟින් ලකුණු 102ක් රැස් කළේය.

බදුරලිය ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 300 (පන්දුවාර 88.1): සහන් විජේරත්න 102*, සාලිය සමන් 38, නිමන්ද මධුසංක 31, විශ්ව විජේරත්න 27, දිලංක සඳකැන් 5/52.

මෙම සියලුම තරග හෙට දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට