හලාවත මේරියන්ස් සහ සිංහල ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කරයි

808
SLC Premier League 2016/17 Tier A January 16th roundup

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් විශිෂ්ට ක්‍රීඩකයින් නිර්මාණය කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ අද (16) නිමාව දුටු තරග සංඛ්‍යාව 5කි. එහිදී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ලකුණු 378ක ජයක් හිමි කරගත් අතර සිංහල ක්‍රීඩා සමාජය කඩුලු 5කින් තම ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

පසුගිය ලිපි: ශෙහාන් ජයසූරියගෙන් නොදැවී ලකුණු 218ක්

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගය

වමත් පිතිකරු ශෙහාන් ජයසූරිය හතරේ පහර 27ක් සහ එක් හයේ පහරක් සමගින් රැස්කල ලකුණු 237 නිසා ඔහු නියෝජනය කරන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට මෙම තරගයෙන් ලකුණු 378ක දැවැන්ත ජයක් හිමිවිය. මීට අමතරව හලාවත පිළ වෙනුවෙන් වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර තරගය පුරාවට බ්ලූම්ෆීල්ඩ් කඩුලු 7ක් බිඳ හෙලමින් එම ජයග්‍රහණය පහසු කළේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 291 (පන්දුවාර 60.5)
අරෝෂ් ජනෝද 80, ශෙහාන් ජයසූරිය 49, මහේල උඩවත්ත 38, සචිත්‍ර සේරසිංහ 25, ලහිරු ප්‍රනාන්දු 6/93, විනෝද් පෙරේරා 2/30, මලිත් ද සිල්වා 2/48.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 53.2)
අදීශ නානායක්කාර 32, මලින්ද පුෂ්පකුමාර 5/78, සචිත්‍ර සේරසිංහ 3/29, මධූක ලියනපතිරණගේ 2/20.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 437 (පන්දුවාර 81.1)
ශෙහාන් ජයසූරිය 237, මහේල උඩවත්ත 63, සචිත්‍ර සේරසිංහ 55, රෝහිත් දමෝදරන් 35, ශශ්‍රීක පුස්සෙගොල්ල 3/139.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 54.4)
ලහිරු ජයකොඩි 70, විනෝද් පෙරේරා 35, නිපුන් කරුණානායක 33, මධූක ලියනපතිරණගේ 5/86, ශෙහාන් ජයසූරිය 2/12, මලින්ද පුෂ්පකුමාර 2/80.


ගාලු ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු මෙම තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් සිංහල ක්‍රීඩා සමාජය සතුවිය. අද දිනයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 62ක පහසු ඉලක්කයක් හඹා ගිය SSC පිතිකරුවන් පන්දුවාර 14කදී එම ඉලක්කය පසුකර යාමට සමත් විය. SSC පිළ වෙනුවෙන් ප්‍රථම ඉනිමේදී හතරේ පහර 21ක් සමගින් ලකුණු 148ක් රැස්කල මිනෝද් භානුක මෙම ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. මීට අමතරව පරාජිත ගාලු ක්‍රිකට් සමාජය වෙනුවෙන් මින්හාජ් ජලීල් හතරේ පහර 19ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 144ක් රැස් කළේය.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 128 (පන්දුවාර 59.1)
දිල්හාන් කුරේ 50, තරිඳු රත්නායක 4/25, සචිත්‍ර සේනානායක 2/30, විමුක්ති පෙරේරා 2/35.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 379 (පන්දුවාර 92.5)
මිනෝද් භානුක 148, චරිත් අසලංක 76, දසුන් ශානක 50, රුවන් හේරත් 3/44, රොෂාන් ජයතිස්ස 3/93, චලන ද සිල්වා 2/91.

ගාලු ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 312 (පන්දුවාර 70.4)
මින්හාජ් ජලීල් 144, පවන් ඩයස් 30, සචිත්‍ර සේනානායක 2/70, තරිඳු රත්නායක 3/104, රමේෂ් මෙන්ඩිස් 2/02.

සිංහල ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 66 (පන්දුවාර 14.1)

කවිඳු කුලසේකර 23*, රොෂාන් ජයතිස්ස 3/28.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

අද NCC පිටියේදී නිමාව දුටු මෙම තරගයේදී ක්‍රිකට් පිටියේදී කලාතුරකින් දැකිය හැකි ආකාරයේ සිදුවීමක් වාර්තා විය. ඒ ජය පරාජයෙන් තොරව නිමාවූ මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ලකුණු සංඛ්‍යාවන් පවා සමාන වීමයි. ඒ අනුව මෙම තරගයේදී ප්‍රථම ඉනිමේ ජයග්‍රාහකයෙකු බිහි නොවීය.

මුලින් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සියල්ලන්ම දැවී ලබාගත් ලකුණු 366ට පිලිතුරු ලෙස රාගම ක්‍රීඩකයින් ද සියලු දෙනාම දැවී ලකුණු 366ක් ලකුණු පුවරුවේ සටහන් කළහ. රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් උදාර ජයසුන්දර හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 144ක් රැස් කල අතර මේ දිනවල සුපිරි රිද්මයක පසුවන සදීර සමරවික්‍රම කෝල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ප්‍රථම ඉනිමේ ලකුණු 96ක් සහ දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 112ක් රැස් කිරීමට සමත් විය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 366 (පන්දුවාර 113.4)
සදීර සමරවික්‍රම 96, අකිල ධනංජය 92, ප්‍රභාත් ජයසූරිය 79, විශාද් රන්දික 53, අමිල අපොන්සු 7/85.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 366 (පන්දුවාර 115.4)
උදාර ජයසුන්දර 144, ලහිරු තිරිමාන්න 70, රොෂේන් සිල්වා 65, නිසල තාරක 5/70, ඉශාන් ජයරත්න 3/63, අකිල ධනංජය 2/103.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 170 (පන්දුවාර 34.3)
සදීර සමරවික්‍රම 112*, ඇන්ජෙලෝ ජයසිංහ 35*, චතුර පීරිස් 2/47.


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

මුවර්ස් පිටියේදී අද නිමාව දුටු මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා වූවත් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ලකුණු තුනකින් යුධ හමුදා ක්‍රීඩා සමාජය සතුවිය. ඒ වෙනුවෙන් දකුණත් පිතිකරු ලක්ෂිත මධුෂාන් හතරේ පහර 14ක් සමගින් ලකුණු 152ක් රැස් කරමින් යුධ හමුදාව වෙනුවෙන් දැවැන්ත සේවයක් ඉටු කළේය. අද යුධ හමුදා ක්‍රීඩා සමාජයට පූර්ණ තරග ජයග්‍රහණයක් වෙනුවෙන් ලකුණු 177ක් අවශ්‍ය වූවත් තෙවැනි දිනය නිමාවන විට ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 146ක් පමණි.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 358 (පන්දුවාර 87.2)
මිලින්ද සිරිවර්ධන 121, උමේෂ් කරුණාරත්න 49, හර්ෂ කුරේ 43, චතුර රන්දුනු 30, දුශාන් විමුක්ති 3/118, නලීන් ප්‍රියදර්ශන 2/41, විරාජ් පුෂ්පකුමාර 2/72.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 361 (පන්දුවාර 116.2)
ලක්ෂිත මධුශාන් 152, දුශාන් විමුක්ති 34, ඩිල්ශාන් ද සොයිසා 69, හිමාෂ ලියනගේ 24, සුරාජ් රන්දිව් 6/85, කසුන් රාජිත 2/92.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 179 (පන්දුවාර 23) සංගීත් කුරේ 78*, දෙනුවන් රාජකරුණා 37, දුශාන් විමුක්ති 3/72.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 146 (පන්දුවාර 44) දුශාන් විමුක්ති 55, ලක්ෂිත මධුශාන් 43, සුරාජ් රන්දිව් 3/35.


කොළඹ ක්‍රිකට් සමාජය සහ BRC අතර තරගය

ජය පරාජයෙන් තොරව නිමාවුනු මෙම තරගයේ CCC පිළ ලබාගත් ලකුණු 326ට පිලිතුරු ලෙස ලකුණු 465ක් රැස්කල BRC කණ්ඩායම ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. තරගය පුරාවට ශතක ලාභීන් තිදෙනෙකු බිහිවුණු අතර CCC පිළ වෙනුවෙන් ඩිල්ශාන් මුණවීර ලකුණු 191ක් ද, රොන් චන්ද්‍රගුප්ත නොදැවී ලකුණු 102ක් ද රැස් කළේය. මීට අමතරව BRC පිළ වෙනුවෙන් ටී. එම්. සම්පත් ලකුණු 123ක් ද රැස් කළේය.

Photos: CCC v BRC – SLC Premier League Tier ‘A’ Tournament

Photos of the Colombo Club Cricket v Burgher Recreation Club – SLC Premier League Tier ‘A’ Tournament 2016/17

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 326 (පන්දුවාර 72.1)
ඩිල්ශාන් මුණවීර 191, වනිඳු හසරංග 33, රොන් චන්ද්‍රගුප්ත 28, දිනුක හෙට්ටිආරච්චි 6/137, ඇන්ඩි සොලමන්ස් 3/70.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 465 (පන්දුවාර 118.4)
ලිසුල ලක්ෂාන් 45, ලසිත් ලක්ෂාන් 61, ටී. එම්. සම්පත් 123, ඇන්ඩි සොලමන්ස් 63, රුමේෂ් බුද්ධික 44, හර්ෂ විතාන 51, ශාලුක සිල්වා 3/86, වනිඳු හසරංග 2/57.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 222 (පන්දුවාර 61) රොන් චන්ද්‍රගුප්ත 102*, ලසිත් අබේරත්න 41, නෙරංජන වන්නිආරච්චි 2/57, හශාන් රාමනායක 2/22.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට