සචිත්‍ර සහ විදුර හලාවතට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන එයි

173
SLC Premier League 2016/17 tier A February 6th roundup

දේශීය ක්‍රිකට් පිටිය අතිශයින්ම කාර්‍යබහුල කරවන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග 7ක් අද (06) දෙවැනි දිනයට ක්‍රියාත්මක විය. එහිදී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ලකුණු 189ක නොබිඳුණු සබඳතාවයක් ගොඩ නැගූ සචිත්‍ර සේරසිංහ සහ විදුර අධිකාරි තම ක්‍රීඩා සමාජයට තරගය ජය ගැනීමට වැඩි ඉඩකඩක් නිර්මාණය කර දුන්හ. මෙහි දැක්වෙන මුල් තරග 4 සුපිරි 8 වටයේ සිව්දින තරග ලෙසද ඉතිරි තරග 3 මූලික වටයේ තුන්දින තරග ලෙසද ක්‍රියාත්මක වේ.

හයේ වරුසාවකින් රුමේෂ් BRC ඉනිමට ශක්තියක් වෙයි

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තවත් තරග 7ක් අද (5) ආරම්භ විය. එහි දී සුපිරි 8 වටය නියෝජනය කරමින් සිව්දින තරග 4ක් ද, මුල් වටයේ තෙදින තරග 3ක් ද ක්‍රියාත්මක විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

හෙට දිනයේ තව තවත් උණුසුම් විය හැකි මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය හලාවත මේරියන්ස් පිළ සතු වූයේ ලකුණු 23කිනි. අද CCC ප්‍රථම ඉනිම ලකුණු 190කට සීමා කිරීමට අරෝෂ් ජනෝද සහ මලින්ද පුෂ්පකුමාර කඩුලු 3 බැගින් බිඳ හෙලමින් දායකත්වය දැක්වූහ. මේ වනවිට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය CCC කණ්ඩායමට වඩා ලකුණු 237ක් ඉදිරියෙන් පසුවන්නේ කඩුලු 8ක් අතැතිවයි. මේ වනවිට තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 189ක නොබිඳුණු සබඳතාවයක් පිහිටුවා සිටින සචිත්‍ර සේරසිංහ (93*) සහ විදුර අධිකාරි (87*) පන්දුවට පහර දෙන ආකාරය අනුව හෙට දිනයේදී ශතක අතරට පිවිසීමට බොහෝදුරට ඉඩ ඇත.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 55): මධූක ලියනපතිරණගේ 40, රුක්ෂාන් ශෙහාන් 35, මලින්ද පුෂ්පකුමාර 35, ලහිරු ගමගේ 4/65.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 53.5): මාධව වර්ණපුර 71, වනිඳු හසරංග 35, ඩිල්ශාන් මුණවීර 33, අරෝෂ් ජනෝද 3/19, මලින්ද පුෂ්පකුමාර 3/51, ඉසුරු උදාන 2/39.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 214 (පන්දුවාර 67): සචිත්‍ර සේරසිංහ 93*, විදුර අධිකාරි 87*.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ NCC අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය නිමාවට පත්වන විට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ප්‍රබල NCC කණ්ඩායම සමත් විය. NCC ඉනිම ලකුණු 307ක් වැනි ඉහළ ලකුණක් කරා රැගෙන ගිය ඇන්ජෙලෝ පෙරේරා හතරේ පහර 5ක් සමගින් ලකුණු 71ක් රැස් කළේය. කෝල්ට්ස් පිළ වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වුනු දිල්රුවන් පෙරේරා කඩුලු 6ක් දවාලීය. දෙවැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන කෝල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 5ක් අතැතිව NCC ප්‍රථම ඉනිමට වඩා ලකුණු 34ක් ඉදිරියෙන් පසුවේ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 192 (පන්දුවාර 54): ප්‍රියමාල් පෙරේරා 43, සදීර සමරවික්‍රම 35, අකිල ධනංජය 33, ලසිත් ඇඹුල්දෙණිය 6/63

NCC – සියල්ලන්ම දැවී ලකුණු 307 (පන්දුවාර 80.3): ඇන්ජෙලෝ පෙරේරා 71, අනුක් ප්‍රනාන්දු 62, තිමිර ජයසිංහ 54, රමිඳු ද සිල්වා 51, දිල්රුවන් පෙරේරා 6/82, නිසල තාරක 3/87.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 149 (පන්දුවාර 48): සදීර සමරවික්‍රම 64, පසිඳු ලක්ශංක 32.


රාගම ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට සාර්ථක පිතිකරණයක යෙදෙන SSC කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 332ක් ලබා සිටියි. ඒ රාගම ක්‍රිකට් සමාජය සිය මුල් ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 220ට ප්‍රතිචාර වශයෙනි. පන්දුවත් පිත්තත් එකලෙස හුරු සචිත්‍ර සේනානායක අද SSC ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 77ක් රැස් කළේය. මේ වනවිට SSC පිළ රාගම ක්‍රිකට් සමාජයට වඩා ලකුණු 112ක් ඉදිරියෙන් පසුවේ.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 220 (පන්දුවාර 68.3): අක්ෂු ප්‍රනාන්දු 94, ලහිරු මිලන්ත 40, විමුක්ති පෙරේරා 5/33, කසුන් මධුශංක 3/51.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 332 (පන්දුවාර 107): සචිත්‍ර සේනානායක 77, කෞෂාල් සිල්වා 74, කවිඳු කුලසේකර 42, තරිඳු රත්නායක 32*, කසුන් මධුශංක 24, රමේෂ් මෙන්ඩිස් 21, චතුර පීරිස් 2/72, සහන් නානායක්කාර 2/94.


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය මුල් ඉනිමට රැස්කල ලකුණු 174ට පිලිතුරු ලෙස අද යුධ හමුදා පිළ සියල්ලන්ම දැවී ලකුණු 383ක් SSC ලකුණු පුවරුවේ සටහන් කිරීමට සමත් විය. සාර්ථක පිතිහරඹයක යෙදුනු ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 77ක් ද, සීක්කුගේ ප්‍රසන්න ලකුණු 69ක් රැස් කරමින් ඒ සඳහා ප්‍රබල දායකත්වයක් සැපයීය. ටැමිල් යූනියන් පිළ වෙනුවෙන් ජීවන් මෙන්ඩිස් ලකුණු 97කට කඩුලු 5ක් බිඳ හෙලීය. මේ වනවිට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ටැමිල් යූනියන් පිතිකරුවන් යුධ හමුදාවට වඩා ලකුණු 137ක් පිටුපසින් සිටින්නේ කඩුලු 7ක් අතැතිවයි.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 174 (පන්දුවාර 43): දිනෙත් තිමෝද්‍යය 35, චාමික කරුණාරත්න 61, යශෝධ මෙන්ඩිස් 4/55, සීක්කුගේ ප්‍රසන්න 3/46.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 383 (පන්දුවාර 107.1): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 77, සීක්කුගේ ප්‍රසන්න 69, ඩිල්ශාන් ද සොයිසා 59, ලක්ෂිත මධුශාන් 53, නවෝද් ඉලුක්වත්ත 41, දුශාන් විමුක්ති 39, ජීවන් මෙන්ඩිස් 5/97, ප්‍රමෝද් මධුශාන් 2/95, ‍රමිත් රඹුක්වැල්ල 3/117.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 72 (පන්දුවාර 25): මනෝජ් සරත්චන්ද්‍ර 33*.


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ගාලු ක්‍රිකට් සමාජය අතර තරගය

ගාලු ක්‍රිකට් සමාජයට මේ වනවිටත් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය හිමිවී තිබෙන මෙම තරගයේ ප්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ගාලු ක්‍රිකට් සමාජය කඩුලු 9ක් දැවී ලකුණු 310ක් ලබා සිටියදී ඉනිම අත් හිටුවීමට තීරණය කළහ. ඒ වෙනුවෙන් මින්හාජ් ජලීල් හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 77ක් රැස් කළේය. මේ වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන මුවර්ස් ක්‍රීඩා සමාජය ගාලු ප්‍රථම ඉනිමට වඩා ලකුණු 109ක් පසුපසින් සිටින්නේ කඩුලු 9ක් අතැතිවයි.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 175 (පන්දුවාර 68.2): පබසර වඩුගේ 83, රොෂාන් ජයතිස්ස 3/40, චතූපම ගුණසිංහ 2/53

ගාලු ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 310 (පන්දුවාර 91): මින්හාජ් ජලීල් 77, දමිත හුණුකුඹුර 50, ශාලික කරුණානායක 40, නිලුශාන් නෝනිස් 39, නවිඳු විතානගේ 20*, සහන් අදීශ 3/28, දිලංක සඳකැන් 2/36, සචිත්‍ර පෙරේරා 2/79.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 26 (පන්දුවාර 16).


බදුරලිය ක්‍රීඩා සමාජය සහ BRC අතර තරගය

BRC පිළ තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු 357 හඹායමින් සිටින බදුරලිය පිතිකරුවෝ දෙවැනි දිනය නිමාවන විට කඩුලු 8ක් දැවී ලකුණු 272ක් ලබා සිටිති. යම් හෙයකින් බදුරලිය ක්‍රීඩා සමාජයට BRC ප්‍රථම ඉනිම ඉක්මවා යාමට නම් මේ වනවිට නොදැවී ලකුණු 38ක් ලබාගෙන සිටින පැතුම් මධුසංක හෙට දිනයේදී ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යාම අත්‍යවශ්‍ය වේ.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 357 (පන්දුවාර 93.3); රුමේෂ් බුද්ධික 133, හර්ෂ විතාන 61, හශේන් රාමනායක 48*, ලිසුල ලක්ෂාන් 41, දිලේශ් ගුණරත්න 4/78, දුවිඳු තිලකරත්න 3/83.

බදුරලිය ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 272 (පන්දුවාර 86):
සාලිය සමන් 66, සහන් විජේරත්න 42, පැතුම් මධුසංක 38*, නදීර නාවෙල 36, නිමන්ද මධුශංක 31, විශ්ව විජේරත්න 22, තිලකරත්න සම්පත් 5/67, දිනුක හෙට්ටිආරච්චි 2/90.


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය සැරසන්ස් ක්‍රීඩා සමාජයට හිමිවී ඇති මෙම තරගයේ දෙවැනි දිනය අද කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක විය. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ලකුණු 207කට දැවී ගිය අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කල සැරසන්ස් පිතිකරුවන් ලකුණු 351ක් රැස් කිරීමට සමත් වූහ. ඒ වෙනුවෙන් හතරේ පහර 12ක් සමගින් ලකුණු 95ක් රැස්කල හර්ෂ කුරේ ශතකය පෙනි පෙනී දැවී යාම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් බවට පත්විය. මේ වනවිට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් කඩුලු 4ක් දැවී ලකුණු 135ක් රැස් කරගෙන සැරසන්ස් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 9ක් පිටුපසින් පසුවේ.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 26): සචින් ද අල්විස් 35, ලහිරු ජයකොඩි 34, නිපුන් කරුණානායක 34, සුරාජ් රන්දිව් 5/65, කසුන් රාජිත 3/71.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 351 (පන්දුවාර 86.2): හර්ෂ කුරේ 95, මිලින්ද සිරිවර්ධන 67, සංගීත් කුරේ 62, කෞශල්‍ය ගජසිංහ 34*, මලිත් ද සිල්වා 6/120, ටනීශ වීරකෝන් 3/56.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 135 (පන්දුවාර 35): නිපුන් කරුණානායක 68, ලහිරු ජයකොඩි 38, කසුන් රාජිත 2/47. 7.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට