හයේ වරුසාවකින් රුමේෂ් BRC ඉනිමට ශක්තියක් වෙයි

1182
SLC Premier League 2016/17 Tier A February 5th roundup

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තවත් තරග 7ක් අද (5) ආරම්භ විය. එහි දී සුපිරි 8 වටය නියෝජනය කරමින් සිව්දින තරග 4ක් ද, මුල් වටයේ තෙදින තරග 3ක් ද ක්‍රියාත්මක විය. එහි දී රුමේෂ් බුද්ධික ලකුණු 133ක් සමඟින් ලබාගත් ශතකය BRC කණ්ඩායමේ පළමු ඉනිම සඳහා විශාල ශක්තියක් විය.

ජයග්‍රහණය ශ්‍රී ලංකාවට; සුරංග සම්පත් අංක එකට

න්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම…

මුල් වටයේ තෙදින තරග,

BRC කණ්ඩායම හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය

පනාගොඩ යුධ හමුදා පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල BRC කණ්ඩායම පළමුව පන්දුවට පහර දී දිනය අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 348ක් රැස් කර ගන්නා ලදි. එහි දී රුමේෂ් බුද්ධික ලකුණු 133ක් ලබා ගැනීමට සමත් වූයේ 4 පහර 10ක් හා 6 පහර 6ක් වාර්තා කරමිනි. බදුරලිය සමාජය වෙනුවෙන් දිලීශ ගුණරත්න හා දුවිදු තිලකරත්න කඩුලු 3 බැගින් දවාලමින් දස්කම් දැක්විය.

BRC කණ්ඩායම පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) 348/8 (90): රුමේෂ් බුද්ධික 133, හර්ෂ විතාන 61, ලිසුල ලක්ෂාන් 41, රාමනායක 39*, දිලීශ ගුණරත්න 3/71, දුවිදු තිලකරත්න 3/83


බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය හා සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කෝල්ට්ස් පිටියේ දී කාසියේ වාසිය ජය ගත් සැරසන්ස් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දුන් අතර, ඔවුන් ලකුණු 207ක් තම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගන්නා ලදි. එහි දී සචා ද අල්විස් 4 පහර 6ක් සමඟ ලකුණු 35ක් ලබාගත් අතර, දඟ පන්දු යවන සුරාජ් රන්දිව් කඩුලු 5ක් දවා ගන්නා ලදි.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සැරසන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැදී සිටින වමත් පිතිකරු මිලින්ද සිරිවර්ධන ලකුණු 61*ක් ලබාගෙන සිටින්නේ 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟිනි.

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 207 (56): සචා ද අල්විස් 35, ලහිරු ජයකොඩි 34, නිපුන් කරුණානායක 34, සුරාජ් රන්දිව් 5/64, කසුන් රාජිත 3/71

සැරසන්ස් ක්‍රීඩා සමාජය (පළමු දිනය අවසානයේ) – 169/3 (34): මිලින්ද සිරිවර්ධන 61*, ගිහාන් කුරේ 47*, මලිත් ද සිල්වා 3/38


මුවර්ස් ක්‍රීඩා සමාජය හා ගාලු ක්‍රිකට් සමාජය අතර තරගය

මුවර්ස් ක්‍රීඩා සමාජය මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ලදි. මුවර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පබසර වඩුගේ 4 පහර 9ක් සමඟින් ලකුණු 83ක් ලබාගෙන සාර්ථක ආරම්භක අඩිතාලමක් සකස් කල ද, එය දිගටම පවත්වා ගෙන යාමට මුවර්ස් පිතිකරුවන් අපොහොසත් විය. තම පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ගාලු ක්‍රීඩා සමාජය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට දමිත හුනුකුඹුර සමත් වූයේ 4 පහර 10ක් තම සන්තකයේ තබාගෙනයි.

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 175 (68.2): පබසර වඩුගේ 83, රොශාන් ජයතිස්ස 3/40, චතූපම ගුණසිංහ 2/53

ගාලු ක්‍රීඩා සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 75/1 (19): දමිත හුනුකුඹුර 50, මොහොමඩ් ජලීල් 19*, සචිත්‍ර පෙරේරා 1/1


සුපිරි 8 වටයේ තරග,

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා කොළඹ  ක්‍රිකට් සමාජය අතර තරගය

කාසියේ වාසිය දිනූ කොළඹ ක්‍රිකට් සමාජය තම පිළිතුරු පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 122ක් ලෙස ලකුණු පුවරුව සනිටුහන් කල මෙම තරගය මග්ගොන සරේ පිටියේ දී පැවැත්විය.

හලාවත මේරියන්ස් පළමු ඉනිම වෙනුවෙන් තම වගකීම් උපරිමයෙන් ඉටු කල මදුක ලියනපතිරනගේ ලකුණු 40ක් ලබා ගත්තේ 4 පහර 6ක් වාර්තා කරමිනි. ලහිරු ගමගේ දක්ෂ ලෙස පන්දු යවමින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන මාධව වර්ණපුර 4 පහර 5ක් හා එක් 6ක් සමඟ ලකුණු 46*ක ලබාගෙන අර්ධ ශතකය ආසන්නයේ සිටියි.

හලාවත මේරියන්ස් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 213 (55): මදුක ලියනපතිරනගේ 40, රුක්ෂාන් ශෙහාන් 35, මලිදු පුෂ්පකුමාර 35, ලහිරු ගමගේ 4/65

කොළඹ ක්‍රිකට් සමාජය (පළමු දිනය අවසානයේ) – 122/5 (32): මාධව වර්ණපුර 46*, ඩිල්ශාන් මුණවීර 33, අරෝශ් ජනෝද 2/14


රාගම ක්‍රිකට් සමාජය හා සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ දී ආරම්භ පිතිකරු අක්ශු ප්‍රනාන්දු රාගම ක්‍රීඩා සමාජය වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් 4 පහර 11ක් හා එක් 6ක් සමඟ ලකුණු 94ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී යන ලදි. එහි දී විමුක්ති පෙරේරා කඩුලු 5ක් දවාලූ අතර, පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් කෞෂාල් සිල්වා නොදැවී ලකුණු 19*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටියි.

රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 220 (68.3): අක්ශු ප්‍රනාන්දු 94 , ලහිරු මිලන්ත 40, විමුක්ති පෙරේරා 5/33

සිංහල ක්‍රීඩා සමාජය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 54/2 (17): කෞෂාල් සිල්වා 19*, චරිත් අසලංක 8*


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

SSC පිටියේ දී පළමු දිනය අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. දකුණත් පිතිකරු චාමික කරුණාරත්න 4 පහර 9ක්  හා දැවැන්ත 6 පහරක් සමඟින් ලබාගත් මෙම ලකුණු 61 මත ටැමිල් යූනියන් පළමු ඉණිම මුළුමනින් රැදී තිබිණි. යසෝද මෙන්ඩිස් ලකුණු 55කට කඩුලු 4ක් දවාලමින් ටැමිල් යූනියන් පිතිකරුවන් අසරණ කරවීය.

යුධ හමුදා පළමු පිළිතුරු ඉනිම වෙනුවෙන් කේන් ෆැන්සිස්කෝ 4 පහර 9ක් සමඟ ලකුණු 63*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටියි.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජ පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 174 (43): චාමික කරුණාරත්න 61, දිනෙත් තිමෝද්‍ය 35, යසෝද මෙන්ඩිස් 4/55, සීකුගේ ප්‍රසන්න 3/46

ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 157/1 (45): කේන් ෆැන්සිස්කෝ 63*, විරාජ් මදුෂාන් 53, දුශාන් විමුක්ති 35*, රමිත් රඹුක්වැල්ල 1/47


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා NCC අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී කාසියේ වාසිය ජය ගත් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දී ලකුණු 192ක් තම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් අතර, එම ඉනිමට ප්‍රියමාල් පෙරේරා 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 43ක් ලබා ගත්තේය. වමතින් පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 6ක් දවාලන ලදි.

පිළිතුරු NCC ඉනිමට රමිදු සිල්වා ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වෙද්දී, පළමු දිනය තුලම දිල්රුවන් පෙරේරා කඩුලු 3ක් තම කඩුලු ගොන්නට එක් කර ගැනීමට සමත් විය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 192 (54): ප්‍රියමාල් පෙරේරා 43, සධීර සමරවික්‍රම 35, අකිල ධනංජය 33, ලසිත් ඇඹුල්දෙණිය 6/63

NCC පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 130/4 (පන්දුවාර 34): රමිදු ද සිල්වා 51, ඇන්ජලෝ පෙරේරා 42*, දිල්රුවන් පෙරේරා 3/31

මෙම තරග සියල්ල හෙට දෙවන දිනය සඳහා ද (6) ක්‍රියාත්මකයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට