පානදුරේ ලසිත් ප්‍රනාන්දු නොදැවී 100*

417
SLC Premier League 2016/17 Tier B January 24th roundup

කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය ඊයේ (23) ආරම්භ වූයේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් එක් තරගයක් ලෙසිනි. එම තරගයේ දෙවන දිනය තුල ලසිත් ප්‍රනාන්දු තම 8 වන ශතකය සම්පූර්ණ කරගෙන ලකුණු 100*ක් සමඟින් කඩුල්ලේ රැදීසිටියි.

දේශප්‍රියගෙන් හා විමලධර්මගෙන් අර්ධ ශතක

කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය අද (23) ආරම්භ වූයේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ…

කඩුලු 8ක් දැවී ලකුණු 362ක් ලබා සිටියදී දෙවන දිනයට තරගය ආරම්භ වූ අතර, එයට තවත් ලකුණු 38ක් එක්වෙද්දී එම ඉණිමට තිත තැබීමට පානදුර ක්‍රීඩා සමාජ පන්දු යවන්නන්ට හැකිවිණි. එහිදී ගයාන් සිරිසෝම කඩුලු 7ක් දවාලමින් යළිත් තමාගේ විශිෂ්ට දස්කම් දැක්විය.

කාසියේ වාසිය තමන් සතුකරගත් පානදුර ක්‍රීඩා සමාජය පළමු පිළිතුරු ඉණිම ආරම්භ කල අතර දෙවන දිනය අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 180ක් ලබාගෙන තරගය දෙපසට දෝලනය වන තැනකට තරගය මේ වන විට රැගෙනවිත් තිබේ.

කෙසේ වෙතත් මෙවන් ලකුණු ප්‍රමාණයක් පානදුර පිටියේදී ලබා ගැනීමට අවශ්‍ය බලය මෙන්ම, කඩුලු අතර සබඳතාවය ගොඩනැංවීමට අවශ්‍ය අඩිතාලම මුල සිටම සකස් කිරීමට දකුණතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරු ලසිත් ප්‍රනාන්දු සමත් වූ අතර ඔහු වර්ණවත් 4 පහර 14ක් සමඟින් පළමු පෙළ තරගවල තම 8 වන ශතකය අද සම්පූර්ණ කරගත්තේය.

ලකුණු 74ට කඩුලු 2ක් දැවී තිබියදී පිටියට පැමිණි හසන්ත ප්‍රනාන්දු සමඟින් එක්වූ ලසිත්  වර්ෂාවෙන් තරගය නවතා දමන විට තෙවන කඩුල්ල සඳහා නොදැවී ලකුණු 106*ක සබඳතාවයක් මේ වන විටත් ගොඩනංවා අවසන්ය. තම අර්ධ ශතකය අභියස සිටින දකුණත් පිතිකරු හසන්ත ප්‍රනාන්දු 4 පහර 5ක් හා එක් 6 පහරක් දැනටමත් මෙම ඉණිමට එක් කර අවසන් අතර දිනය අවසානයේ දි ඔහු නොදැවී ලකුණු 47*ක් ලබාගෙන ලසිත් සමඟින් කඩුල්ලේ රැදීසිටියි.

කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 390 (පන්දුවාර 103): මනෝජ් දේශප්‍රිය 89, කාවින්ද විමළධර්ම 87, අමල් පීරිස් 77, දමිදු අශාන් 67, ගයාන් සිරිසෝම 7/131, නිමේෂ් කාරියවසම් 2/74

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 180 (පන්දුවාර  45): ලසිත් ප්‍රනාන්දු 100*, හසන්ත ප්‍රනාන්දු 47*

පානදුර ක්‍රීඩා සමාජය කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 210ක් පසුපසින් පසුවෙයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට