ගයාන්, තිලිණ සහ කල්‍යාණ කඩුලු පිපාසයට තිත තබයි

315
SLC Premier League - Tier B

“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරග කිහිපයකම දෙවන දිනය අද ක්‍රියාත්මක වූ අතර ඊයේ මෙන් මෙම තරඟ වලටත් විටින් විට කාලගුණයෙන් බාධා එල්ල විය. අද දිනය නිමා වන විට ගයාන් සිරිසෝම කඩුලු 7ක් ද, තිලිණ හේරත් හා කල්‍යාණ රත්නප්‍රිය කඩුලු 8ක් දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

පසුගිය ලිපි: ලංකන් ක්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජයක්

කළුතර නගර සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර තරඟය

කළුතර දී ඊයේ (28) ආරම්භ වූ මෙම තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල කළුතර නගර සමාජය පළමුව පන්දුවට පහර දෙන ලදි. දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරන වරාය අධිකාරි ක්‍රීඩා සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 301ක් ලබාගෙන සිටියි.

පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරන වරාය අධිකාරි ක්‍රීඩා සමාජය කිසිවෙකු නොදැවී ලකුණු 2ක් ලබාගෙන සිටි අතර වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අද දිනය පුරාවටම පිතිකරණයේ නිරත වෙමින් තම පළමු ඉණිමට ලකුණු 301ක් ලබාගෙන තව තවත් ලකුණු පුවරුව ශක්තිමත් කර ගන්නා ලදි. ඒ වෙනුවෙන් වෙහෙස වූ යොහාන් ද සිල්වා දක්ෂ පිතිකරණයක නිරත වෙමින් 4 පහර 9ක් හා දැවැන්ත 6 පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 143*ක් රැස්කර ගැනීමට සමත් විය. කවිදු පෙරේරා කළුතර නගර සමාජය වෙනුවෙන් ලකුණු 40කට කඩුලු 4ක් දවාගන්නා ලදි.

කළුතර නගර සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 66.5): ලහිරු ජයවර්ධන 38, යසිත සිල්වා 30, චාමිකර එදිරිසිංහ 4/40, ලක්ප්‍රිය විජේසිරිවර්ධන 3/23

වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමු ඉණිම  (දෙවන දිනය අවසානයේ දී)- කඩුලු 5ක් දැවී ලකුණු  301 (පන්දුවාර 78): යොහාන් ද සිල්වා නොදැවී 143, ධනංජය ගුණතිලක 71, ප්‍රශාන් වික්‍රමසිංහ 44, කවිදු පෙරේරා 4/82

වරාය අධිකාරි ක්‍රීඩා සමාජය කළුතර නගර සමාජයේ පළමු ඉණිමට වඩා ලකුණු 145ක් ඉදිරියෙන් පසුවෙයි.


පොලිස් ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරඟය

ඊයේ (28) කටුනායක දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. දිනය අවසානයේ දී තම දෙවන ඉණිම ක්‍රීඩා කරන පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 40ක් ලබාගෙන සිටියි.

පළමු දිනය අවසානයේ දී පොලිස් ක්‍රීඩා සමාජය තම පළමු ඉණිමට කඩුලු 2ක් දැවී ලකුණු 35ක් ලබාගෙන සිටි අතර, එතැන් සිට අද (29) දිනයට තරඟය ආරම්භ විය. මහේෂ් ප්‍රියදර්ශන තම ඉණිම ලකුණු 42ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් වූ අතර, එම ලකුණුද සමඟින් පොලිස් ක්‍රීඩා සමාජය වාර්තා කල ලකුණු සංඛ්‍යාව 148ක්.

අනතුරුව ලකුණු 39ක අවාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල කුරුණෑගල තරුණ සමාජය වෙනුවෙන් අනුරුද්ධ රාජපක්ෂ ලකුණු 31ක් ලබා ගන්නා ලදි. සුපිරි පන්දු යැවීමක නිරත වූ කල්‍යාණ ප්‍රනාන්දු ලකුණු 36ක් තුල කුරුණෑගල තරුණ සමාජයේ කඩුලු 8ක් දවාලන ලදි. අවසානයේ ඔවුන්ට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 134ක් පමණි.

තම දෙවන ඉණිම ආරම්භ කල පොලිස් ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය සඳහා ලකුණු 96ක් ලබා ගැනීමට නියමිතව ඇති අතර, තරගයේ දෙවන දිනය අවසානයේ ඔවුන්ට තවත් ජයග්‍රහණයක පෙරනිමිත්තක් පහළ කරගැනීමට හැකිවිණි.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 109 (පන්දුවාර 40.5): රුවන්ත ඒකනායක  43, සුවන්ජි මදනායක 3/17

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 63.3): මහේෂ් ප්‍රියදර්ශන 42, මනෝජ් ප්‍රනාන්දු 25, තිලිණ හේරත් 8/48

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 134 (පන්දුවාර 37): අනුරුද්ධ රාජපක්ෂ 31, ධනුෂ්ක ධර්මසිරි 30, කල්‍යාණ රත්නප්‍රිය 8/36

පොලිස් ක්‍රීඩා සමාජය දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 40 (පන්දුවාර 12): අකිල ලක්ෂාන් 22, දර්ශන මහවත්ත 2/15

පොලිස් ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 56ක් අවශ්‍ය වේ.


ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරඟය

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කාසියේ වාසිය ජයග්‍රහණය කර නමුත් ප්‍රතිවාදී පානදුර ක්‍රීඩා සමාජයට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කරන ලදි. දෙවන දිනය අවසානයේ දී තම දෙවන ඉණිම ක්‍රීඩා කරන ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 61ක් ලබාගෙන සිටියි.

දිනය ආරම්භයේ දී තම ප්‍රථම ඉණිමට කඩුලු 4ක් දැවී ලකුණු 235ක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩා සමාජය සමත් විය. එම ඉණිමට තවත් ලකුණු 85ක් එක්වෙද්දී ඔවුන්ගේ ඉණිම අවසන් කිරීමට බුද්ධික සඳරුවන් ඇතුළු ගුවන් හමුදා පන්දු යවන්නන් සමත් විය. නිසල් රන්දික දක්ෂ පිතිකරණය නිරත වෙමින් ලකුණු 94ක් රැස්කර ගන්නා ලදි.

තම පිළිතුරු පළමු ඉණිම දියත් කල ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 137ක් පමණි. රංග දිසානායක ලකුණු 33යි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගයාන් සිරිසෝම යලිත් කඩුලු 7ක් දවා ගන්නා ලදී.

ගුවන් හමුදා දෙවන ඉණිමට රොස්කො තට්ටිල් නොදැවී ලකුණු 27*ක් ලබාගෙන ඉණිමක පරාජයෙන් තම කණ්ඩායම ‍බේරාගැනීමට ඉවසිලිමත්ව පිතිකරණයේ නිරත වෙමින් සිටියි.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 320 (පන්දුවාර 55): නිසල් රන්දික 94, මාධව නිමේෂ්  58, මිශේන් සිල්වා 44, බුද්ධික සඳරුවන් 4/64

ශ්‍රී ලංකා ගුවන් හමුදා පළමු ඉණිම – ලකුණු 137  (පන්දුවාර 34.4): රංග දිසානායක 33, ලක්ෂාන් ප්‍රනාන්දු 28, ගයාන් සිරිසෝම 7/56, නිමේෂ් විමුක්ති 1/20

ශ්‍රී ලංකා ගුවන් හමුදා දෙවන ඉණිම (F/O) (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 4ක් දැවී ලකුණු 61 (පන්දුවාර 19): රොස්කො තට්ටිල් නොදැවී 27, ලසිත් ප්‍රනාන්දු 3/28

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ඉණිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 122ක් ලබාගත යුතුව ඇත.

මෙම තරගයට සවස් කාලයේදී ආලෝක තත්ත්වය ප්‍රමාණවත් නොවූ නිසා තරඟය නියමිත වේලාවට පෙර අවසන් විය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට