සචිත්‍රගේ ද්විත්ව ශතකයෙන් හලාවතට දැවැන්ත ජයක්

358
SLC Premier League 2016/17 Tier A

දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ටයින් සොයා යන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවති තරග 7ක් අද (07) නිමාව දිටීය. එහිදී දිනයේ කැපී පෙනෙන චරිතය බවට පත්වුනු හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ දකුණත් මැදපෙළ පිතිකරු සචිත්‍ර සේරසිංහ තම ක්‍රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කළේය.

සචිත්‍ර සහ විදුර හලාවතට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන එයි

දේශීය ක්‍රිකට් පිටිය අතිශයින්ම කාර්‍යබහුල කරවන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග 7ක් අද (06) දෙවැනි දිනයට ක්‍රියාත්මක විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 366ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිවුණු මෙම තරගය පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ සුවිශේෂීම සිදුවීම බවට පත්වූයේ හලාවත දෙවැනි ඉනිමේදී සචිත්‍ර සේරසිංහ සහ විදුර අධිකාරි තෙවැනි කඩුල්ල වෙනුවෙන් එක්කල ලකුණු 227ක දැවැන්ත සබඳතාවයි.

ඒ සඳහා සචිත්‍ර සේරසිංහ හතරේ පහර 21ක් සමඟින් ලකුණු 207කින් ආධාර වූ අතර විදුර අධිකාරි හතරේ පහර 6ක් සමඟින් ලකුණු 101ක් රැස් කළේය. මෙය සචිත්‍ර සේරසිංහගේ මංගල ද්විත්ව ශතකයයි. එමෙන්ම හලාවත කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් සුපිරි දක්ෂතා ප්‍රකට කල මලින්ද පුෂ්පකුමාර තරගය පුරාවට ලකුණු 109කට කඩුලු 10ක් බිඳ හෙලීය. මෙම ජයග්‍රහණයත් සමඟින් හලාවත පිළ සුපිරි 8 වටයේ මුහුණ දුන් තරග 3ම ජයගෙන ලකුණු සටහනේ පෙරමුණ රැකගන්නට සමත් විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 55): මධූක ලියනපතිරණගේ 40, රුක්ෂාන් ශෙහාන් 35, මලින්ද පුෂ්පකුමාර 35, ලහිරු ගමගේ 4/65.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 53.5): මාධව වර්ණපුර 71, වනිඳු හසරංග 35, ඩිල්ශාන් මුණවීර 33, අරෝෂ් ජනෝද 3/19, මලින්ද පුෂ්පකුමාර 3/51, ඉසුරු උදාන 2/39.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 461 (පන්දුවාර 124.2): සචිත්‍ර සේරසිංහ 207, විදුර අධිකාරි 101, රුක්ෂාන් ශෙහාන් 44, තික්ෂිල ද සිල්වා 28, ඉසුරු උදාන 20, අශාන් ප්‍රියන්ජන් 3/57.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 27.1): රවින් සේයර් 26, මලින්ද පුෂ්පකුමාර 7/58, ඉසුරු උදාන 2/15.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ NCC අතර තරගය

කටුනාය‍කදී පැවති මෙම තරගයේ ජයග්‍රහණය කඩුලු 6කින් ප්‍රබල NCC පිළ සතුවිය. තරගය පුරාවට කෝල්ට්ස් පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කල ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 125කට කඩුලු 10ක් දවාලීය. පිත්තෙන් සාර්ථක වූ ඇන්ජෙලෝ පෙරේරා ප්‍රථම ඉනිමේ ලකුණු 71ක් සහ දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 29ක් රැස් කළේය. දිල්රුවන් පෙරේරා ද කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පාමින් කඩුලු 6ක් බිඳ හෙලීය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 192 (පන්දුවාර 54): ප්‍රියමාල් පෙරේරා 43, සදීර සමරවික්‍රම 35, අකිල ධනංජය 33, ලසිත් ඇඹුල්දෙණිය 6/63.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 307 (පන්දුවාර 80.3): ඇන්ජෙලෝ පෙරේරා 71, අනුක් ප්‍රනාන්දු 62, තිමිර ජයසිංහ 54, රමිඳු ද සිල්වා 51, දිල්රුවන් පෙරේරා 6/82, නිසල තාරක 3/87.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 222 (පන්දුවාර 69.5): සදීර සමරවික්‍රම 64, පසිඳු ලක්ශංක 32, ප්‍රියමාල් පෙරේරා 45, විශාද් රන්දික 33, ජෙහාන් මුබාරක් 4/29, ලසිත් ඇඹුල්දෙණිය 4/62.

NCC (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 111 (පන්දුවාර 23.1): ලහිරු උදාර 45, ඇන්ජෙලෝ පෙරේරා 29*, අකිල ධනංජය 2/37, දිල්රුවන් පෙරේරා 2/54.


රාගම ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර තරගය

ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය සඳහා හලාවත මේරියන්ස් කණ්ඩායමට කරට කර සටනක් ලබාදෙන සිංහල ක්‍රීඩා සමාජය අද මෙම තරගය කඩුලු 8කින් ජය ගත්තේය. අක්ෂු ප්‍රනාන්දු රාගම ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 94ක් රැස් කළත් එය තම ක්‍රීඩා සමාජය පරාජයෙන් ගලවා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවීය. තරග ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 33ක ඉලක්කයක් හඹාගිය SSC පිතිකරුවන් කඩුලු 2කින් අදාළ ඉලක්කය සපුරාගෙන සුපිරි 8 වටයේ තෙවැනි ජයග්‍රහණයේ පහස විඳගත්හ.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 220 (පන්දුවාර 68.3): අක්ෂු ප්‍රනාන්දු 94, ලහිරු මිලන්ත 40, විමුක්ති පෙරේරා 5/33, කසුන් මධුශංක 3/51.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 389 (පන්දුවාර 122.5): සචිත්‍ර සේනානායක 77, කෞෂාල් සිල්වා 74, කවිඳු කුලසේකර 42, තරිඳු රත්නායක 32*, කසුන් මධුශංක 24, රමේෂ් මෙන්ඩිස් 21, චතුර පීරිස් 2/84, සහන් නානායක්කාර 2/94.

රාගම ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී 201 (පන්දුවාර 56.1): ලහිරු මිලන්ත 63, චතුර පීරිස් 59, සහන් නානායක්කාර 26, සචිත්‍ර සේනානායක 3/46, විමුක්ති පෙරේරා 2/58, කසුන් මධුශංක 2/65.

සිංහල ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 35 (පන්දුවාර 4.4): දිමුත් කරුණාරත්න 17, අමිල අපොන්සු 2/14.


ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

යුධ හමුදා ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 30ක දැවැන්ත ජයක් හිමිවුණු මෙම තරගය කොළඹ SSC පිටියේදී පැවැත්විණි. ප්‍රතිවාදී ටැමිල් යූනියන් පිළට ඉනිම දෙකේදීම තම පිතිකරණ රිද්මය හඳුනාගත නොහැකි වූ අතර යුධ හමුදාව ප්‍රථම ඉනිමේදීම ලකුණු 383ක් රැස් කරමින් මුල සිටම තරගයේ වාසිය සියතට ගත්හ. යුධ හමුදාව වෙනුවෙන් ලියෝ ෆ්‍රැන්සිස්කෝ පිත්තෙන් ලකුණු 77ක් රැස්කල අතර යශෝධ මෙන්ඩිස් තරගය පුරාවට කඩුලු 7ක් බිඳ හෙලීය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 174 (පන්දුවාර 43): දිනෙත් තිමෝද්‍යය 35, චාමික කරුණාරත්න 61, යශෝධ මෙන්ඩිස් 4/55, සීක්කුගේ ප්‍රසන්න 3/46.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 383 (පන්දුවාර 107.1): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 77, සීක්කුගේ ප්‍රසන්න 69, ඩිල්ශාන් ද සොයිසා 59, ලක්ෂිත මධුශාන් 53, නවෝද් ඉලුක්වත්ත 41, දුශාන් විමුක්ති 39, ජීවන් මෙන්ඩිස් 5/97, ප්‍රමෝද් මධුශාන් 2/95, ‍රමිත් රඹුක්වැල්ල 3/117.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 179 (පන්දුවාර 52.2): මනෝජ් සරත්චන්ද්‍ර 52, චාමික කරුණාරත්න 50, නලීන් ප්‍රියදර්ශන 3/34, යශෝධ මෙන්ඩිස් 3/52, දුශාන් විමුක්ති 2/25.


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ගාලු ක්‍රිකට් සමාජය අතර තරගය

ජය පරාජයෙන් තොරව නිමාවුනු මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ගාලු ක්‍රිකට් සමාජයට හිමිවිය. මුවර්ස් ක්‍රීඩා සමාජය ප්‍රථම ඉනිමට රැස්කල ලකුණු 175ට පිලිතුරු ලෙස ගාලු පිතිකරුවන් ලකුණු 310ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමට සමත් විය. දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මුවර්ස් පිතිකරුවන් කඩුලු 5ක් දැවී ලකුණු 238ක් රැස් කරගෙන සිටියහ.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 175 (පන්දුවාර 68.2): පබසර වඩුගේ 83, රොෂාන් ජයතිස්ස 3/40, චතූපම ගුණසිංහ 2/53.

ගාලු ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 310 (පන්දුවාර 91): මින්හාජ් ජලීල් 77, දමිත හුණුකුඹුර 50, ශාලික කරුණානායක 40, නිලුශාන් නෝනිස් 39, නවිඳු විතානගේ 20*, සහන් අදීශ 3/28, දිලංක සඳකැන් 2/36, සචිත්‍ර පෙරේරා 2/79.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 238 (පන්දුවාර 99): රුවිඳු ගුණසේකර 55, ප්‍රිමෝශ් පෙරේරා 43, ප්‍රමෝද් මධුවන්ත 37, කෝසල කුලසේකර 33*, රජිත වික්‍රමාරච්චි 28*, ශානුක දුලාජ් 27.


බදුරලිය ක්‍රීඩා සමාජය සහ BRC අතර තරගය

අද ජය පරාජයෙන් තොරව නිමාවුනු තවත් තරගයක් වන මෙහි ප්‍රථම ඉනිමේ ජය ලකුණු 11ක් තරම් අඩු පරතරයකින් හිමිකර ගත්තේ BRC කණ්ඩායමයි. රුමේෂ් බුද්ධික හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් BRC ප්‍රථම ඉනිම බල ගැන්වීම ඒ සඳහා ප්‍රබල පිටිවහලක් විය. බදුරලිය ක්‍රීඩා සමාජය ලකුණු 71ට කඩුලු 4ක් බිඳ වැටී අසීරුතාවයකට පත්ව සිටියදී තම කණ්ඩායම පරාජයෙන් ගලවා ගත් පැතුම් මධුසංක නොදැවී ලකුණු 78ක් රැස් කළේය.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 357 (පන්දුවාර 93.3): රුමේෂ් බුද්ධික 133, හර්ෂ විතාන 61, හශේන් රාමනායක 48*, ලිසුල ලක්ෂාන් 41, දිලේශ් ගුණරත්න 4/78, දුවිඳු තිලකරත්න 3/83.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 346 (පන්දුවාර 121): සාලිය සමන් 66, සහන් විජේරත්න 42, පැතුම් මධුසංක 78*, නදීර නාවෙල 36, නිමන්ද මධුශංක 31, විශ්ව විජේරත්න 22, තිලකරත්න සම්පත් 5/81, දිනුක හෙට්ටිආරච්චි 3/106.

BRC (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 278 (පන්දුවාර 55): තිලකරත්න සම්පත් 68, චානක විජේසිංහ 50, ලිසුල ලක්ෂාන් 46, භානුක රාජපක්ෂ 33, ලසිත් ලක්ෂාන් 25, ඇන්ඩි සොලමන්ස් 20*, දුවිඳු තිලකරත්න 4/111.


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

ජය පරාජයෙන් තොරව නිමාවුනු මෙම තරගයේ මුල් ඉනිමේ ජයග්‍රහණය සැරසන්ස් ක්‍රීඩා සමාජය සතුවිය. ඒ සඳහා හර්ෂ කුරේ හතරේ පහර 12ක් සමඟින් රැස්කල ලකුණු 95 දැඩි ලෙස ආධාර විය. දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි සැරසන්ස් ක්‍රීඩා සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 49ක් රැස් කරගෙන සිටියහ.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 26): සචින් ද අල්විස් 35, ලහිරු ජයකොඩි 34, නිපුන් කරුණානායක 34, සුරාජ් රන්දිව් 5/65, කසුන් රාජිත 3/71.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 351 (පන්දුවාර 86.2): හර්ෂ කුරේ 95, මිලින්ද සිරිවර්ධන 67, සංගීත් කුරේ 62, කෞශල්‍ය ගජසිංහ 34*, මලිත් ද සිල්වා 6/120, ටනීශ වීරකෝන් 3/56.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 380 (පන්දුවාර 107.1): අදීශ නානායක්කාර 78, තිරාන් ධනපාල 70, නිපුන් කරුණානායක 68, ලහිරු ජයකොඩි 38, සචින් ජයවර්ධන 28, මලිත් ද සිල්වා 25*, විනෝද් පෙරේරා 23, කසුන් රාජිත 5/152, චතුර රන්දුනු 2/75.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 49 (පන්දුවාර 10): කෞෂල්‍ය ගජසිංහ 18*, සන්ගීත් කුරේ 13*, මලිත් ද සිල්වා 3/29.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට