මුවර්ස්, යුද, සී. සී. සී. සහ එන්. සී. සී. අවසන් පූර්ව වටයට

342

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට මුවර්ස්, යුද හමුදාව, සී. සී. සී. සහ එන්. සී. සී. කණ්ඩායම් අද (23) සුදුසුකම් ලබා ගත්හ.

මලියදේව පිතිකරණය රිච්මන්ඩ් ක්‍රීඩකයන් රිදවයි

මහා ක්‍රිකට් තරග උණුසුම ආරම්භ වීමත් සමඟ වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන තරගාවලියේ තරග කිහිපයක්ම අද (23) දිනත් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්විය. සිංගර් කුසලාන…

මුවර්ස් සහ ගාල්ල අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයේ දී මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 4කින් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනූ මුවර්ස් නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 131ක් පමණි. එම ලකුණු ප්‍රමාණය කඩුලු 6ක් පමණක් දැවී තවත් පන්දු 8ක් ඉතිරිව තිබිය දී පසු කිරීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

ගාලු ඉනිම වෙනුවෙන් සමීන් කඳනාරච්චි පන්දු 36කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේ ය. ඊට අමතර ව ආරම්භක පිතිකරු ලක්ෂාන් රොද්‍රිගෝ සහ කේ. කේ. කෙවින් ලකුණු 19ක් බැගින් ලබා ගත් හ.

Photos: Moors SC vs Galle CC | Major T20 Tournament 2018/19

පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යවන ශිරාන් ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු 3ක් ලබා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව අදීශ තිලාංචන කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිමේ දී මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් චාමර සිල්වා පන්දු 24කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ආරම්භක පිතිකරු පබසර වඩුගේ පන්දු 28කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 67කි. නායක ඉරෝෂ් සමරසූරිය පන්දු 20ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී රජීව වීරසිංහ ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

ගාල්ල ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 131 (20) ලක්ෂාන් රොද්‍රිගෝ 19, සමීන් කඳනාරච්චි 43, කේ. කේ. කෙවින් 19, ශිරාන් ප්‍රනාන්දු 3/25, අදීශ තිලාංචන 2/24

මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 6ක් දැවී 132 (18.4) පබසර වඩුගේ 31, චාමර සිල්වා 39, ඉරෝෂ් සමරසූරිය 24, රජීව වීරසිංහ 2/21

එකමුතුකමේ ශක්තිය ලොවට පෙන්වූ සිංහයින්ට ඓතිහාසික ජයක්!

අවසන් වතාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් දකුණු අප්‍රිකාව බලා පියාසර කරන්නේ ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයේ සිටිමිනි. මෙම සංචාරයට සහභාගි…

යුද හමුදාව සහ හලාවත මේරියන්ස් අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 51ක ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනූ හලාවත මේරියන්ස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් නායක සීක්කුගේ ප්‍රසන්න පන්දු 29කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේ ය. ඊට අමතරව අසේල ගුණරත්න පන්දු 26කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා ගන්නේ ය.

Photos: Army SC vs Chillaw Marians CC – Major T20 Tournament 2018/19

පන්දු යැවීමේ දී තික්ෂිල ද සිල්වා ලකුණු 35කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව චතුර රන්දුණු ද කඩුලු 2ක් දවා ගත්තේ ය.  

පිළිතුරු ඉනිමේ දී තික්ෂිල ද සිල්වා පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 38ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ජනක් සම්පත් සහ සික්කුගේ ප්‍රසන්න කඩුලු 3 බැගින් ලබා ගත් හ.

යුද හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 8ක් දැවී 173 (20) අසේල ගුණරත්න 40, හිමේෂ ලියනගේ 30, සීක්කුගේ ප්‍රසන්න 61, තික්ෂිල ද සිල්වා 3/35, චතුර රන්දුණු 2/23

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 122 (15.4) යසෝද ලංකා 19, තික්ෂිල ද සිල්වා 38, ඉරෝෂ් ප්‍රනාන්දු 21, ජනක සම්පත් 3/14, සීක්කුගේ ප්‍රසන්න 3/25  

වයස 22ක කොලු ගැටයෙකුගෙන් අංක එකේ එක්දින කණ්ඩායමට සංග්‍රහයක්!

කලකට පෙර ක්‍රිකට් ලෝකය දිග් විජය කළ කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මීට වසර කිහිපයකට පෙර සිට අනුගමනය කළේ නිද්‍රාශීලී ක්‍රීඩා රටාවකි. බ්‍රයන් ලාරා, චන්ද්‍රපෝල්, සර්වාන්…

සී. සී. සී. සහ රාගම අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගය ලකුණු සම වීමෙන් අවසන් වූ අතර ඊට පසුව පැවති සුපිරි පන්දුවාරයේ දී ජයග්‍රහණය සී. සී. සී. ක්‍රීඩකයෝ සතු වූහ. එහි දී රාගම ක්‍රීඩකයෝ මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවාරයට ලකුණු 8ක් ලබා ගත් අතර සී. සී. සී. ක්‍රීඩකයෝ අමිල අපෝන්සුගේ පන්දුවාරයට ලකුණු 9ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.

Photos: CCC vs Ragama CC | Major T20 Tournament 2018/19

කාසියේ වාසිය දිනූ රාගම ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගත් හ. එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ ආරම්භක පිතිකරු මාධව වර්ණපුර ය. ඔහු පන්දු 31කට මුහුණ දී හතරේ පහර 4ක් සමගින් ලකුණු 36ක් ලබා ගත්තේ ය.

රාගම ඉනිමේ දී වැඩිම ලකුණුලාභියා වූයේ ජනිත් ලියනගේ ය. ඔහු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේ ය.

සී. සී. සී. කණ්ඩායම; කඩුලු 6ක් දැවී 160 (20) මාධව වර්ණපුර 36, අශාන් ප්‍රියංජන් 31, ලහිරු මධුශංක නොදැවී 26, නිෂාන් පීරිස් 2/28

රාගම ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 160 (20) දිනෙත් තිමෝද්‍ය 35, රොෂේන් සිල්වා 36, ජනිත් ලියනගේ 41, මාලින්ද පුෂ්පකුමාර 2/37


එන්. සී. සී. සහ ටැමිල් යූනියන් අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 45ක ජයග්‍රහණයක් ලබා ගත් එන්. සී සී. ක්‍රීඩකයෝ තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනා ගත් එන්. සී. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 7ක් දැවී ලකුණු 184ක් ලබා ගත් හ. ඊට පිළිතුරු ලෙසින් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 139ක් පමණි. ඒ තවත් පන්දු 21ක් ඉතිරිව තිබිය දී ය.

එන්. සී. සී.  ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 92කට සීමා වෙමින් පවතිද්දී ආරම්භක පිතිකරු ලහිරු උදාර සමඟ එක් වූ චතුරංග ද සිල්වා එන්. සි. සී. ඉනිම ගෞරවාන්විත තත්ත්වයට පත් කිරීමට සමත් විය. ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර දෙකක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් ලබා ගනිද්දී ලකුණු පුවරුව කියැවුණේ 178ක් ලෙසිනි.

Photos: Tamil Union C & AC vs NCC | Major T20 Tournament 2018/19

ලහිරු උදාර පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 94ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී ප්‍රමෝද් මධුවන්ත ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය.  

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ආරම්භක පිතිකරු ලහිරු මිලන්ත පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර පහර 4ක් සමඟින් ලකුණු 61ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඊට අමතරව ජීවන් මෙන්ඩිස් පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ඩිලේශ් ගුණරත්න සහ චතුරංග ද සිල්වා කඩුලු 3 බැගින් දවා ගත්හ.

එන්. සී. සී. කණ්ඩායම; කඩුලු 7ක් දැවී 184 (20) ලහිරු උදාර 94, චතුරංග ද සිල්වා 56, ප්‍රමෝද් මධුවන්ත 3/25

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 139 (16.3) ලහිරු මිලන්ත 61, ජීවන් මෙන්ඩිස් 36, දමිත සිල්වා 19, ඩිලේශ් ගුණරත්න 3/28, චතුරංග ද සිල්වා 3/12

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග මේ මස 25 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<