ලහිරු සමරකෝන් ශතකය 99න් අහිමි කර ගනී

522
Lahiru Samarakoon

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී තෙවැනි ශතකය අද (21) ලකුණු 99න් අහිමි විය.

මෙසේ ශතකය අහිමිකර ගත්තේ බදුරලිය ක්‍රීඩා සමාජයේ ලහිරු සමරකෝන් ය. ඔහු අද පස්වරුවේ පැවති ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය හා තරගයේ දී ලකුණු 99ක් වාර්තා කිරීමට සමත් විය.

මේ අතර තරගාවලියේ පළමු වටය අද නිමා වූ අතර එහි දී අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට A කාණ්ඩයෙන් මුවර්ස් සහ එන්. සී. සී. ද,  B කාණ්ඩයෙන් සී. සී. සී. සහ හලාවත මේරියන්ස් ද, C කාණ්ඩයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සහ රාගම ද, D කාණ්ඩයෙන් ටැමිල් යූනියන් සහ ගාල්ල යන කණ්ඩායම් ද සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

තික්ෂිල, ශෙහාන් සහ ධනුෂ්ක අර්ධ ශතක රැස්කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (21) පෙරවරුවේ පැවති තරග අතරින්

ටැමිල් යූනියන් සහ බදුරලිය අතර තරගය ( D කාණ්ඩය)

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 22ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දී සියලුම දෙනා දැවී ලකුණු 175ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ජීවන් මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ඔහු ලකුණු 53ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී නුවන් තුෂාර සහ නදීර නාවල කඩුලු 3 බැගින් ලබා ගත්හ.

Photos: Tamil Union C & AC vs Badureliya CC | Major T20 Tournament 2018/19

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 153ක් ලබා ගත්තේ පන්දු 13ක් ඉතිරිව තිබිය දී ය. එම ඉනිම වෙනුවෙන් වමත් පිතිකරු ලහිරු සමරකෝන් පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 99ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී සචිත්‍ර සේරසිංහ ලකුණු 38කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 175 (20) රමිත රඹුක්වැල්ල 30, ජීවන් මෙන්ඩිස් 53, නුවන් තුෂාර 3/33, අලංකාර අසංක 2/30, නදීර නාවල 3/38

බදුරලිය ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 153 (17.5) ලහිරු සමරකෝන් 99, සචිත්‍ර සේරසිංහ 3/38,


සැරසන්ස් සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය (A කාණ්ඩය)

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ සැරසන්ස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 155ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් මධුශාන් රවිචන්ද්‍රකුමාර් පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 58ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී සාලිය සමන් ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

Photos: Saracens SC vs Bloomfield C & AC | Major T20 Tournament 2018/19

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සැරසන්ස් ක්‍රීඩකයන්ගේ ඉනිමේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයේ දී ලකුණු 16ක් අවශ්‍ය විය. එම ලකුණු ප්‍රමාණය හයේ පහර දෙකක් ද සමඟින් අවසන් පන්දුවට ද මුහුණ දෙමින් සපුරා ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

එම ඉනිම වෙනුවෙන් නායක සාලිය සමන් පන්දු 23කට මුහුණ දී හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ආරම්භක පිතිකරු රනිත ලියනාරච්චි පන්දු 28කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේ ය.

බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 155 (20) නිපුන් හග්ගල්ල 19, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 58, සාලිය සමන් 3/31

සැරසන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 5ක් දැවී 156 (20) රනිත ලියනාරච්චි 30, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 22, සාලිය සමන් නොදැවී 47, නිපුන් කරුණානායක 25

අලුත් ක්‍රීඩකයෙක් කණ්ඩායමට; කාසියේ වාසිය සත්කාරකයින්ට

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ එංගලන්තයට එරෙහිව ලබා ගත් එක්දින තරග ජයග්‍රහණයට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනූ පළමු ජයග්‍රහණය ලබා ගත් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අද (21)


සී. සී. සී. සහ කෝල්ට්ස් අතර තරගය (B කාණ්ඩය)

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් සී. සී. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් කඩුලු 8ක් දැවී ලකුණු 136ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 93ක් පමණි.

සී. සී. සී. ඉනිම වෙනුවෙන් මනෙල්ක ද සිල්වා පන්දු 26ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී කවිශ්ක අංජුල ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිමේ දී නිසල තාරක පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3ක් ලබා ගනිද්දී ලහිරු මධුශංක, වනිඳු හසරංග සහ එච්. හෙට්ටිආරච්චි කඩුලු 2 බැගින් දවා ගත්හ.

සී. සී. සී. කණ්ඩායම; කඩුලු 8ක් දැවී 136 (20) ලසිත් අබේරත්න 27, මනෙල්ක ද සිල්වා නොදැවී 46, කවිශ්ක අංජුල 3/32

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 93 (16.2) නිසල තාරක 45, මාලින්ද පුෂ්පකුමාර 3/21, ලහිරු මධුශංක 2/11, වනිඳු හසරංග 2/12, එච්. හෙට්ටිආරච්චි 2/06


මීගමුව සහ කළුතර ටවුන් සමාජය අතර තරගය ( B කාණ්ඩය)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් මීගමු ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනූ කළුතර ටවුන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 8ක් දැවී ලකුණු 122ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් මීගමු ක්‍රීඩකයෝ කඩුලු 5ක් සහ පන්දු 6ක් ඉතිරිව තබා ගනිමින් ලකුණු 123ක් ලබා ගත්හ.

Photos: Negombo CC vs Kalutara TC | Major T20 Tournament 2018/19

කළුතර ටවුන් ඉනිමේ දී එම්. නිමේෂ් වැඩිම ලකුණු ලබා ගත් අතර මීගමු ක්‍රීඩා සමාජය වෙනුවෙන් සහන් ආරච්චිගේ පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තේ ය.

කළුතර ටවුන් සමාජය; කඩුලු 8ක් දැවී 122 (20) එම්. නිමේෂ් 25, රොෂේන් ප්‍රනාන්දු 2/20, අශේන් පෙරේරා 2/24, නිලංක සඳකැන් 2/10

මීගමු ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 123 (19) සඳුන් ඩයස් 21, ලසිත් කෘස්පුල්ලේ 22, සහන් ආරච්චිගේ නොදැවී 30, ප්‍රසන්සන ජයමාන්න 21, ලක්ෂාන් ජයසිංහ 2/15

නිල් මහා සටනේ 140 වැනි දිගහැරුම ලබන මාසයේ

ලොව පැරණිතම මහා ක්‍රිකට් තරග අතරින් දෙවැනි ස්ථානය දිනා ගන්නා


ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර තරගය (C කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 15ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ගුවන් හමුදා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 135ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නාවික හමුදා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 120ක් පමණි.

ගුවන් හමුදා ඉනිම වෙනුවෙන් නායක රවිඳු සෙම්බකුට්ටිගේ පන්දු 29කට මුහුණ දී හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 38ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ තරුෂාන් ඉද්දමල්ගොඩ ය. පන්දු යැවීමේ දී දකුණතින් ආරම්භක වේගපන්දු යැවී සම්පත් පෙරේරා ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 6ක් දැවී 135 (20) රවිඳු සෙම්බකුට්ටිගේ 38, දුලාෂ් උදයංග 34, සුමින්ද ලක්ෂාන් නොදැවී 21, ඩිලාන් චන්දිම 2/27

නාවික හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 120 (18.4) තරුෂාන් ඉද්දමල්ගොඩ 34, සම්පත් පෙරේරා 4/17, උමේග චතුරංග 2/09


බී. ආර්. සී. සහ ලංකන් අතර තරගය ( D කාණ්ඩය)

කොළඹ බ්ලූම්ෆීල්ඩ් අතර පැවති මෙම තරගයෙන් ලකුණු 44ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ලංකන් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනාගත් ලංකන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 8ක් දැවී ලකුණු 164ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් බී. ආර්. සී. ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 120ක් පමණි.

Photos: BRC vs Lankan CC | Major T20 Tournament 2018/19

ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් මධුරංග ද සොයිසා පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ගීත් කුමාර (35) සහ ශිෆ්රාන් මුතාලිප් (30) ද ලකුණු අතරට පැමිණිය හ.

පිළිතුරු බී. ආර්. සී. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ භානුක රාජපක්ෂ ය. කඩුලු ලබා ගැනීමේ දී ගීත් කුමාර ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

ලංකන් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 164 (20) මධුරංග සොයිසා 72, ගීත් කුමාර 35, ශිෆ්රාන් මුතාලිෆ් 30,

බී. ආර්. සී. කණ්ඩායම; කඩුලු 9ක් දැවී 120 (20) භානුක රාජපක්ෂ 24, හෂේන් රාමනායක 23, දුලාංජන මෙන්ඩිස් 2/27, ගීත් කුමාර 3/12

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<