ලහිරු මිලන්ත සහ ජීවන් මෙන්ඩිස් ටැමිල් යූනියන් ජයග්‍රහණයට රැගෙන යයි

463

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (18) පෙරවරුවේ පැවති තරග අතරින් බී. ආර්. සී. කණ්ඩායමේ භානුක රාජපක්ෂ තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට සමත් විය.

මාලින්ද පුෂ්පකුමාර පොලිස් ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ඊයේ දවසේ කැපී…

බදුරලිය සහ බී. ආර්. සී. අතර තරගය (D කාණ්ඩය)

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බී. ආර්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් බී. ආර්. සී. නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 137ක් පමණි. එම ඉනිම වෙනුවෙන් දෙනුවන් රාජකරුණා පන්දු 37කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තේ ය. ඊට අමතරව පන්දු 28කට මුහුණ දුන් ප්‍රමෝද් හෙට්ටිවත්ත ලකුණු 36ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට ලකුණු සබඳතාව 61කි.

Photos: Badureliya CC vs BRC | Major T20 Tournament 2018/19

පන්දු යැවීමේ දී භානුක රාජපක්ෂ ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බී. ආර්. සී. ක්‍රීඩකයෝ ඉනිම අවසන් වීමට තවත් පන්දු 18ක් ඉතිරිව තිබිය දී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 141ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් භානුක රාජපක්ෂ පන්දු 41කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා ගත්තේ ය.

බදුරලිය ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 137 (19.2) දෙනුවන් රාජකරුණා 46, ප්‍රමෝද් හෙට්ටිවත්ත 36, භානුක රාජපක්ෂ 3/34, ටී. එම්. සම්පත් 2/26, චමීර දිසානායක 2/24, දුවිඳු තිලකරත්නා 2/15

බී. ආර්. සී. කණ්ඩායම; කඩුලු 6ක් දැවී 141 (17) ලසිත් ලක්ෂාන් 30, භානුක රාජපක්ෂ 71, නුවන් තුෂාර 3/43


එන්. සී. සී. සහ එස්. එස්. සී. අතර තරගය (A කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් එස්. එස්. සී. කණ්ඩායම කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එන්. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 130ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් එස්. එස්. සී. ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 131ක් ලබා ගත්හ. ඒ තවත් පන්දු 30ක් ඉතිරිව තිබිය දී ය.

එන්. සී. සී. ඉනිම වෙනුවෙන් මහේල උඩවත්ත පන්දු 33කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී තිසර පෙරේරා ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

එස්. එස්. සී. ඉනිම වෙනුවෙන් සම්මු අශාන් පන්දු 30ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව සචිත්‍ර සේනානායක පන්දු 27ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ද, දසුන් ශානක පන්දු 18ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ද ලබා ගත් හ.

එන්. සී. සී. කණ්ඩායම; කඩුලු 6ක් දැවී 130 (20) මහේල උඩවත්ත නොදැවී 43, හසිත බෝයගොඩ 20, චතුරංග ද සිල්වා 24, තිසර පෙරේරා 2/5

එස්. එස්. සී. කණ්ඩායම; කඩුලු 3ක් දැවී 131 (15.0) සචිත්‍ර සේරසිංහ 38, සම්මු අශාන් නොදැවී 44, දසුන් ශානක නොදැවී 28

ජොන්ටි රෝඩ්ස්ට අනුව හොඳම පන්දු රකින්නන් පස්දෙනා

ක්‍රිකට් ක්‍රීඩාවේ දී පන්දු රැකීම ගැන කතාබහ කරන විට අමතක කළ නොහැකිම චරිතයකි දකුණු අප්‍රිකාවේ…


බ්ලූම්ෆිල්ඩ් සහ පානදුර අතර තරගය (A කාණ්ඩය)

කොළඹ මුවර්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ බ්ලූම්ෆීල්ඩ් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පානදුර ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 188ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 125ක් පමණි. ඒ තවත් පන්දු 22ක් ඉතිරිව තිබිය දී සියලුම දෙනා දැවී යමිනි.

Photos: Bloomfield C & AC vs Panadura SC | Major T20 Tournament 2018/19

මෙම තරගයේ දී පාකිස්තානයේ ඉම්රනුල්ලා අස්ලම් පන්දු 46කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තේ ය. ඊට අමතරව අජිත් කුමාර බස්නායක පන්දු 17ක දී හතරේ පහර දෙකක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 39ක් ද, චරණ නානායක්කාර පන්දු 13ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ද ලබා ගත් හ.

බ්ලූම්ෆීල්ඩ් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ අසන්ත සිංගප්පුලි ය. ඔහු පන්දු 19කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 26ක් ලබා ගත්තේ ය.

පානදුර ක්‍රීඩා සමාජය; කඩුලු 8ක් දැවී 188 (20) ඉම්රනුල්ලා අස්ලම් 77, අජිත් කුමාර බස්නායක 39, චරන නානායක්කාර 31, චමෝද් පියුමාල් 2/31, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 2/40,

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 125 (16.2) කසුන් අබේරත්න 20, අසන්ත සිංගප්පුලිගේ 26, සනෝජ් දර්ශික 22, විනෝද් පෙරේරා 2/19, තරිඳු මධුරංග 4/15


කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් අතර තරගය (B කාණ්ඩය)

කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කර ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Colts CC vs Chilaw Marians CC | Major T20 Tournament 2018/19

කාසියේ වාසිය දිනූ හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 184ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 183ක් පමණි.

මේරියන්ස් ඉනිම වෙනුවෙන් නායක ගීත් කුරේ පන්දු 38කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 63ක් ලබා ගත්තේ ය. කෝල්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ය. ඔහු පන්දු 23කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේ ය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 184 (19.4) තික්ෂිල ද සිල්වා 38, ගීත් කුරේ 63, දසුන් සෙනෙවිරත්න 28, නිසල තාරක 2/36, අකිල දනංජය 3/27, ඩිල්රුවන් පෙරේරා 2/19

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 183 (20) අවිශ්ක ප්‍රනාන්දු 52, සධීර සමරවික්‍රම 45, දනංජය ලක්ෂාන් 22, ඩිල්රුවන් පෙරේරා 20, චතුර රන්දුණු 2/42, නිමේෂ් පෙරේරා 2/18

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඇපත් නැති වෙයි

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර (17) පැවති තෙවැනි…


යුද හමුදාව සහ වරාය අධිකාරිය අතර තරගය (C කාණ්ඩය)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ යුද හමුදා නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසි වරාය අධිකාරිය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 99ක් පමණි. එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී තවත් පන්දු 49ක් ඉතිරිව තිබිය දී පසු කිරීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Army SC vs SL Ports Authority SC | Major T20 Tournament 2018/19

ජයග්‍රාහී ඉනිම වෙනුවෙන් නායක සීක්කුගේ ප්‍රසන්න පන්දු 20කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 99 (19.3) චානුක 26, ඉමේෂ් උදයංග 26, ජනිත සිල්වා 3/19, ජානක සම්පත් 2/20, නිමේෂ් විමුක්ති 2/22

යුද හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 5ක් දැවී 103 (12.5) සීක්කුගේ ප්‍රසන්න නොදැවී 41, හෂාන් විමර්ශණ 2/31, පූර්ණ ද සිල්වා 2/31 


ටැමිල් යූනියන් සහ ගාල්ල අතර තරගය (D කාණ්ඩය)

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 61ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ගාලු ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් අර්ධ දෙකක් වාර්තා විය. ආරම්භක පිතිකරු ලහිරු මිලන්ත පන්දු 33කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේ ය.

Photos: Tamil Union C & AC vs Galle CC | Major T20 Tournament 2018/19

ඊට අමතරව ජීවන් මෙන්ඩිස් පන්දු 25කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේ ය.

ගාලු පිළිතුරු ඉනිමේ දී ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට නායක හර්ෂ විතාන සමත් වීම කැපී පෙණුනි. ඔහු පන්දු 40කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේ ය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; කඩුලු 4ක් දැවී 206 (20) ලහිරු මිලන්ත 54, රමිත රඹුක්වැල්ල 34, දිනුක් වික්‍රමනායක 29, ජීවන් මෙන්ඩිස් නොදැවී 51, ඉසුරු උදාන නොදැවී 24, කේ. කේ. කෙවින් 3/25

ගාල්ල ක්‍රිකට් සමාජය; කඩුලු 6ක් දැවී 145 (20) අශාන් මධුශංක 33, සමීන් කඳනාරච්චි 20, හර්ෂ විතාන නොදැවී 58, දමිත සිල්වා 3/35

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<