මධුරංග සහ චානක සුපිරි කඩුලු සබඳතාවක

339

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ (18) පස්වරුවේ පැවති තරග අතුරින් ලංකන් සහ කැන්ඩි කස්ටම් අතර තරගය කැපී පෙණෙන තරගයක් වූ අතර එහි දී ලංකන් ක්‍රිකට් සමාජයේ මධුරංග සොයිසා සහ නායක චානක රුවන්සිරි ශතක සබඳතාවක් ගොඩ නගමින් කැපී පෙණුනි.

ලහිරු මිලන්ත සහ ජීවන් මෙන්ඩිස් ටැමිල් යූනියන් ජයග්‍රහණයට රැගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට්….

ලංකන් සහ කැන්ඩි කස්ටම් අතර තරගය (D කාණ්ඩය)

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 95ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ලංකන් ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් කැන්ඩි කස්ටම්ස් නායකයාගේ ආරාධනාව අනුව පිටියට පිවිසි ලංකන් ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තේ අර්ධ ශතක 3ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. එස්. කංකානම්ගේ පන්දු 27කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේ ය. ඔහුත් සමඟ හරි හරියට පිටියේ පෙළහර පෑ මධුරංග සොයිසා පන්දු 49ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබා ගත්තේ ය.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 66කි. ඊට අමතරව නායක චානක රුවන්සිරි පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේ ය. මධුරංග සොයිසා සහ චානක රුවන්සිරි එක් ව තෙවැනි කඩුල්ලට ලකුණු 107ක සබඳතාවක් ගොඩ නැගුණි.

Photos: Lankan CC vs Kandy Customs SC | Major T20 Tournament 2018/19

මොවුන්ගේ මේ සබඳතා බිඳ දැමීමට කැන්ඩි කස්ටම්ස් නායකයා පන්දු යවන්නෝ 8 දෙනෙක් යොදා ගැණුනි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 108ක් පමණි. එම ඉනිම වෙනුවෙන් බුද්ධික ප්‍රභාත් පන්දු 32ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේ ය. කඩුලු දවා ගැනීමේ දී සිෆ්රාන් මුතාලිෆ් ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

ලංකන් ක්‍රිකට් සමාජය; කඩුලු 3ක් දැවී 203 (20) එස්. කංකානම්ගේ 58, මධුරංග සොයිසා නොදැවී 76, චානක රුවන්සිරි 55

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 108 (20) බුද්ධික ප්‍රභාත් 35, සිෆ්රාන් මුතාලිෆ් 3/28, ගීත් කුමාර 2/21


මුවර්ස් සහ සැරසන්ස් අතර තරගය (A කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් සැරසන්ස් නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේ රමේෂ් මෙන්ඩිස්ගේ සටන්කාමි ඉනිම හේතුවෙනි.

කඩුලු 4ක් දැවී ලකුණු 84ක්ව තිබිය දී පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස් තම ඉනිම අවසන් වෙද්දී පන්දු 32කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිමේ කෙරුම්කරු වූයේ රනිත ලියනාරච්චි ය. ඔහු පන්දු 45කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තේ ය.

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී නොදැවී පිටියේ රැඳී සිටි අශේන් බණ්ඩාර පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 45ක් ලබා සිටියේ ය. ඊට අමතරව සාලිය සමන් නොදැවී ලකුණු 29ක් ලබා සිටියේ ය. ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට නොදැවුණ සබඳතාව ලකුණු 53කි.  

මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 6ක් දැවී 162 (20) ඉරෝෂ් සමරසූරිය 19, චාමර සිල්වා 22, පබසර වඩුගේ 25, රමේෂ් මෙන්ඩිස් 67, මොහොමඩ් ඩිල්ශාඩ් 2/23, සාලිය සමන් 2/38

සැරසන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 4ක් දැවී 163 (18.4) රනිත ලියනාරච්චි 68, අශේන් බණ්ඩාර නොදැවී 42, සාලිය සමන් නොදැවී 29

තවත් වේගපන්දු යවන්නෙකුට ආබාධයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ට වයිරසයක් ආකාරයෙන්…..


සී. සී. සී. සහ මීගමුව අතර තරගය (B කාණ්ඩය)

කොළඹ මුවර්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 118ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් මීගමු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 211ක් ලබා ගත්හ.

Photos: CCC vs Negombo CC | Major T20 Tournament 2018/19

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩිල්ශාන් මුණවීර පන්දු 44ක දී හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 82ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ලහිරු මධුශංක පන්දු 20කට මුහුණ දී හතරේ පහර දෙකක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 93ක් පමණි. ඔවුන්ගේ තවත් පන්දු 27ක් ඉතිරිව තිබුණි. එම ඉනිම ගොඩ ගැනීමේ දී වැඩි දායකත්වයක් දැක්වූයේ ප්‍රසන්සන ජයමාන්න ය. ඔහු පන්දු 22කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තේ ය.

කඩුලු දවා ගැනීමේ දී වනිඳු හසරංග ලකුණු 26කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව ලහිරු ගමගේ තම පන්දුවාර 4 ලකුණු 5කට සීමා කර ගනිමින් කඩුලු 2ක් දවා ගත්තේ ය.  

සී. සී. සී. කණ්ඩායම; කඩුලු 8ක් දැවී 211 (20) ඩිල්ශාන් මුණවීර 82, මිනෝද් භානුක 36, ලහිරු මධුශංක 51, රොෂේන් ප්‍රනාන්දු 2/32, සහන් අදීෂ 3/51, උපුල් ඉන්ද්‍රසිරි 2/35

මීගමු ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 93 (15.3) ප්‍රසන්සන ජයමාන්න 39, ලහිරු ගමගේ 2/05, වනිඳු හසරංග 5/26


පොලිස් සහ කළුතර ටවුන් සමාජය අතර තරගය (B කාණ්ඩය)

කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගයෙන් පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 57කින් ජයග්‍රහණය ලබා ගත්තේ ය.

කාසියේ වාසිය දිනා ගත් කළුතර ටවුන් නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පොලිස් ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා ගත්හ.

Photos: Police SC vs Kalutara Town Club | Major T20 Tournament 2018/19

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු මාලිංග මලිගස්පේ පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබා ගත්තේ ය. ඊට අමතරව අනෙක් ආරම්භක පිතිකරු පවන් ඩයස් පන්දු 30කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී මතීෂ පෙරේරා ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කළුතර ටවුන් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 105ක් පමණි. එම ඉනිම වෙනුවෙන් එරංග රත්නායක පන්දු 26ක දී හතරේ පහර 3ක් සමගින් ලකුණු 31ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී සනත් රංජන් කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පොලිස් ක්‍රීඩා සමාජය; කඩුලු 5ක් දැවී 162 (20) මාලිංග මලිගස්පේ නොදැවී 62, පවන් ඩයස් 45, මංජුල ජයවර්ධන 25, මතීෂ පෙරේරා 3/30  

කළුතර ටවුන් සමාජය; සියලුම දෙනා දැවී 105 (18) එරංග රත්නායක 31, සනත් රංජන්3/25, මහේෂ් ප්‍රියදර්ශන 2/12, අජන්ත මෙන්ඩිස් 2/13

ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නොසිතූ වෙනස්කම් රැසක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන…


රාගම සහ ගුවන් හමුදාව අතර තරගය (C කාණ්ඩය)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 48ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාගම ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Ragama CC vs Air Force SC | Major T20 Tournament 2018/19

කාසියේ වාසිය දිනා ගත් රාගම නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 8ක් දැවී ලකුණු 152ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 104ක් පමණි.

රාගම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා රොෂේන් සිල්වා වන අතර ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තේ ය.

රාගම ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 152 (20) රොෂේන් සිල්වා 42, සුපේෂල ජයතිලක 23, ෂෙහාන් සඳරුවන් 20,  සම්පත් පෙරේරා 2/18, නිමේෂ මෙන්ඩිස් 2/25, උමේග චතුරංග 2/24

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 104 (19.1) රවිඳු සෙම්බකුට්ටිගේ 25, උදයවංශ පරාක්‍රම 21, නිශාන් පීරිස 2/09, අමිල අපෝන්සු2/20, ජනිත් ලියනගේ 2/07


නාවික හමුදාව සහ කුරුණෑගල යූත් අතර තරගය (C කාණ්ඩය)

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ නාවික හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිස කඩුලු 7ක් දැවී ලකුණු 158ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් තරුෂාන් ඉද්දමල්ගොඩ පන්දු 19කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තේ ය.

Photos: Navy SC v Kurunegala Youth CC | Major T20 Tournament 2018/19

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කුරුණෑගල යුත් ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පසු කළේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබිය දී ය.

පිළිතුරු ඉනිමේ දී කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට රන්දීර රණසිංහ සමත් විය. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 50ක් ලබා ගත්තේ ය.

නාවික හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 158 (20) ඩිලාන් චන්දිමාල් 32, තරුෂාන් ඉද්දමල්ගොඩ 39, තුෂාර මධුශංක 34, සාලිත ප්‍රනාන්දු 32, දිනුෂ්ක මාලන් 2/26, චන්දිම විජයබණ්ඩාර 2/19

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 162 (19.2) සමීර සඳමාල් 23, ධනුෂ්ක ධර්මසිරි 23, රන්දීර රණසිංහ 50, දමිත් පෙරේරා නොදැවී 34, බුද්ධික මධුශාන් 2/27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<