කෝල්ට්ස් දිනවන්න සධීරගෙන් ශතකයක්

716

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (15) පෙරවරුවේ පැවති තරගවල දී සධීර සමරවික්‍රම ශතකයක් ලබා ගැනීමට සමත් විය.

ප්ලෙසිස්ගේ නායකත්වයේ ඉනිම ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි

ශ්‍රී ලංකා පිළ අපේක්ෂා කළ පරිද්දෙන් අද (15) උදෑසන ඉක්මනින් කඩුලු දවා ගැනීමට නොහැකි වූ නිසා…

එන්. සී. සී. සහ පානදුර අතර තරගය  (A කාණ්ඩය)

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 31ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එන්. එන්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 142ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පානදුර ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 111ක් පමණි.

Photos: NCC v Panadura SC | Major T20 Tournament 2018/19

එන්. සී. සී. ඉනිම වෙනුවෙන් මහේල උඩවත්ත පන්දු 32ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේ ය.

පානදුර ඉනිමේ කඩුලු ලබා ගැනීමේ දී අසිත ප්‍රනාන්දු සහ ඩිලේෂ් ගුණරත්න කඩුලු 3 බැගින් දවා ගත්හ.

එන්. සී. සී. කණ්ඩායම; කඩුලු 6ක් දැවී 142 (20) ලහිරු උදාර 21, උපුල් තරංග 33,  මහේල උඩවත්ත 45, චරන නානායක්කාර 2/35

පානදුර ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 111 (17.1) මිෂේන් සිල්වා 24, අසන්ත බස්නායක 36, ලසිත් මාලිංග 2/14, අසිත ප්‍රනාන්දු 3/21, ඩිලේෂ් ගුණරත්න 3/28, චතුරංග ද සිල්වා 2/21


සැරසන්ස් සහ එස්. එස්. සී. අතර තරගය (A කාණ්ඩය)

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගය ලකුණු සම වීමෙන් නිමා වූ අතර පසුව පැවති සුපිරි පන්දුවාරයේ දී සැරසන්ස් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 5ක් ලබා ගත් අතර එස්. එස්. සී. ක්‍රීඩකයෝ පන්දු 2ක දී කඩුලු 8ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 145ක් ලබා ගත්තේ දසුන් ශානකගේ අර්ධ ශතකයත් සමඟිනි. දසුන් පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේ ය.

Photos: Saracens SC vs SSC | Major T20 Tournament 2018/19

සැරසන්ස් ඉනිම කඩුලු 7කට ලකුණු 145ක් වූ අතර එහි දී නිපුන් කරුණානායක පන්දු 45කට මුහුණ දී හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නවිඳු නිර්මාල් පන්දු 24ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ලබා ගත්තේ ය. ඔවුන්  දෙදෙනා අතර 8 වැනි කඩුල්ලට නොදැවුණ කඩුලු සබඳතාව ලකුණු 68කි.

එස්. එස්. සී. කණ්ඩායම; සියලුම දෙනා දැවී 145 (20) දසුන් ශානක 64, තරිඳු රත්නායක 25, රවින් සේයර් 2/27, ඇන්ඩි සොලමන්ස් 3/14, සාලිය සමන් 2/17

සැරසන්ස් ක්‍රිකට්  සමාජය; කඩුලු 7ක් දැවී 145 (20) ගමිඳු කනිෂ්ක 21,  නිපුන් කරුණානායක නොදැවී 50, නවිඳු නිර්මාල් නොදැවී 37, ජෙෆ්රි වැන්ඩර්සේ 2/18

චමරි අතපත්තුගේ ඉනිම අපතේ යයි

චමරි අතපත්තු සිය නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ද එහි අවසානයක් දක්වා යෑමට දැක්වූ අසමත්කම…


කෝල්ට්ස් සහ පොලිස් අතර තරගය (B කාණ්ඩය)

කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 39ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ පොලිස් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 198ක් ලබා ගත්හ. එම ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක සබඳතාවක් ගොඩ නැගීමට සධීර සමරවික්‍රම සහ අවිශ්ක ප්‍රනාන්දු සමත් වූහ.

Photos: Colts CC vs Police SC | Major T20 Tournament 2018/19

සධීර සමරවික්‍රම පන්දු 65කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 36ක දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තේ ය.

ප්‍රතිවාදී ඉනිමේ මංජුල ජයවර්ධන පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මාලිංග මලිගස්පේ ලකුණු 35ක් ලබා ගත්තේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 4ක් දැවී 198 (20) සධීර සමරවික්‍රම 100, අවිශ්ක ප්‍රනාන්දු 63, ජෙහාන් ඩැනියෙල් 24, මහේෂ් ප්‍රියදර්ශන 2/29

පොලිස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 159 (20) මාලිංග මලිගස්පේ 35, මංජුල ජයවර්ධන 58, අකිල දනංජය 2/18, නිශාන් මධුශ්ක 3/15, සංගීත් කුරේ 2/43


රාගම සහ නාවික හමුදාව අතර තරගය (C කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් නාවික හමුදා ක්‍රීඩකයෝ කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් රාගම ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 152ක් ලබා ගත් අතර නාවික හමුදා ක්‍රීඩකයෝ ඊට පිළිතුරු ලෙසින් පන්දු 3ක් ඉතිරිව තිබිය දී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 155ක් ලබා ගත්හ.

එම තරගයේ දී රාගම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ජනිත ලියනගේ අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

රාගම ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවි 152 (20) ජනිත ලියනගේ 55, ඉෂාන් ජයරත්න 28, සතික් නිමල්ෂ 4/28, චාරුක විජේලත් 2/27, තරුෂාන් ඉද්මල්ගොඩ 2/24, ඩිලාන් චන්දිම 2/15

නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 155 (19.3) ඩිලාන් චන්දිම 44, දුලාෂ් හේමන්ත 43, තුෂාර සමරකෝන් 30, ඉෂාන් ජයරත්න 2/16 

සාන්ත ආනාවරුන් ජයග්‍රහණයකින් තරගාවලියට තිත තබයි

ක්‍රමයෙන් අවසන් වෙමින් යන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති…


ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය අතර තරගය (C කාණ්ඩය)

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් වරාය අධිකාරිය ක්‍රීඩකයෝ ලකුණු 18කින් ජයග්‍රහණය කළ හ.

එම තරගයේ දී වරාය අධිකාරිය කණ්ඩායම වෙනුවෙන් යොහාන් චානුක ද, ගුවන් හමුදාව වෙනුවෙන් රවිඳු සෙම්බකුට්ටි ද අර්ධ ශතක ලබා ගත්හ. පන්දු යැවීමේ දී උමේග චතුරංග ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

Photos: Air Force SC vs SL Ports Authority SC | Major T20 Tournament 2018/19

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම; සියලුම දෙනා දැවී 157 (20) යොහාන් චානුක 62, ප්‍රිමෝෂ් පෙරේරා 22, ගයාන් මනීෂාන් 29, සම්පත් පෙරේරා 3/30, උමේග චතුරංග 4/30

ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 139 (19.3) රවිඳු සෙම්බකුට්ටිගේ 50, හෂාන් විමර්ශන 3/26, චරිත් ජයම්පති 3/26,


බදුරලිය සහ ලංකන් අතර තරගය (D කාණ්ඩය)

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බදුරලිය ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ බදුරලිය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලංකන් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 125ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් බදුරලිය ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 129ක් ලබා ගත්හ. ඒ තවත් පන්දු 10ක් ඉතිරිව තිබිය දී ය.

තරගය ජයග්‍රහණය කරන විට ශිරාන් රත්නායක පන්දු 26කට මුහුණ දී හතරේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද, නායක අලංකාර අසංක පන්දු 17ක දී හතරේ පහර දෙකක් සඟෙින් නොදැවී ලකුණු 17ක් ලබා සිටිය හ.

ලංකන් ක්‍රිකට්  සමාජය; කඩුලු 8ක් දැවී 125 (20) ලහිරු ඩිල්ශාන් 21, මධුරංග සොයිසා 25, එස්. කංකානම්ගේ 25, නුවන් තුෂාර 3/22, අලංකාර අසංක 2/24

බදුරලිය ක්‍රිකට් සමාජය; කඩුලු 6ක් දැවී 129 (18.2) නදීර නාවල 21, ශිරාන් රත්නායක නොදැවී 24, දුලංජන මෙන්ඩිස් 4/17

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<