පළඟ ශූරයෝ ගාල්ලට පරාජය වෙයි

103

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (15) පස්වරුවේ පැවති තරගවල දී පළඟ තරගාවලියේ ශූරයන් වූ බී. ආර්. සී. කණ්ඩායම පරාජය කරන්නට ගාලු ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ.   

කෝල්ට්ස් දිනවන්න සධීරගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (15) පෙරවරුවේ පැවති තරගවල දී සධීර සමරවික්‍රම ශතකයක්…

මුවර්ස් සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය  (A කාණ්ඩය)

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 106ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 107ක් ලබා ගත්තේ ය. ඒ ඉනිම අවසන් වීමට තවත් පන්දු 41ක් ඉතිරිව තිබිය දී ය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අසන්ත සිංගප්පුලිගේ ය. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර  2ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තේ ය. ඊට අමතරව අරවින්ද ප්‍රේමරත්න ලකුණු 13ක් ලබා ගත්තේ ය. අනෙකුත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවට ළඟා වීමට මුවර්ස් පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත.

පන්දු යැවීමේ දී ශිරාන් ප්‍රනාන්දු, නිමන්ද සුබසිංහ සහ අදීශ තිලාංචන කඩුලු 2 බැගින් දවා ගත් හ.

මුවර්ස් ඉනිමේ ගැලවුම්කරු වූයේ චාමර සිල්වා ය. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා ගත්තේ ය. ඊට අමතරව අනෙක් අන්තයෙන් නොදැවී රැඳී සිටි පබසර වඩුගේ පන්දු 28කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට නොදැවුණ ලකුණු සංඛ්‍යාව 82කි.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 106 (20) අසන්ත සිංගප්පුලිගේ 39,  ශිරාන් ප්‍රනාන්දු 2/16, නිමන්ද සුබසිංහ 2/23, අදීශ තිලාංචන 2/21

මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 2ක් දැවී 107 (13.1) චාමර සිල්වා නොදැවී 60, පබසර වඩුගේ නොදැවී 30, ඇනඩෘ පරායස් 2/30


බී. ආර්. සී. සහ ගාල්ල අතර තරගය (D කාණ්ඩය)

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් බී. ආර්. සී. ක්‍රීඩකයෝ නොසිතූවක් සිදු වෙමින් ලකුණු 83කට දැවී ගිය අතර ගාලු ක්‍රීඩකයෝ එම ඉලක්කය පන්දු 49ක් ඉතිරි ව තිබිය දී සපුරා ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.

කාසියේ වාසිය දිනා ගත් බී. ආර්. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස ලබා ගත්තේ ලකුණු 83ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක රුමේෂ් බුද්ධික ය. ඔහු ලකුණු 25ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී රජිත් ප්‍රියාන් සහ ගයාන් සිරිසෝම කඩුලු 3 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 87ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ලක්ෂාන් රොද්‍රිගෝ පන්දු 34කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්හ. ඊට අමතරව නිසල් රන්දික නොදැවී ලකුණු 19ක් ලබා ගත්තේ ය.

බී. ආර්. සී. සියලුම දෙනා දැවී 83 (16.2) රුමේෂ් බුද්ධික 25, ඩෙවින් පත්මනාදන් 18, අකලංක ගනේගම 2/09, රජිත් ප්‍රියාන් 3/29, ගයාන් සිරිසෝම 3/22

ගාල්ල ක්‍රිකට් සමාජය; කඩුලු 2ක් දැවී 87 (11.5) ලක්ෂාන් රොද්‍රිගෝ 58, නිසල් රන්දික නොදැවී 19

ප්ලෙසිස්ගේ නායකත්වයේ ඉනිම ශ්‍රී ලංකාවට හිසරදයක් වෙයි

ශ්‍රී ලංකා පිළ අපේක්ෂා කළ පරිද්දෙන් අද (15) උදෑසන ඉක්මනින් කඩුලු දවා ගැනීමට නොහැකි වූ නිසා මේ වන විට තරගය ක්‍රමක්‍රමයෙන් තමන්ගේ පාලනය යටතට…

සී. සී. සී. සහ කළුතර ටවුන් අතර තරගය (B කාණ්ඩය)

බ්ලූම්ෆිල්ඩ් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූ හ.

කාසියේ වාසිය දිනූ සී. සී. සී. නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පිටියට පිවිසි කළුතර ටවුන් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලබා ගත් හ. එම ඉනිම වෙනුවෙන් නිපුන ගමගේ පන්දු 47කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු ගමගේ සහ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 135ක් ලබා ගත් හ. එම ඉනිම වෙනුවෙන් නායක අශාන් ප්‍රියංජන් පන්දු 39කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මාධව වර්ණපුර ලකුණු 47ක් ලබා ගත්තේ ය.

කළුතර ටවුන් සමාජය; කඩුලු 6ක් දැවී 134 (20) නිපුන ගමගේ 57, එරංග රත්නායක 27, සචිත ජයතිලක නොදැවී 26, ලහිරු ගමගේ 3/21, මාලින්ද පුෂ්පකුමාර 3/27

සී. සී. සී. කණ්ඩායම; කඩුලු 2ක් දැවී 135 (15.2) ඩිල්ශාන් මුණවීර 23, මාධව වර්ණපුර 47, අශාන් ප්‍රියංජන් නොදැවී 58


හලාවත මේරියන්ස් සහ මීගමුව අතර තරගය (B කාණ්ඩය)

කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයෙන්  මීගමු ක්‍රීඩකයෝ කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනූ හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 9ක් දැවී ලකුණු 170ක් ලබා ගත්තේ ය. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 171ක් ලබා ගත්තේ අවසන් පන්දුව තෙක්ම සටන් කරමිනි.

ජයග්‍රාහී එම ඉනිමේ දී ෂෙහාන් ජයසූරිය නොදැවී ලකුණු 91ක් ලබා ගත්තේ ය.

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 170 (20) නිමේෂ් විමුක්ති 45, සහන් නදීශාන් 3/34, උපුල් ඉන්ද්‍රසිරි 2/25

මීගමු ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 171 (20) ෂෙහාන් ජයසූරිය නොදැවී 91, සඳුන් ඩයස් 25, රොෂාන් ජයතිස්ස 2/36, පුලින තරංග 3/16

75 ඇරඹි එක්දින ලෝක කුසලානයේ සිංහ දස්කම්

70 දශකයේ ආරම්භයත් සමඟම ඇරඹුණු එක්දින ක්‍රිකට් තරග රටාව ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට ලක්වුණු නිසාම 1975 වසර වන විට එක්දින ලෝක කුසලාන ක්‍රිකට්…

යුද හමුදාව සහ කුරුණෑගල යූත් අතර තරගය (C කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 26ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 130ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 104ක් පමණි.

යුද හමුදා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ සංජික රිද්ම ය. ඔහු පන්දු 22කට මුහුණ දී හයේ පහර 3ක් සමගින් ලකුණු 34ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී දිනුෂ්ක මාලන් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

පිළිතුරු කුරුණෑගල යූත් ඉනිමේ දී නායක ධනුෂ්ක ධර්මසිරි පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී දුශාන් විමුක්ති ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 130 (19.1) අසේල ගුණරත්න 21, සංජික රිද්ම 34, දිනුෂ්ක මාලන් 4/18, චන්දිම විජයබණ්ඩාර 3/26

කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 104 (17.1) ධනුෂ්ක ධර්මසිරි 30, අනුරුද්ධ රාජපක්ෂ 26, ජනිත් සිල්වා 2/20, දුශාන් විමුක්ති 4/21, සීක්කුගේ ප්‍රසන්න 2/16


ටැමිල් යූනියන් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය (Dකාණ්ඩය)

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 65ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Tamil Union C & AC vs Kandy Customs | Major T20 Tournament 2018/19

පළමුවෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 160ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කැන්ඩි කස්ටම් ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 95ක් පමණි.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 160 (20) ජීවන් මෙන්ඩිස් 35, රමිත් රඹුක්වැල්ල 30

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 95 (16.2) රමිත් රඹුක්වැල්ල 3/08, ජීවන් මෙන්ඩිස් 3/22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<