අවසන් අට දෙනා සුපිරි සටනකට සූදානම්

545
SLC Major League Cricket Tournament Points Table

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දීර්ඝ කාලීන තරග සැලසුමක් ලෙස ක්‍රියාත්මක වන 2017/18 “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ” මූලික වටය ඊයේ (18) අවසන් විය. ඒ අනුව ඒ ඒ කාණ්ඩවල පෙරමුණේ පසු වූ කණ්ඩායම් 8ක් සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගෙන ඇත.

ද සිල්වා යුගලය ටැමිල් යූනියන් හා NCC සමාජවලට ජය ගෙනේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමුපෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 10ක් ඊයේ (18) අවසන් විය…

පසුගිය 10 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය කණ්ඩායම් 23ක සහභාගීත්වයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වූ අතර තරගාවලියේ මූලික වටය අවසානයේ ඒ ඒ කණ්ඩායම් ලබාගත් ප්‍රසාද ලකුණු අනුව සැරසන්ස් ක්‍රීඩා සමාජය, සිංහල ක්‍රීඩා සමාජය (එස්. එස්. සී), හලාවත ක්‍රිකට් සමාජය, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, එන්. සී. සී, බී. ආර්. සී, රාගම හා ටැමිල් යූනියන් යන කණ්ඩායම් අට 2017/18 අන්තර් සමාජ ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබාගෙන ඇත.

පළමු වටය අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුව

A කාණ්ඩය

කණ්ඩායම තරග ජයග්‍රහණ පරාජ ලකුණු සමවීම් ප්‍රතිඵල රහිත තරග ප්‍රසාද ලකුණු දළ ලකුණු
සැරසන්ස් ක්‍රීඩා සමාජය 5 5 0 0 1 20 1.312
එස්. එස්. සී ක්‍රීඩා සමාජය 5 3 1 0 1 17 1.354
මුවර්ස් ක්‍රීඩා සමාජය 5 2 1 0 2 14 1.879
පානදුර 5 1 2 0 2 8 -1.690
ශ්‍රී ලංකා වරා අධිකාරිය 5 1 3 0 1 6 0.865
කුරුණෑගල තරුණ සමාජය 5 0 4 0 1 2 -1.894

B කාණ්ඩය

කණ්ඩායම තරග ජයග්‍රහණ පරාජ ලකුණු සමවීම් ප්‍රතිඵල රහිත තරග ප්‍රසාද ලකුණු දළ ලකුණු
හලාවත ක්‍රිකට් සමාජය 4 3 0 0 1 17 1.724
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය 4 3 0 0 1 16 2.205
යුද හමුදාව 4 2 2 0 0 10 0.028
ගාලු ක්‍රිකට් සමාජය 4 0 3 0 0 2 -2.127
ලන්කන් ක්‍රිකට් සමාජය 4 0 3 0 0 2 -2.331

C කාණ්ඩය

කණ්ඩායම තරග ජයග්‍රහණ පරාජ ලකුණු සමවීම් ප්‍රතිඵල රහිත තරග ප්‍රසාද ලකුණු දළ ලකුණු
එන්. සී. සී 5 4 0 0 1 22 3.051
බී. ආර්. සී 5 3 0 0 2 18 0.981
කොළඹ ක්‍රිකට් සමාජය 5 2 2 0 1 12 0.512
ශ්‍රී ලංකා ගුවන් හමුදාව   5 1 3 0 1 6 -0.809
පොලිස් ක්‍රීඩා සමාජය 5 1 3 0 1 6 -1.497
බදුරලිය ක්‍රීඩා සමාජය 5 1 4 0 0 4 -1.460

D කාණ්ඩය

කණ්ඩායම තරග ජයග්‍රහණ පරාජ ලකුණු සමවීම් ප්‍රතිඵල රහිත තරග ප්‍රසාද ලකුණු දළ ලකුණු
රාගම ක්‍රිකට් සමාජය 5 4 1 0 0 18 1.071
ටැමිල් යූනියන් 5 3 1 0 1 16 1.551
බ්ලූම්ෆීල්ඩ් 5 2 1 0 2 13 1.111
නාවික හමුදා ක්‍රීඩා සමාජය 5 2 3 0 0 9 -1.230
කළුතර නගර සමාජය 5 1 2 0 2 8 -0.660
මීගමුව ක්‍රිකට් සමාජය 5 0 4 0 1 2 -0.1580

සුපිරි 8 වටයේ තරග කාලසටහන

මාර්තු 21

  • පළමු තරගය – සැරසන්ස් හා ටැමිල් යූනියන් – කටුනායක නිදහස් වෙළෙඳ කලාප පිටිය
  • දෙවන තරගය හලාවත හා බී. ආර්. සීපී සරා පිටිය
  • තෙවන තරගය – එන්. සී. සී හා කොල්ට්ස් – එස්. එස්. සී පිටිය (ThePapare.com සජීව විකාශනය)
  • සිව්වැනි තරගය – රාගම හා එස්. සී. සී –  කෝල්ට්ස් පිටිය

මෙහි අවසන් පූර්ව තරග ලබන 23 වැනිදා කෝල්ට්ස් පිටියේ දී හා කටුනායක දී පැවැත්වෙන අතර අවසන් මහා තරගය ලබන 24 වැනිදා එස්. එස්. සී පිටියේ දී පැවැත්වෙනු ඇත. එහි තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<