අයන සිරිවර්ධන පන්දු 48කින් ශතකයක් රැස් කරයි

308

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ආරම්භක දිනයේ දී ම පෙරළියක් කිරීමට මුවර්ස් කණ්ඩායමේ අයන සිරිවර්ධන සමත් විය.

ඔහු නාවික හමුදා කණ්ඩායමට එරෙහිව අද (4) වැලිසර නාවික හමුදා පිටියේ දී පැවති තරගයේ දී පන්දු 48ක දී ශතකයක් වාර්තා කළේය. මුවර්ස් ඉනිම නිමා වන විට ඔහු පන්දු 50ක දී නොදැවී ලකුණු 105ක් ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහුගේ ඉනිම පන්දු 50කින් වාර්තා වූ අතර ඊට හතරේ පහර 8ක් සහ හයේ පහර 9ක් ඇතුළත් විය.

සර්වේසස් – රිච්මන්ඩ් අර්ධ අවසන් පූර්ව වටයට

සිංගර් කුසලාන වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ සීමිත පන්දුවාර තරග දෙකක් ඊයේ (03) පැවැත්විය. අවසන්…

ඊට අමතරව රාගම ක්‍රිකට් සමාජයේ දිනෙත් තිමෝද්‍ය සැරසන්ස් ක්‍රීඩකයන්ට එරෙහිව පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 127ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී සචිත් පතිරණ, අසිත ප්‍රනාන්දු සහ මොහොමඩ් ශිරාස් කඩුලු 5 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වූහ.

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය (A කාණ්ඩය)

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 12ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 319 (50) චරිත කුමාරසිංහ 21, ඉරෝෂ් සමරසූරිය 23, අදීශ තිලාංචන 27, චාමර සිල්වා 63, අයන සිරිවර්ධන නොදැවී 105, නිමන්ද සුබසිංහ 33, ඩිලාන් චන්දිම 2/35

නාවික හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 307 (50) ඩිලාන් චන්දිම 53, තරුෂාන් ඉද්දමල්ගොඩ 61, දුෂාන් හේමන්ත 87, ශාලිත ප්‍රනාන්දු 50, අදීශ තිලාංචන 2/38, තරිඳු කෞෂාල් 2/45, රමේෂ් මෙන්ඩිස් 2/47


යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගය (D කාණ්ඩය)

පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් ලකුණු 33ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 310 (50) දුෂාන් විමුක්ති 79, අසේල ගුණරත්න 59, සීක්කුගේ ප්‍රසන්න 62, සංජික රිද්ම 40, සම්පත් පෙරේරා 3/50, උමේග චතුරංග 3/64,

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 277 (48) රවිඳු සෙම්බකුට්ටිගේ 35, චාමිකර හේවගේ 30, චානක විජේසිංහ 30, රොස්කෝ තට්ටිල් 44, සුමින්ද ලක්ෂාන් 45, කෞෂල්‍ය ගජසිංහ 25, දුශාන් විමුක්ති 2/40, සංජික රිද්ම 2/15, අසේල ගුණරත්න 3/38

ක්‍රිකට් ක්‍රීඩකයන්ට සංග්‍රාම නැවැත්විය හැකිය

අපි මහා ක්‍රිකට් සංග්‍රාම සහ ක්‍රිකට් සටන් අගයන කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටින්නෙමු. එහෙත් ක්‍රිකට් සංග්‍රාම වලට වඩා දුර ඇදී යා හැකි ඇතැම්…


කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. අතර තරගය (A කාණ්ඩය)

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් එස්. එස්. සී. ක්‍රීඩකයෝ කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 78 (33.5) ශාලික කරුණානායක 16, ඉෂාන් අබේසේකර 14, ධම්මික ප්‍රසාද් 2/12, සචිත්‍ර සේනානායක

එස්. එස්. සී. කණ්ඩායම; කඩුලු 2ක් දැවී 79 (11.3) කෞෂාල් සිල්වා නොදැවී 39


එන්. සී. සී. සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය (B කාණ්ඩය)

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 9ක ජයක් ලබා ගැනීමට එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

ගාල්ල ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 82 (25.2) අකලංක ගනේගම 23, ඩිලේශ් ගුණරත්න 2/14, අසිත ප්‍රනාන්දු 5/32, සචින්ද කොළඹගේ 2/24

එන්. සී. සී. කණ්ඩායම; කඩුල්ලක් දැවී 86 (17.4) පැතුම් නිස්සංක නොදැවී 33, හසිත බෝයගොඩ නොදැවී 42


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ ලංකන් ක්‍රිකට් සමාජය අතර තරගය (C කාණ්ඩය)

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 25ක ජයක් ලබා ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 181 (47) ඇන්ඩි සොලමන්ස් 20, මිලින්ද සිරිවර්ධන 59, දුලාංජන මෙන්ඩිස් 3/26, චානක දේවින්ද 4/26

ලංකන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 156 (48.2) එස්. කංකානම්ගේ 32, සිෆ්රාන් මුතාලිෆ් 39, අයන්ත ද සිල්වා 23, චාමිකර එදිරිසිංහ 2/29, සචිත්‍ර පෙරේරා 2/33, ඇන්ඩි සොලමන්ස් 3/24

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික විරුවා

“1981 වසරේ පෙබරවාරි පළමු වැනිදා සවස 5.42ට සිදු වූ එම සිදුවීම මම අදටත් විශ්වාස කරන්නේ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වූ හොඳම දේ කියල…


රාගම ක්‍රිකට් සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගය (D කාණ්ඩය)

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 194ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට රාගම ක්‍රීඩකයෝ සමත් වූහ.

රාගම ක්‍රිකට් සමාජය; කඩුලු 3ක් දැවී 332 (50) දිනෙත් තිමෝද්‍ය 127, සමීර ද සොයිසා 63, රොෂේන් සිල්වා 63

මීගමුව ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 138 (35.2) ප්‍රසංසන ජයමාන්න 24, සහන් ආරච්චිගේ නොදැවී 63, නිශාන් පීරිස් 2/20, අමිල අපෝන්සු 2/22, රොෂේන සිල්වා 2/35


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය (C කාණ්ඩය)

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බදුරලිය ක්‍රීඩකයෝ සමත් වූහ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 220 (47.3) කඩුලු 7ක් දැවී 224 (43) සධීර සමරවික්‍රම 51, විශාද් රන්දික 65, බුද්ධික සංජීව 3/34, සචිත් පතිරණ 5/37

බදුරලිය ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 224 (43) නදීර නාවල 20, කෝසල කුලසේකර නොදැවී 74, සචිත් පතිරණ 37, ප්‍රමෝද් හෙට්ටිවත්ත නොදැවී 27, ජෙහාන් ඩැනියෙල් 3/43, නිපුන් රංසික 2/22


සී. සී. සී. සහ කළුතර ටවුන් සමාජය අතර තරගය (C කාණ්ඩය)

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 8ක ජයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

සී. සී. සී. කණ්ඩායම; සියලුම දෙනා දැවී 234 (49.3) ඩිල්ෂාන් මුණවීර 66, රොන් චන්ද්‍රගුප්ත 23, මාධව වර්ණපුර 67, ලසිත් අබේරත්න 33, ලහිරු මධුශංක නොදැවී 20, එරංග රත්නායක 4/27, මතීෂ පෙරේරා 2/37, පසිඳු මධුශාන් 3/49

කළුතර ටවුන් සමාජය; කඩුලු 9ක් දැවී 226 (50) මතීෂ පෙරේරා 32, නිපුන ගමගේ 49, එරංග රත්නායක 73, විශාල් අමුගොඩ 25, මාලින්ද පුෂ්පකුමාර 3/44, වනිඳු හසරංග 4/64


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය අතර තරගය (D කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 76 (33.5) සුමේධ දිසානායක 30, තික්ෂිල ද සිල්වා 2/14, කරන් නන්දෙ 2/15, පර්දේශ් උදේශි 2/19, නිමේෂ් විමුක්ති 3/12

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 2ක් දැවී 79 (9.2) යසෝද ලංකා 42, කරන් නන්දෙ නොදැවී 17, සුමේධ දිසානායක 2/14


පොලිස් ක්‍රීඩා සමාජය සහ බී. ආර්. සී. අතර තරගය (B කාණ්ඩය)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බී. ආර්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

පොලිස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 188 (44) ගිටන්ස් කෙහෙරා 42, සනත් රංජන් 33, අජන්ත මෙන්ඩිස් 28,  මොහොමඩ් ශිරාස් 5/40

බී. ආර්. සී. කණ්ඩායම; කඩුලු 7ක් දැවී 189 (36.1) දේශාන් ඩයස් 74, රුමේෂ් බුද්ධික 34, හෂේන් රාමනායක නොදැවී 30, මංජුල ජයවර්ධන 3/30, දිනුක් හෙට්ටිආරච්චි 2/35


බ්ලූම්ෆිල්ඩ් ක්‍රිකට් සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර තරගය (B කාණ්ඩය)

කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩා සමාජය සමත් විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 270 (50) අසන්ත සිංගප්පුලිගේ 46, කසුන් අබේරත්න 37, සනෝජ් දර්ශික 67, අසේල් සිගේරා 27, මනෝජ් රවිචන්ද්‍රකුමාර් නොදැවී 50, විනෝද් පෙරේරා 2/43, නවීන් කවිකාර 2/39

පානදුර ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 275 (47.5) විශ්ව චතුරංග 30, තිමිර ජයසිංහ 33, ශාෂාඩ් අලි 25, අජිත් කුමා බස්නායක 58, මිශේන් සිල්වා 35, තරුෂ ප්‍රනාන්දු 33, චරන නානායක්කාර නොදැවී 19, අරවින්ද ප්‍රේමරත්න 2/22, අසනිත සිංගප්පුලිගේ 2/41, සනෝජ් දර්ශික 3/42

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<