මහේල සහ චාමිකර වැඩ පෙන්වයි

360

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු වටය නිමා කරමින් අද (12) නිමා වූ තරගවල දී එන්. සී. සී. කණ්ඩායමේ මහේල උඩවත්ත සහ සැරසන්ස් කණ්ඩායමේ චාමිකර එදිරිසිංහ කැපී පෙණෙන දක්ෂතා දැක්වීමට වූහ.

භානුක රාජපක්ෂ පන්දු 47ක දී ශතකයක් රැස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවති තරගවල දී පන්දු 47ක දී ශතකයක්

එන්. සී. සී. කණ්ඩායමේ නායක මහේල උඩවත්ත බී. ආර්. සී. කණ්ඩායමට එරෙහිව පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 106ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී සැරසන්ස් කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන චාමිකර එදිරිසිංහ කෝල්ට්ස් කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 14කට දවා ගනිමින් දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් විය.

මේ අතර කළුතර ටවුන් සමාජයේ ආරම්භක වමත් පිතිකරු රවිඳු කොඩිතුවක්කු ලංකන් ‍ක්‍රිකට් සමාජයට එරෙහි ව පන්දු 136කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 101ක් ලබා ගත් අතර පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන විදෙස් ක්‍රීඩක අමිත් කුමාර් බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයට එරෙහි ව පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 123ක් ලබා ගත්තේ ය.

ගුවන් හමුදා කණ්ඩායමේ දඟපන්දු යවන සුමින්ද ලක්ෂාන් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහි ව ලකුණු 45කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූයේ ය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය (බී කාණ්ඩය)

බ්ලූම්ෆිල්ඩ් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Bloomfield C & AC vs Police SC – Major Limited Overs Tournament 2018/19

බ්ලූම්ෆීඩ්ල් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 263 (50) සනෝජ් දර්ශික 56, මධුශාන් රවිචන්ද්‍රකුමාර 80, අසේල් සිගේරා 31, නිපුන් හග්ගල්ල 26, සුජාන් මයුර 2/37, ගයන්ත විජේතිලක 3/60, මංජුල ජයවර්ධන 2/34, දිනුක් හෙට්ටිආරච්චි 2/61

පොලිස් ක්‍රීඩා සමාජය; කඩුලු 3ක් දැවී 264  (43.5) මාලිංග මලිගස්පේ 90, සුපුන් මධුශංක 28, අමිත් කුමාර් 123


එන්. සී. සී. සහ බී. ආර්. සී. (බී කාණ්ඩය)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 94ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: BRC vs NCC – Major Limited Overs Tournament 2018/19

එන්. සී. සී. කණ්ඩායම; සියලුම දෙනා දැවී 252 (49.1) ලහිරු උදාර 40, දිනේෂ් චන්දිමාල් 40, මහේල උඩවත්ත 106, චාමික කරුණාරත්න 24, මොහොමඩ් ශිරාස් 2/29, චමීර දිසානායක 2/51, ටී. එන්. සම්පත් 2/42, මධුක ලියනපතිරණගේ 3/63

බී. ආර්. සී. කණ්ඩායම; සියලුම දෙනා දැවී 158 (29) භානුක රාජපක්ෂ 33, හෂේන් රාමනායක 28, රමින්ද විජේසූරිය 37, ඩිලේශ් ගුණරත්න 2/18, අසිත ප්‍රනාන්දු 2/27, නිමේෂ ගුණසිංහ 2/19, සචිඳු කොළඹගේ 2/15


රාගම ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (ඩී කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුල්ලක් ජයග්‍රහණයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.  

රාගම ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 224 (49.5) ශෙහාන් ප්‍රනාන්දු 25, සමීර ද සොයිසා 29, රොෂේන් සිල්වා 52, චතුර පීරිස් 30, තික්ෂිල ද සිල්වා 3/62, පරේශ් උදේශි 2/33, රොෂාන් ජයතිස්ස 2/35, නිමේෂ් විමුක්ති 2/33

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 228 (45.1) තික්ෂිල ද සිල්වා 38, කරන් නන්දෙ 31, රිසිත් උපමාල් 20, දසුන් සෙනෙවිරත්න 23, නිමේෂ් විමුක්ති 67, ඉරෝෂ් ප්‍රනාන්දු 20, නිශාන් පීරිස් 2/37, අමිල අපොන්සු 4/22, ශෙහාන් ප්‍රනාන්දු 2/44


බදුරලිය ක්‍රීඩා සමාජය සහ සී. සී. සී. (සී කාණ්ඩය)

සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: CCC vs Badureliya CC – Major Limited Overs Tournament 2018/19

බදුරලිය ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 179 (41.1) ප්‍රමෝද් හෙට්ටිවත්ත 34, කෝසල කුලසේකර 42, දෙනුවන් රාජකුරුණා 28, සචිත් පතිරණ 20, ලහිරු ගමගේ 2/29, මාලින්ද පුෂ්පකුමාර 3/20, අශාන් ප්‍රියංජන් 2/36

සී. සී. සී. කණ්ඩායම; කඩුලු 4ක් දැවී 183 (35.1) රොන් චන්ද්‍රගුප්ත 75, මාධව වර්ණපුර නොදැවී 71, නුවන් තුෂාර 2/43


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රිකට් සමාජය (සී කාණ්ඩය)

කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් සැරසන්ස් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් ලැබූහ.

Photos: Colts vs Saracens SC – Major Limited Overs Tournament 2018/19

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 107 (34.5) සංගීත් කුරේ 31, සධීර සමරවික්‍රම 26, චාමිකර එදිරිසිංහ 6/14

සැරසන්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 108 (28.4) ඇන්ඩි සොලමන්ස් 35, ගමිඳු අමරසිංහ නොදැවී 45, ප්‍රභාත් ජයසූරිය 3/50


කළුතර ටවුන් සමාජය සහ ලංකන් ක්‍රිකට් සමාජය (සී කාණ්ඩය)

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ලංකන් ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ.

කළුතර ටවුන් සමාජය; කඩුලු 9ක් දැවී 204 (50) රවිඳු කොඩිතුවක්කු 101, නිලුෂාන් නෝනිස් 39, චානක රුවන්සිරි 2/42, චානක දේවින්ද 2/40, ගීත් කුමාර 2/29

ලංකන් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 207 (49.2) සංජුල අබේවික්‍රම 39, මධුරංග සොයිසා 81, රාජු ගයාෂාන් 41, එරන්ග රත්නායක 2/35, ලක්ෂාන් ජයසිංහ 3/50


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය (ඒ කාණ්ඩය)

මුවර්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Moors SC vs Kurunegala Youth CC | Major Limited Overs Tournament 2018/19

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 205 (50) දුලාජ් රණතුංග 81, රන්දීර රණසිංහ 64, අයන සිරිවර්ධන 2/22, දනෝෂ් රනෝදිත් 3/41

මුවර්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 204 (41.2) අදීශ තිලාංචන 36, චාමර සිල්වා 56, රමේෂ් මෙන්ඩිස් 20, නිමන්ද සුබසිංහ 37, දිනුෂ්ක මාලන් 2/24, සංජීවන් ප්‍රියදර්ශන 2/49, සරින්ද දසනායක 2/51


පානදුර ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය (බී කාණ්ඩය)

පානදුර මහජන පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 50ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Panadura SC vs Galle CC | Major Limited Overs Tournament 2018/19

පානදුර ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 224 (48.3) විශ්ව චතුරංග 98, තිමිර ජයසිංහ 47, රජීව වීරසිංහ 3/37, කෙවින් කොත්තිගොඩ 3/39, අශාන් මධුශංක 2/29

ගාල්ල ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 174 (44.4) දමිත හුණුකුඹුර 31, නිසල් රන්දික 58, ෂෙහාන් වීරසිංහ 3/38, නවීන් කවිකාර 4/21, චරන නානායක්කාර 3/30


ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. (ඒ කාණ්ඩය)

එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුල්ලක් තියුණු ජයක් ලබා ගැනීමට එස් එස්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: SSC vs Tamil Union C & AC – Major Limited Overs Tournament 2018/19

ටැමින් යූනියන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 234 (46) රමිත රඹුක්වැල්ල 41, ජීවන් මෙන්ඩිස් 50, මනෝජ් සරත්චන්ද්‍ර 42, බිනුර ප්‍රනාන්දු 25, සචිත්‍ර සේනානායක 3/35, සම්මු අශාන් 4/63,

එස්. එස්. සී. කණ්ඩායම; කඩුලු 9ක් දැවී 235 (49.4) ධනුෂ්ක මධුශංක 23, සචිත්‍ර සේනානායක 39, සම්මු අශාන් 33, ධම්මික ප්‍රසාද් 36, හිමේෂ් රාමනායක 22, සුරංග ලක්මාල් 2/52, දමිත සිල්වා 2/18, ජීවන් මෙන්ඩිස් 2/43


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් (ඩී කාණ්ඩය)

කටුනායක ගුවන් හමුදා ක්‍රිකටි පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 41ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

ගුවන් හමුදාව; සියලුම දෙනා දැවී 243 (48.3) චානක විජේසිංහ 80, කෞෂල්‍ය ගජසිංහ 52, දිලිප් තාරක 27, කේ. එල්. ජේ. පෙරේරා 2/20, ඩිලාන් සුරවීර 2/39, සුමේද දිසානායක 3/35

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 202 (50) නිම්නක රත්නායක 41, ටී. ජී. බී. ප්‍රසාද් 22, කාවින්ද මානප්පෙරුම 52, සුමින්ද ලක්ෂාන් 5/45


මීගමු ක්‍රිකට් සමාජය සහ යුද හමුදාව (ඩී කාණ්ඩය)

පනාගොඩ යුද හමුදා මූලස්ථාන ක්‍රිකට් පිටියේ දී පැවති තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

මීගමුව ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 84 (25.1) ප්‍රසංසන ජයමාන්න24, දුෂාන් විමුක්ති 4/35, සංජික රිද්ම 4/26

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 85 (21.2) දුශාන් විමුක්ති 22, ෂෙහාන් ජයසූරිය 3/25, රොෂේන් ප්‍රනාන්දු 4/38


නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය (ඒ කාණ්ඩය)

වැලිසර නාවික හමුදා මූලස්ථාන ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

නාවික හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 259 (50) ඩිලාන් චන්දිම 65, තරුෂාන් ඉද්දමල්ගොඩ 40, දුෂාන් හේමන්ත 59, සාලිත ප්‍රනාන්දු නොදැවී 37, චමින්ද බණ්ඩාර 2/50, හෂාන් විමර්ශන 2/62, අදීශ නානායක්කාර 2/32

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 216 (43.5) ප්‍රිමෝෂ් පෙරේරා 24, ගයාන් මනීශාන් 92, අදීශ නානායක්කාර 48, සවිඳු පීරිස් 3/46, ඩිලාන් චන්දිම 4/42

මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඒ කාණ්ඩය නියෝජනය කරමින් එස්. එස්. සී. සහ මුවර්ස් ද බී කාණ්ඩය නියෝජනය කරමින් එන්. සී. සී. සහ පානදුර ද සී කාණ්ඩය නියෝජනය කරමින් සැරසන්ස් සහ සී. සී. සී. ද ඩී කාණ්ඩය නියෝජනය කරමින් යුද හමුදාව සහ රාගම යන කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<