භානුක රාජපක්ෂ පන්දු 47ක දී ශතකයක් රැස් කරයි

644

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවති තරගවල දී පන්දු 47ක දී ශතකයක් වාර්තා කිරීමට බී. ආර්. සී. කණ්ඩායමේ භානුක රාජපක්ෂ සමත් විය.

සුමේධ තිලකරත්න දිනයේ දක්ෂතම පන්දු යවන්නා වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (7) පැවති තරගවල දී දිනයේ හොඳම පන්දු යැවීම…

ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව  ඔහු නොදැවී ලකුණු 105ක් වාර්තා කළේය. ඔහුගේ ඉනිම පන්දු 49කින් සමන්විත වූ අතර හතරේ පහර 6ක් සහ හයේ පහර 10ක් ඊට අයත් විය.  

මේ අතර පැවති අනෙක් තරගවල දී එන්. සී. සී. කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සහ චතුරංග ද සිල්වා බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයට එරෙහිව ශතක ලබා ගැනීම කැපී පෙණුනි. දිනේෂ් චන්දිමාල් පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 113ක් ලබා ගත් අතර චතුරංග ද සිල්වා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 102කි. ඔහු පන්දු 63කට මුහුණ දුන් අතර හතරේ පහර 6ක් සහ හයේ පහර 9ක් තම ඉනිමට ඇතුලත් කළේ ය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ලකුණු 154ක සබඳතාවක් ද එක් කළ හ.

ඊට අමතරව කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සධීර සමරවික්‍රම සහ හෂාන් දුමිඳු ද ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වූහ. ඒ ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව ය. සධීර සමරවික්‍රම පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තේ ය. හෂාන් දුමිඳු පන්දු 112 ක් වැය කරමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තේ ය.  

මේ අතර පොලිස් ක්‍රීඩා සමාජයේ විදෙස් ක්‍රීඩක ගිටාන්ෂ් කෙහෙරා පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවුණ ලකුණු 111ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී රාගම ක්‍රිකට් සමාජයේ දකුණතින් පිට දඟපන්දු යවන නිශාන් පීරිස් ලකුණු 16කට කඩුලු 5ක් ලබා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

දුර්වල පන්දු රැකීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 332ක දැවැන්ත ඉලක්කයක්!

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව තීරණාත්මක තෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළ තරගාවලියේ සජීවීව රැඳී සිටින්නට නම් අද (10) තරගය අනිවාර්යයෙන්ම ජය…

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය (ඒ කාණ්ඩය)

කොළඹ මුවර්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Moors SC vs SL Ports Authority SC | Major Limited Overs Tournament 2018/19

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය: සියලුම දෙනා දැවී 209 (49.5) යොහාන් ද සිල්වා 54, ගයාන් මනීෂාන් 39, රනේෂ් පෙරේරා 31, ප්‍රශාන් වික්‍රමසිංහ 30, ඉමේෂ් උදයංග නොදැවී 30, අයන සිරිවර්ධන 2/46, චනුක ඩිල්ශාන් 2/46, තරිඳු කෞෂාල් 2/36, දනෝෂ් රනෝදිත් 3/32

මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 5ක් දැවී 213 (33.4) පබසර වඩුගේ 86, ලහිරු අත්තනායක 42, අදීශ තිලාංචන නොදැවී 51, පූර්ණ සිල්වා 2/67, ඉමේස් උදයංග 3/52


බදුරලිය ක්‍රීඩා සමාජය සහ කළුතර ටවුන් සමාජය (සී කාණ්ඩය)

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කළුතර ටවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.

බදුරලිය ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 137 (43.1) ලහිරු සමරකෝන් 35, ප්‍රමෝද් හෙට්ටිවත්ත 39, එරංග රත්නායක 2/24, සුමුදු සමීර 3/35, මතීෂ පෙරේරා 3/12

කළුතර ටවුන් සමාජය; කඩුලු 3ක් දැවී 138 (28.4) රවිඳු කොඩිතුවක්කු 23, වී. අමුගොඩ 40, නිලුශාන් නෝනිස් නොදැවී 55


ලංකන් ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (සී කාණ්ඩය)

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Colts CC vs Lankan CC | Major Limited Overs Tournament 2018/19

ලංකන් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 268 (50) ලහිරු ඩිල්ශාන් 38, මධුරංග සොයිසා 25, ගීත් කුමාර 76, ශිෆ්රාන් මුතාලිප් 45, රාජු ගයාෂාන් 21, කවිශ්ක අංජුල 3/56, නිසල තාරක 2/51,

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 3ක් දැවී 271 (47.3) සධීර සමරවික්‍රම 102, හෂාන් දුමිඳු 111, ජෙහාන් ඩැනියෙල් නොදැවී 31ප්‍රභාත් ජයසූරිය 2/49


එන්. සී. සී. සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය (බී කාණ්ඩය)

කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 92ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Bloomfield C & AC vs NCC | Major Limited Overs Tournament 2018/19

එන්. සී. සී. කණ්ඩායම; කඩුලු 3ක් දැවී 335 (50) මාලිංග අමරසිංහ 45, හසිත බෝයගොඩ 65, දිනේෂ් චන්දිමාල් නොදැවී 113, චතුරංග ද සිල්වා 102,  

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; 243 (45.1) සචින් ජයවර්ධන 55, ගීශාත් පණ්ඩිතරත්න 58, සනෝජ් දර්ශික 38, අසේල් සිගේරා 50, අසිත ප්‍රනාන්දු 3/43, සචිඳු කොළඹගේ 3/46

16 හැවිරිදි නිම්නක ජයතිලකගෙන් දෙවැනි දිනයේ දී විස්මිත දස්කම්!

කන්ද උඩරට ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන පාසල් දෙකක් වන කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය…

පානදුර ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය (බී කාණ්ඩය)

තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බලකා පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

Photos: Police SC vs Panadura SC | Major Limited Overs Tournament 2018/19

පානදුර ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 246 (50) විශ්ව චතුරංග 79, තිමිර ජයසිංහ 23, නිපුන දේශාන් 22, අසන්ත බස්නායක 53, විනෝද් පෙරේරා 22, මංජුල ජයවර්ධන 2/38, දිනුක් හෙට්ටිආරච්චි 2/41, සුපුන් මධුශංක 2/34

පොලිස් ක්‍රීඩා සමාජය; කඩුලු 5ක් දැවී 250 (48) මාලිංග මලිගස්පේ 33, අමිට් කුමාර් 35, ගිටාන්ෂ් කෙහෙරා නොදැවී 111, මහේෂ් ප්‍රියදර්ශන 25, තරුෂ ප්‍රනාන්දු 3/42


බී. ආර්. සී. සහ ගාල්ල ක්‍රිකට් සමාජය (බී කාණ්ඩය)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 50ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බී. ආර්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

බී. ආර්. සී. කණ්ඩායම ; කඩුලු 4ක් දැවී 321 (50) සවින් ගුණසේකර 97, දේශාන් ඩයස් 55, භානුක රාජපක්ෂ නොදැවී 105, රුමේෂ් බුද්ධික 41, කෙවින් කොත්තිගොඩ 2/59

ගාල්ල ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 271 (42.2) නිසල් රන්දික 43, අශාන් මධුශංක 43, හර්ෂ විතාන 48, කෙවින් කොත්තිගොඩ 42, ඒ. වර්ණකුලසූරිය 32, ගයාන් සිරිසෝම නොදැවී 19, ටී. එන්. සම්පත් 3/48, මොහොමඩ් ෂිරාස් 3/64, චමීර දිසානායක 2/37


සී. සී. සී. සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය (සී කාණ්ඩය)

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 11ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: CCC vs Saracens SC – Major Limited Overs Tournament 2018/19

සී. සී. සී. කණ්ඩායම; සියලුම දෙනා දැවී 211 (48) මිනෝද් භානුක 83, මාධව වර්ණපුර 26, ලහිරු මධුශංක 34,  සචිත්‍ර පෙරේරා 3/47, චාමිකර එදිරිසිංහ 2/30

සැරසන්ස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 200 (48.4) රනිත ලියනාරච්චි 29, නිපුන් කරුණානායක 40, චාමිකර එදිරිසිංහ නොදැවී 22, සචිත්‍ර පෙරේරා 35, ලහිරු ගමගේ 2/33, මාලින්ද පුෂ්පකුමාර 2/32


කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය (ඩී කාණ්ඩය)

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාගම ක්‍රීඩකයෝ සමත් වූ හ.

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 89 (28.4) බුද්ධික මෙන්ඩිස් 29, ඉෂාර ජයරත්න 2/25, නිශාන් පීරිස් 5/16, අමිල අපොන්සු 2/27

රාගම ක්‍රිකට් සමාජය; කඩුල්ලක් දැවී 92 (13.5) දිනෙත් තිමෝද්‍ය 45, ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 41


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ යුද හමුදාව (ඩී කාණ්ඩය)

පනාගොඩ යුද හමුදා මූලස්ථාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 253 (50) කරන් නන්දෙ 106, දසුන් සෙනෙවිරත්න 65, පුලින තරංග 37, නුවන් ලියනපතිරණ 2/49, ජනිත් සිල්වා 3/31, සංජික රිද්ම 2/24

යුද හමුදා ක්‍රිකට් සමාජය; කඩුලු 4ක් දැවී 254 (46.1) අශාන් රන්දික 37, හිමාෂ ලියනගේ 87, දුශාන් විමුක්ති 25, ඩිල්ශාන් ද සොයිසා 39, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 55, රොෂාන් ජයතිස්ස 2/31


එස්. එස්. සී. සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය (ඒ කාණ්ඩය)

වැලිසර නාවික හමුදා මූලස්ථාන ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: SSC vs Navy SC | Major Limited Overs Cricket Tournament 2018/19

නාවික හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 204 (50) ආසිරි ද සිල්වා 26, සුපුන් ලීලාරත්න 22, තරුෂාන් ඉද්දමල්ගොඩ 73, සාලිත ප්‍රනාන්දු 27, තරිඳු රත්නායක 2/30, සචිත්‍ර සේනානායක 3/40, ජෙෆ්රි වැන්ඩර්සේ 3/45,

එස්. එස්. සී. කණ්ඩායම; කඩුලු 8ක් දැවී 207 (49.3) කවිඳු කුලසේකර 24, සචිත්‍ර සේනානායක 55, චාමර කපුගෙදර 58, දසුන් ශානක 27, ඩිලංක අවර්ඩ්ට් 2/37, බුද්ධික මධුශාන් 2/34, දුශාන් හේමන්ත 3/42


ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සහ කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය (ඒ කාණ්ඩය)

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය සමත් විය.

Photos: Kurunegala Youth CC vs Tamil Union C & AC | Major Limited Overs Tournament 2018/19

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 212 (50) කේශාන් වන්නිආරච්චි 22, ශාලික කරුණානායක 25,  දිනුෂ්ක මාලන් නොදැවී 60, ලහිරු ජයරත්න 35, රන්දීර රණසිංහ 19, බිනුර ප්‍රනාන්දු 3/43, ජීවන් මෙන්ඩිස් 2/44

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 203 (47) ජීවන් මෙන්ඩිස් 22, මනෝජ් සරත්චන්ද්‍ර 29, බිනුර ප්‍රනාන්දු 61, දමිත සිල්වා 23, ප්‍රමෝද් මධුශාන් නොදැවී 25, ලහිරු ජයරත්න 2/25, දිනුෂ්ක මාලන් 4/34, රන්දීර රණසිංහ 2/32, සංජීව ප්‍රියදර්ශන 2/65


මීගමුව ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

කටුනායක නිදහස් වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 64ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මීගමු ක්‍රීඩකයෝ සමත් වූහ.

මීගමුව ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 222 (49.1) ලසිත් කෘස්පුල්ලේ 21, ෂෙහාන් ජයසූරිය 55, අශේන් සිල්වා 53, ඩිලාන් ජයලත් 32, සම්පත් පෙරේරා 3/29, උමේග චතුරංග 3/32, දිලිප් තාරක 2/25

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 158 (41.4) සචික උදාර 19, කෞෂල්‍ය ගජසිංහ 33, දිලිප් තාරක 31, සහන් ආරච්චිගේ 3/28, උපුල් ඉන්ද්‍රසිරි 2/32  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<