කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් දක්ෂතා දක්වයි

114

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23) දිනයේ අවසන් වූ තරග අතුරින් තුන් ඉරියව් දක්ෂතා දක්වමින් දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සමත් වූවේය. 

පාකිස්තානයේ අම්ජාඩ් ශතකයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර තරගාවලියේ අද (22) දිනයේ අවසන් වූ…………..

ඔහු එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේ දී ලකුණු 33කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර පිතිකරුවෙකු ලෙසින් පිටියට පිවිස නොදැවී ලකුණු 31ක් රැස්කර ගෙන තරගය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට ද ඔහු සමත් විය. පන්දු 53කින් සමන්විත වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් ඇතුළත් විය. 

මේ අතර අද දිනයේ පැවති තරග වලදී අර්ධ ශතක 3ක් වාර්තා විය. එහිදී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ රොමේෂ් බුද්ධික පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 53ක් රැස්කර ගත්තේ එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දීය. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම නියෝජනය කළ ආරම්භක පිතිකරු සුපුන් කාවින්ද පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේ දී පන්දු 80කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් රැස්කර ගත්තේය. ඊට අමතරව ගාල්ල ක්‍රිකට් සමාජයේ පාකිස්තාන ක්‍රීඩක මංසූර් අම්ජාඩ් කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවති තරගයේ දී පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත් විය. 

පන්දු යැවීමේ දී පොලිස් ක්‍රීඩා සමාජයේ අසෙල් සිගේරා ලකුණු 22කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූයේ වරාය අධිකාරිය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දීය. 

යොහාන් අර්ධ ශතකයක් රැස්කර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද ( 1 9 ) දින ක්‍රියාත්මක…….

  • Group B

ගාල්ල සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය (ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී) 

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 147 (45.1) අකිල් ඉන්හාම් 20, ක්‍රිශේන් අපෝන්සු 47, අදීබ් හසන් 2/29, කවික ඩිල්ශාන් 2/25, සාරංග රාජගුරු 2/12. 

ගාල්ල ක්‍රිකට් සමාජය : කඩුලු 2ක් දැවී 83 (22) මංසූර් අම්ජාඩ් නොදැවී 51. 

ගාල්ල ක්‍රිකට් සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 34ක ජයක් හිමිවිය. 


එන්. සී. සී. සහ හලාවත මේරියන්ස් අතර තරගය (එන්. සී. සී. පිටියේ දී)

Photos: NCC vs Chilaw Marians CC | SLC Invitation Limited Over Tournament 2019/20  

එන්. සී. සී. : සියලු දෙනා දැවී 173 (44.5) පැතුම් නිස්සංක 36, මහේල උඩවත්ත 30, චතුරංග ද සිල්වා 40, සහන් ආරච්චිගේ 20, අරුන් මෙලයිල් 2/34, කමිඳු මෙන්ඩිස් 5/33

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 5ක් දැවී 177 (40.4) ලසිත් කෘaස්පුල්ලේ 28, රුමේෂ් බුද්ධික 53, ෂෙහාන් ජයසූරිය 25, කමිඳු මෙන්ඩිස් නොදැවී 31, පුලින තරංග නොදැවී 22. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 5ක ජයක් හිමිවිය. 

ඩිල්ෂාන් මුණවීර තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද ( 1 8) දින නිමා වූ………

පොලිස් සහ වරාය අතර තරගය (පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී) 

Photos: SL Ports Authority CC vs Police SC | SLC Invitation Limited Over Tournament 2019/20

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 161 (48.3) සුපුන් කාවින්ද 54, අමෝද විදානපතිරණ 21, ප්‍රශාන් වික්‍රමසිංහ 20, මිතිල අරවින්ද 27, මොහොමඩ් ෆාහීම් 2/47, අසෙල් සිගේරා 4/22, සුපුන් මධුශංක 3/27. 

පොලිස් ක්‍රීඩා සමාජය : කඩුලු 6ක් දැවී 162 (44.2) ලක්ෂාන් රොද්‍රිගෝ 21, වී. ඒ. ඉදුල්කර් 30, අසෙල් සිගේරා 27, මංජුල ජයවර්ධන නොදැවී 19, චානක කොමසාරිස් 2/23. 

පොලිස් ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක් හිමිවිය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<