අසිත සහ අශේන් දක්ෂතා දක්වයි

146

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (8) පැවති තරග අතුරින් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරන දකුණතින් වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වෙද්දී සැරසන්ස් ක්‍රීඩා සමාජයේ අශේන් බණ්ඩාර කැපී පෙනෙන පිතිකරුවා බවට පත් විය.

තික්ෂිල ද සිල්වාගෙන් දක්ෂ පන්දු යැවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (06…

22 හැවිරිදි අසිත ප්‍රනාන්දු නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දුවාර 4ක් යවමින් ලකුණු 08කට කඩුලු 6ක් දවා ගත්තේය. ඔහු තමන් විසින් යැවූ අවසන් පන්දු වාරයේ දී කඩුලු 3ක් දවා ගත්තේ එක් ලකුණක් පමණක් ලබා දෙමිනි.

සැරසන්ස් ක්‍රීඩා සමාජයේ 21 හැවිරිදි දකුණත් පිතිකරු අශේන් බණ්ඩාර දිනයේ වාර්තා කළ එකම ශතකය වාර්තා කිරීමට සමත් විය. එය මෙම තරගාවලියේ දෙවැනි ශතකයයි. ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තේය. 

ඊට අමරතව සැරසන්ස් ඉනිම ලකුණකට කඩුලු 3ක් දැවී ගොස් තිබිය දී නායක මිලින්ද සිරිවර්ධන හා එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් එක් කිරීමට ද ඔහු සමත් විය. මිලින්ද සිරිවර්ධන ද පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේය. 

මේ අතර ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ දකුණතින් වේගපන්දු යවන ලසඳ රුක්මාල් යුද හමුදාවට එරෙහිව ලකුණු 31කට කඩුලු 5ක් දවා ගත්තේය. 

පොලිස් ක්‍රීඩා සමාජයේ මධුරංග සොයිසා සහ සුපුන් මධුශංක නාවික හමුදා ක්‍රීඩකයන්ට එරෙහිව අර්ධ ශතක දෙකක් ලබා ගැනීම කැපී පෙණුනි. මධුරංග සොයිසා පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තේය. 

සුපුන් මධුශංක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 52කි. ඔහු ඒ සඳහා පන්දු 25ක් පමණක් වැය කළ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඇතුළත් කිරීමට සමත් විය. ඔහු පා දඟපන්දු යවමින් ප්‍රතිවාදී කඩුලු 3ක් ලකුණු 15කට දවා ගනිමින් ද දක්ෂතා දැක්විය. 

එන්. සී. සී. කණ්ඩායමේ මහේල උඩවත්ත, අසල්වැසි එස්. එස්. සී. ක්‍රීඩකයන්ට එරෙහිව පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබා ගනිද්දී ගාල්ල ක්‍රිකට් සමාජයේ නායක නිමේෂ් පෙරේරා, පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා ගත්තේය.

ලංකන් ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකරු ප්‍රිමෝෂ් පෙරේරා නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේය. එම තරගයේ දී නුගේගොඩ ක්‍රීඩා සමාජයේ චන්දුල වීරරත්න ලකුණු 26කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. 

මුවර්ස් ක්‍රීඩා සමාජයේ දකුණතින් පිට දඟපන්දු යවන රමේෂ් මෙන්ඩිස් ද බදුරලිය ක්‍රීඩා සාමාජයට එරෙහිව ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්යේය. එම තරගයේ දී මුවර්ස් ක්‍රීඩා සමාජයේ ආරම්භක දකුණත් පිතිකරු චරිත කුමාරසිංහ පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තේය. 

උදානට තෙවැනි තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉසුරු උදාන ඉන්දීය තරග සංචාරයේ…

මේ අතර යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගයේ දී යුද හමුදාව නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේය. ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයේ මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ලබා ගනිද්දී සී. සී. සී. සහ වරාය අධිකාරිය අතර තරගයේ දී ලසිත් අබේරත්න ද පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තේය. 

Group A

මුවර්ස් සහ බදුරලිය අතර තරගය

  • බදුරලිය ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 158 (20) යසෝද ලංකා 22, ලහිරු සමරකෝන් 23, ලහිරු මිලන්ත 26, දුෂාන් හේමන්ත 33, දමිත් පෙරේරා 22, අනුක් ප්‍රනාන්දු 2/18, රමේෂ් මෙන්ඩිස් 4/17
  • මුවර්ස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 112 (18.1) චරිත කුමාරසිංහ 53, අදීශ තිලාංචන 17,  බුද්ධික සංජීව 3/27, ධනෝෂ් රනෝදිත් 2/17, ෂෙහාන් මධුශංක 2/10

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් බදුරලිය ක්‍රීඩා සමාජයට ලකුණු 46ක ජයක් හිමි විය.

Photos: Moors SC Vs Badureliya CC | SLC Invitation T20 Tournament 2019/20

යුනිචෙලා සහ කෝල්ට්ස් අතර තරගය 

  • යුනිචෙලා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 63 (19.3) දුලිත් ගයාන් 11, නිසල තාරක 2/18, නිපුන් රංසික 2/08, ප්‍රභාත් ජයසූරිය 2/07
  • කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 64 (19) සංගීත් කුරේ 21, විශාද් රන්දික නොදැවී 20, ධනුෂ්ක රණසිංහ 2/11

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සමත් විය.

ගාල්ල සහ පානදුර අතර තරගය 

  • පානදුර ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 127 (20) විශ්ව චතුරංග 28, උමේෂ් කරුණාරත්න 26, සංජික රිද්ම 38, මිතුන් ජයවික්‍රම 2/22
  • ගාල්ල ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 128 (19.1) මංසූර් අම්ජාඩ් 29, නිමේෂ් පෙරේරා නොදැවී 66, 

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ගාල්ල ක්‍රිකට් සමාජයට කඩුලු 5ක ජයක් හිමි විය. 

Photos: Galle CC Vs Panadura SC | SLC Invitation T20 Tournament 2019/20


Group B

එන්. සී. සී සහ එස්. එස්. සී. අතර තරගය

  • එස්. එස්. සී; කඩුලු 9ක් දැවී 122 (20) චරිත් අසලංක 34, සචිත්‍ර සේනානායක 39, සචින්ත පීරිස් 2/13, චාමික ගුණසේකර 2/20, චතුරග ද සිල්වා 2/20
  • එන්. සී. සී.; කඩුලු 3ක් දැවී 123 (18.5) මහේල උඩවත්ත නොදැවී 69, ඇන්ජලෝ පෙරේරා 43

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් එන්. සී. සී. ක්‍රීඩකයන්ට කඩුලු 7ක ජයක් හිමි විය. 

Photos: NCC Vs SSC – SLC Invitational T20 Tournament 2019/20

ටැමිල් යූනියන් සහ සැරසන්ස් අතර තරගය 

  • සැරසන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 190 (20) මිලින්ද සිරිවර්ධන 54, අශේන් බණ්ඩාර නොදැවී 101, හර්ෂ රාජපක්ෂ 25, විමුක්ති පෙරේරා 2/30, කසුන් මධුශංක 2/40
  • ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 185 (20) ප්‍රසසංසන ජයමාන්න 31, කමේෂ් නිර්මාල් 20, මනෝජ් සරත්චන්ද්‍ර 54, මධුක ලියනපතිරණගේ 20, සාලිය සමන් 3/33, මොහොමඩ් ඩිල්ශාඩ් 2/42

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවැති මෙම තරගයෙන් සැරසන්ස් ක්‍රිකට් ක්‍රීඩකයෝ ලකුණු 5ක ජයක් ලැබූහ. 

පොලිස් සහ නාවික හමුදාව අතර තරග 

  • පොලිස් ක්‍රීඩා සමාජය; කඩුලු 4ක් දැවී 172 (20) ලක්ෂාන් රොද්‍රිගෝ 32, මධුරංග සොයිසා නොදැවී 68, සුපුන් මධුශංක 52, සවිඳු පීරිස් 2/31
  • ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 111 (19) සමිත රංග 25, අසේල් සිගේරා 2/16, ලහිරු ඩියන්ත 2/08, සුපුන් මධුශංක 3/15

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් පොලිස් ක්‍රීඩා සමාජයට ලකුණු 61ක ජයක් හිමි විය. 

ස්ටොක්ස්ගේ මැජික් දස්කම් සමඟ එංගලන්තය එකට එක කරයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කේප් ටවුන්හිදී පැවති දෙවැනි…


Group C

යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගය 

  • ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 152 (19.2) දිනේෂ් චන්දිමාල් 51, තුලින ඩිල්ශාන් 20, මහේෂ් කුමාර 23, ලසඳ රුක්මාල් 5/31, අරවින්ද ප්‍රේමරත්න 2/24, අසංක ලක්ෂාන් 2/21
  • ශ්‍රී ලංකා ගුවන් හමුදා සමාජය; සියලුම දෙනා දැවී 120(20) චාමර ප්‍රනාන්දු 45, සුමින්ද ලක්ෂාන් 19, දුෂාන් විමුක්ති 2/10, තුලින ඩිල්ශාන් 3/03

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් යුද හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 32ක ජයක් හිමි විය. 

Photos: Air Force SC Vs Army SC | SLC Invitational T20 Tournament 2019/20

මීගමුව සහ හලාවත මේරියන්ස් අතර තරගය 

  • හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 133 (20) පුලින තරංග නොදැවී 47, රුමේෂ් බුද්ධික 25, සහන් අදීශ 2/28, මාධව වර්ණපුර 2/13
  • මීගමුව ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 95 (19) පසිඳු ලක්ෂාන් 40, අසිත ප්‍රනාන්දු 6/08, නිමේෂ් විමුක්ති 2/23

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ ලකුණු 38ක ජයක් ලැබූහ.  

Photos – Chilaw Marians CC Vs Negombo CC | SLC Invitational T20 Tournament 2019/20

කුරුණෑගල යූත් සහ කළුතර නාගරික අතර තරගය

  • කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; කඩුලු 6ක් දැවී 124 (20) මාලිංග මලිගස්පේ 26, තාරින්ද විජේසිංහ නොදැවී 39, රන්දීර රණසිංහ නොදැවී 20, ඉන්සක සිරිවර්ධන 2/17, ඉෂාන් අබේසේකර 2/21 
  • කළුතර ටවුන් සමාජය; කඩුලු 5ක් දැවී 125 (18.4) අනුශ්ක පෙරේරා 48 

කොළඹ 7, එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කළුතර නාගරික ක්‍රීඩකයන්ට කඩුලු 5ක ජයක් හිමි විය. 

Photos: Kurunegala Youth CC Vs Kalutara TC | SLC Invitational T20 Tournament 2019/20


Group D

ලංකන් සහ නුගේගොඩ අතර තරගය

  • ලංකන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 136 (20)  ප්‍රිමෝෂ් පෙරේරා 54, දමිත සිල්වා 45, චන්දුල වීරරත්න 4/26, මතීෂ පෙරේරා 2/16
  • නුගේගොඩ ක්‍රිකට් සමාජය; කඩුලු 6ක් දැවී 119 (20) ඉරෝෂ් සමරසූරිය 19, ප්‍රමුද් හෙට්ටිවත්ත 47, දෙනුවන් රාජකරුණා නොදැවී 22

හැව්ලොක් ටවුන් කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලංකන් ක්‍රිකට් සමාජයට ලකුණු 17ක ජයක් හිමි විය .

සී. සී. සී. සහ වරාය අතර තරගය

  • සී. සී. සී.; කඩුලු 7ක් දැවී 143 (20) අශාන් ප්‍රියංජන 20, රොන් චන්ද්‍රගුප්ත 20, ලසිත් අබේරත්න නොදැවී 50, රජීව වීරසිංහ 2/25, සුපුන් කාවින්ද 3/15 
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 113 (20) යොහාන් ද සිල්වා 46, ගයාන් මනීෂාන් 25, මාලින්ද පුෂ්පකුමාර 2/26, ලහිරු ගමගේ 2/25, නුවන් තුෂාර 3/19

කොළඹ එන්. සී. සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් සී. සී. සී. ක්‍රීඩකයෝ ලකුණු 30ක ජයක් ලැබූහ. 

රාගම සහ බී. ආර්. සී. අතර තරගය

  • බී. ආර්. සී; කඩුලු 9ක් දැවී 108 (20) හෂේන් රාමනායක 40, ඉෂාන් ජයරත්න 2/20, අමිල අපෝන්සු 3/07, 
  • රාගම ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 109 (17.4) නිශාන් මධුශංක 33, උදාර ජයසුන්දර 25, ඉෂාන් ජයරත්න 23, කෙවින් කොත්තිගොඩ 2/24

හැව්ලොක් ටවුන් කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් රාගම ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක් හිමි විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<