අශාන්, ෂෙශාන්, කමිඳු සහ ඩිල්ෂාඩ් දක්ෂතා දක්වයි

108

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වීමට අශාන් ප්‍රියංජන්, ෂෙහාන් ජයසූරිය, කමිඳු මෙන්ඩිස් සහ මොහොමඩ් ඩිල්ෂාඩ් සමත් වූහ. 

දේශීය පළමු පෙළ තවත් විස්සයි විස්ස තරගාවලියක් ඇරඹෙයි

2019/20 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ පළමු පෙළ දේශීය පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ තවත් අදියරක් අද….

සී. සී. සී. කණ්ඩායමේ නායක අශාන් ප්‍රියංජන් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 90ක් ලබා ගත්තේය. පන්දු 48ක් පිටියේ රැඳී සිටි ප්‍රියංජන් හතරේ පහර 10කින් සහ හයේ පහර 5කින් තම ඉනිම වර්ණවත් කර ගත්තේය. ඔහු පන්දු යැවීමේ දී පන්දුවාර 3.4ක් යවමින් ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනිමින් ද දක්ෂතා දැක්විය. 

මීට අමතරව හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ නායක ෂෙහාන් ජයසූරිය පන්දු 46ක දී හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 107ක් ලබා ගනිද්දී කමිඳු මෙන්ඩිස් පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 99ක් ලබා ගැනීම කැපී පෙණුනි. ඔවුන් දෙදෙනා එම දක්ෂතාව සිදු කළේ කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයට එරෙහිව ය. 

සැරසන්ස් ක්‍රිකට් සමාජයේ මොහොමඩ් ඩිල්ෂාඩ් එස්. එස්. සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 21කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වීම ද කැපී පෙණුනි. 

Group A

මුවර්ස් සහ බ්ලුම්ෆීල්ඩ්

  • බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 138 (20) රෙවාන් කෙලී 40, ඩිල්හාන් කුරේ 30, මිෂේන් සිල්වා නොදැවී 31, නිමන්ද සුබසිංහ 4/22
  • මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 3ක් දැවී 143 (16) චරිත කුමාරසිංහ 60, පබසර වඩුගේ නොදැවී 62, චතුර ඔබේසේකර 2/25

බොරැල්ල, පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් මුවර්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක් හිමි විය. 

ගාල්ල සහ බදුරලිය

  • බදුරලිය ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 155 (20) යසෝධ ලංකා 29, සාලින්ද උෂාන් 34, දමිත් පෙරේරා 39, රවිශ්ක විජේසිරි 2/09, මංසූර් අම්ජාඩ් 4/18, චතුර ලක්ෂාන් 2/23
  • ගාල්ල ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 131 (19.4) මංසූර් අම්ජාඩ් 52, නුවන් ප්‍රියදර්ශන 19, බුද්ධික සංජීව 3/24, ලහිරු සමරකෝන් 2/19, අලංකාර අසංක 2/27

බොරැල්ල, පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් බදුරලිය ක්‍රිකට් සමාජයට ලකුණු 24ක ජයක් විය. 

පානදුර සහ කෝල්ට්ස්

  • කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 175 (20) සදීර සමරවික්‍රම 73, සංගීත් කුරේ 31, දුලාංජන මෙන්ඩිස් 2/31, මින්හාජ් ජලීල් 3/29
  • පානදුර ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 143 (20) මින්හාජ් ජලීල් 56, හර්ෂ කුරේ 47, නිසල තාරක 2/21, අකිල ධනංජය 2/28

එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 32ක ජයක් කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට හිමි විය. 

නව දශකයේ ලැබෙන පළමු අභියෝගය කෙසේ වෙයි ද?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග …

Group B

ටැමිල් යූනියන් සහ නාවික හමුදාව

  • ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 153 (20) කමේෂ් නිර්මාල් 28, මනෝජ් සරත්චන්ද්‍ර 32, රන්මිත් ජයසේන නොදැවී 33, බුද්ධික මධුශාන් 2/20
  • ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 98 (20) සවිඳු පීරිස් නොදැවී 23, රමිත රඹුක්වැල්ල 2/09

සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට ලකුණු 55ක ජයක් හිමි විය. 

එන්. සී. සී සහ පොලිස්

Photos: NCC vs Police SC | SLC Invitation T20 Tournament 2019/20

  • එන්. සී. සී.; කඩුලු 3ක් දැවී 234 (20) පැතුම් නිස්සංක 77, ලහිරු උදාර 82, මහේල උඩවත්ත නොදැවී 57
  • පොලිස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 111 (17) ලක්ෂාන් රොද්‍රිගෝ 51, රවිඳු තිලකරත්න 3/14, සචිඳු කොළඹගේ 3/28

එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් එන්. එන්. සී. කණ්ඩායමට ලකුණු 123ක ජයක් හිමි විය. 

එස්. එස්. සී. සහ සැරසන්ස්

Photos: Saracens SC vs SSC | SLC Invitation T20 Tournament 2019/20

  • එස්. එස්. සී.; සියලුම දෙනා දැවී 130 (19.4) ක්‍රිශාන් සංජුල 26, සම්මු අශාන් 32, මොහොමඩ් ඩිල්ෂාඩ් 5/21
  • සැරසන්ස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 120 (20) රනිත ලියනාරච්චි 33, හර්ෂ රාජපක්ෂ 39, සචිත්‍ර සේනානායක 3/18, ජෙෆ්රි වැන්ඩර්සේ 2/28

කොළඹ, සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් එස්. එස්. සී. කණ්ඩායමට ලකුණු 9ක ජයක් හිමි විය. 

Group C

මීගමුව සහ ගුවන් හමුදාව

  • මීගමුව ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 118 (19.5) ඩිල්ෂාන් මුණවීර 33, ලසඳ රුක්මාල් 2/29, සංජය රණවීර 3/33, ප්‍රමෝද් කුමාර 2/06, රසින්ද්‍ර සිල්වා 2/17
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 6ක් දැවී 119 (19.4) චාමර ප්‍රනාන්දු 44, ශබීක් ඉෆ්ත්‍රි 27, මාධව නිමේෂ් 19, මාධව වර්ණපුර 2/11

කොළඹ, කොල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක් හිමි විය. 

යුද හමුදාව සහ කළුතර

  • ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 111 (20) අශාන් රන්දික 33, දිනේෂ් චන්දිමාල් 21, දුශාන් විමුක්ති 21, ඉන්දික සිරිවර්ධන 3/15
  • කළුතර නාගරික ක්‍රීඩා සමාජය; කඩුලු 4ක් දැවී 113 (19.3) දසුන් සෙනෙවිරත්න 34, සචින් දල්පදාදු නොදැවී 22, දුෂාන් විමුක්ති 2/20

එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කළුතර නාගරික ක්‍රීඩා සමාජයට කඩුලු 6ක ජයක් හිමි විය. 

කුරුණෑගල යූත් සහ හලාවත මේරියන්ස්

Photos: Chilaw Marians CC vs Kurunegala Youth CC | SLC Invitation T20 Tournament 2019/20

  • හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 2ක් දැවී 244 (20) ෂෙහාන් ජයසූරිය 107, කමිඳු මෙන්ඩිස් නොදැවී 99, නවීන් අධිකාරි 2/58 
  • කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 117 (20) මාලිංග මලිගස්පේ 30, අනුරුද්ධ රාජපක්ෂ 26, විනෝද් පෙරේරා නොදැවී 25, නිමේෂ් විමුක්ති 4/27

එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 127ක ජයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත් විය.  

ද මැසනොඩ් විද්‍යාලයට දැවැන්ත ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් පාසල් ක්‍රිකට්…

 Group D

බී. ආර්. සී. සහ ලංකන්

  • බී. ආර්. සී.; කඩුලු 6ක් දැවී 177 (20) ලසිත් ලක්ෂාන් 51, සනුක දුලාජ් 42, තරිඳු කෞෂාල් 30, රමින්ද විජේසූරිය නොදැවී 25, දමිත සිල්වා 2/12
  • ලංකන් ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 141 (20) ප්‍රිමෝෂ් පෙරේරා 32, දුවිඳු තිලකරත්න 3/14, තරිඳු කෞෂාල් 3/13

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් බී. ආර්. සී. කණ්ඩායමට ලකුණු 36කට ජයක්.

වරාය අධිකාරිය සහ රාගම

  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 126 (20) සුපුන් කාවින්ද 23, අමෝද විදානපතිරණ 21, ප්‍රශාන් වික්‍රමසිංහ 28
  • රාගම ක්‍රිකට් සමාජය; කඩුල්ලක් දැවී 130 (18.1) නිශාන් මධුශ්ක නොදැවී 64, ලහිරු තිරිමාන්න 32, උදාර ජයසුන්දර නොදැවී 29

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දි පැවති මෙම තරගයෙන් රාගම ක්‍රිකට් සමාජයට කඩුලු 9ක ජයක්.

සී. සී. සී. සහ කැන්ඩි කස්ටම්ස්

  • සී. සී. සී.; කඩුලු 6ක් දැවී 196 (20) අශාන් ප්‍රියංජන් 90, මිනෝද් භානුක 25, ශාලික කරුණානායක නොදැවී 48, නෙරන්ජන් කුමුදිත 4/42
  • කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 56 (15.4) රැල්ෆ් ප්‍රනාන්දු 24, මාලිංද පුෂ්පකුමාර 3/09, අශාන් ප්‍රියංජන් 4/11

කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී සී. සී. සී. කණ්ඩායමට ලකුණු 140ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<