සම්පත් සහ මනීශාන් දක්ෂතා දක්වයි

62

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග නිමාවූ අද (15) දවසේ දී කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත්වීමට බදුරලිය ක්‍රීඩා සමාජයේ ටී. එන්. සම්පත් සහ වරාය අධිකාරියේ ගයාන් මනීශාන් සමත් වූහ. 

රමේෂ් මෙන්ඩිස් දවසේ වීරයා වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට්…..

ටී. එන්. සම්පත් බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 48 කට මුහුණ දී හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් සමඟින් නොදැවී ලකුණු 79 ක් රැස්කර ගත් අතර ගයාන් මනීශාන් නුගේගොඩ ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 45 කට මුහුණ දෙමින් හතරේ පහර 2 ක් සහ හයේ පහර 7 ක් සමඟින් නොදැවී ලකුණු 78 ක් රැස්කර ගැනීමට සමත් විය. 

ඊට අමතරව බදුරලිය ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු යසෝධ ලංකා ද ලකුණු 51 ක් රැස්කර ගනිමින් දක්ෂතා දැක්වූයේය. ඒ වෙනුවෙන් ඔහු පන්දු 32 කට මුහුණ දුන් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය. එමෙන්ම වරාය අධිකාරියේ අදීශ නානායක්කාර ද පන්දු 41 කට මුහුණ දී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 52 ක් රැස්කර ගත්තේය. 

මේ අතර අද දින නිමාවූ කෝල්ට්ස් සහ ගාල්ල අතර තරගයේ දී කෝල්ට්ස් ක්‍රීඩකයෝ තිදෙනෙක් අර්ධ ශතක රැස්කර ගැනීමට සමත් වීම කැපී පෙනුනි. ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම ලකුණු 50 බැගින් රැස් කළහ. එහිදී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 30 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 50 ක් රැස්කර ගත් අතර නායක සදීර සමරවික්‍රම පන්දු 36 කට මුහුණ දී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50 ක් රැස්කර ගත්තේය. 

කෝල්ට්ස් ඉනිම අවසන් වන විට විශාද් රන්දික පන්දු 23 කට මුහුණ දෙමින් හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් සමඟින් නොදැවී ලකුණු 51 ක් රැස්කර ගත්තේය. 

ඊට අමතරව යුනිචෙලා ක්‍රිකට් සමාජයේ හසිත නිර්මාල් පන්දු 45 කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 53 ක් රැස්කර ගැනීමට සමත් විය.   

Group A

යුනිචෙලා සහ පානදුර අතර තරගය 

යුනිචෙලා ක්‍රීඩා සමාජය : කඩුලු 8 ක් දැවී 102 (20) හසිත නිර්මාල් නොදැවී 53, අශාර් අතාරි 2/24, උමේෂ් කරුණාරත්න 2/16, කෞමාල් නානායක්කාර 3/12. 

පානදුර ක්‍රීඩා සමාජය : කඩුලු 7 ක් දැවී 106 (19) ගිමඳු මැල්කම් 36, උමේෂ් කරුණාරත්න 32, නුවන් චානක 3/09. 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පානදුර ක්‍රීඩා සමාජයට කඩුලු 3 ක ජයක් හිමි විය. 

ඉරෝෂ් සමරසූරියගෙන් නොදැවුනු ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට්….


බදුරලිය සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය 

බදුරලිය ක්‍රීඩා සමාජය : කඩුලු 6 ක් දැවී 207 (20) යශෝධ ලංකා 51, ලහිරු මිලන්ත 30, ටී. එන්. සම්පත් නොදැවී 79, ෂෙහාන් මධුශංක නොදැවී 19, දිලීප ජයලත් 2/22, මිශේන් සිල්වා 2/33. 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 106 (15.3) නිපුන ගමගේ 21, මලිත් ද සිල්වා 2/34, ලහිරු සමරකෝන් 3/19, අලංකාර අසංක 2/07, දුශාන් හේමන්ත 2/10. 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් බදුරලිය ක්‍රිකට් සමාජයට ලකුණු 101 ක දැවැන්ත ජයක් හිමි විය. 


කෝල්ට්ස් සහ ගාල්ල අතර තරගය 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 7 ක් දැවී 206 (20) අවිශ්ක ප්‍රනාන්දු 50, සධීර සමරවික්‍රම 50, ධනංජය ලක්ෂාන් 19, විශාද් රන්දික නොදැවී 51, අබීඩ් හසන් 2/47, සාරංග රාජගුරු 3/29. 

ගාල්ල ක්‍රිකට් සමාජය : කඩුලු 8 ක් දැවී 106 (20) චතුර ලක්ෂාන් 31, චමෝද් වික්‍රමසූරිය 24, නිපුන් රංසික 3/13, ප්‍රභාත් ජයසූරිය 2/21. 

බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 100 ක පහසු ජයක් හිමි විය. 

Photos: Galle CC vs Colts CC | SLC Invitation T20 Tournament 2019/20


Group D

බී. ආර්. සී. සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය 

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 8 ක් දැවී 123 (20) හසිත මධුශාන් 49, බුද්ධික ප්‍රසාද් 30, භානුක රාජපක්ෂ 3/11, සොහයිබුල්ලා 2/11, දුවිඳු තිලකරත්න 2/15. 

බී. ආර්. සී. : කඩුලු 4 ක් දැවී 124 (17.4) නිසල් ෆ්‍රැන්සිස්කෝ 34, භානුක රාජපක්ෂ 30, හෂේන් රාමනායක නොදැවී 34, නිම්නක රත්නායක 2/25. 

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් බී. ආර්. සී. ක්‍රීඩකයන්ට කඩුලු 6 ක ජයක් හිමි විය. 


වරාය සහ නුගේගොඩ අතර තරගය 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය : කඩුලු 5 ක් දැවී 188 (20) අදීශ නානායක්කාර 52, ගයාන් මනීශාන් නොදැවී 78, සුපුන් කාවින්ද 24, චානුක ඩිලශාන් 2/24. 

නුගේගොඩ ක්‍රීඩා සමාජය : කඩුලු 9 ක් දැවී 162 (20) දෙනුවන් රාජකරුණා 49, තරිඳු ගමගේ 24, නිමන්ත ගුණසිරි 52, සුපුන් කාවින්ද 2/30, රජීව වීරසිංහ 3/33. 

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජයට ලකුණු 26 ක ජයක් හිමි විය. 

පැතුම් සහ මිලින්ද ද්වන්ධ සටනක

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට්……


රාගම සහ සී. සී. සී. අතර තරගය 

රාගම ක්‍රිකට් සමාජය : කඩුලු 7 ක් දැවී 123 (20) නිශාන් මධුශ්ක 26, ජනිත ලියනගේ නොදැවී 31, නුවන් තුෂාර 2/42, වනිඳු හසරංග 2/16. 

සී. සී. සී. : සියලු දෙනා දැවී 92 (18.3) ලසිත් අබේරත්න 20, ශාලික කරුණානායක 23, ඉෂාන් ජයරත්න 2/14, අමිල අපෝන්සු 2/19, බිනුර ප්‍රනාන්දු 2/11, නිශාන් පීරිස් 2/12. 

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් රාගම ක්‍රීඩකයෝ ලකුණු 31 ක ජයග්‍රහණයක් හිමිකර ගත්හ. 

Photos: Ragama CC Vs CCC | SLC Invitation T20 Tournament 2019/20

අද දින නිමාවූ පළමු වටයේ තරග ප්‍රතිඵල වලට අනුව තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් බදුරලිය ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ද, B කාණ්ඩය නියෝජනය කරමින් එන්. සී. සී. සහ එස්. එස්. සී. ද, C කාණ්ඩය නියෝජනය කරමින් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය ද, D කාණ්ඩය නියෝජනය කරමින් රාගම ක්‍රිකට් සමාජය සහ සී. සී. සී. කණ්ඩායම ද අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය සඳහා සුදුසුකම් ලබා ගත්හ. 

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග මෙම මස (ජනවාරි) 17 වනදා බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<