තික්ෂිල ද සිල්වාගෙන් දක්ෂ පන්දු යැවීමක්

80

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (06) දිනයේ පැවති තරග අතුරින් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරන දකුණතින් වේගපන්දු යවන තික්ෂිල ද සිල්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 30 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වෙමින් දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්විය. 

අශාන්, ෂෙශාන්, කමිඳු සහ ඩිල්ෂාඩ් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ කැපී පෙනෙන……………

ඊට අමතරව රාගම සහ කැන්ඩි කස්ටම් අතර තරගයේ දී රාගම ක්‍රීඩා සමාජයේ ආරම්භක වේගපන්දු යවන ඉෂාන් ජයරත්න ලකුනු 10 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය. එම තරගයේ දීම රාගම ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක පන්දු 61 කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 62 ක් රැස්කර ගැනීමට සමත් වීම කැපී පෙනුනි.  

ටැමිල් යුනියන් සහ එස්. එස්. සී. අතර තරගයේ දී එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු ක්‍රිශාන් සංජුල පන්දු 41 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51 ක් රැස්කර ගත්තේය. 

යුද හමුදාව සහ කුරුණෑගල යූත් අතර තරගයේ දී යුද හමුදා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අශාන් රන්දික පන්දු 33 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 57 ක් රැස්කර ගැනීමට සමත් විය. 

මේ අතර තරගාවලියේ පළමු ශතකය වාර්තා කළ හලාවත මේරියන්ස් නායක ෂෙහාන් ජයසූරිය අද දිනයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 54 ක් රැස්කර ගත්තේය. ඔහුගේ ඉනිමට පන්දු 32 ක් වැය වූ අතර ඊට හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායමේ ගයාන් මනීෂාන් ද පන්දු 61 කට මුහුණ දෙමින් හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 56 ක් රැස්කර ගත්තේය. 

මුවර්ස් සහ යුනිචෙලා අතර තරගයේ දී තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට කවිශ්ක අංජුල සමත් විය. ඔහු පිතිකරුවෙකු ලෙසින් පන්දු 18 කට මුහුණ දී හතරේ පහර 2 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුනු 32 ක් රැස්කර ගත් අතර පන්දු යැවීමේ දී ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගැනීමට ද සමත් විය. 

පොලිස් සහ සැරසන්ස් අතර තරගයේ දී සැරසන්ස් කණ්ඩායේ ආරම්භක වේගපන්දු යවන සාලිය සමන් ලකුණු 21 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වෙමින් දක්ෂතා දැක්වූයේය. 

Group A 

ගාල්ල සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය : කඩුලු 7 ක් දැවී 149 (20) සචින් ජයවර්ධන 23, නිපුන ගමගේ 41, චාමර සිල්වා 28, මිෂේන් සිල්වා නොදැවී 32, මන්සූර් අම්ජාඩ් 2/44, චතුර ලක්ෂාන් 2/24. 

ගාල්ල ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 147 (20) සාරංග රාජගුරු 29, නිමේෂ් පෙරේරා 22, රවිශ්ක විජේසිරි 33, ගයාන් සිරිසෝම 3/23, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 2/32, සචින් ජයවර්ධන 2/11. 

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් බ්ලූම්ෆිල්ඩ් ක්‍රීඩා සමාජයට ලකුණු 2 ක තියුණු ජයක් හිමි විය. 

Photos: Galle CC vs Bloomfield C & AC | SLC Invitation T20 Tournament 2019/20


මුවර්ස් සහ යුනිචෙලා අතර තරගය 

මුවර්ස් ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 154 (19.5) අයන සිරිවර්ධන 35, කවිශ්ක අංජුල 32, ඉෂාර අමරසිංහ 3/30, ධනුෂ්ක මධුශංක 2/19. 

යුනිචෙලා ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 63 (18.5) දනුෂ්ක රණසිංහ 14, කවිශ්ක අංජුල 3/14, රමේෂ් මෙන්ඩිස් 3/19. 

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් මුවර්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 91 ක ජයක් හිමි විය. 


කෝල්ට්ස් සහ බදුරලිය අතර තරගය 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 8 ක් දැවී 127 (20) ප්‍රියමාල් පෙරේරා 30, ජෙහාන් ඩැනියෙල් නොදැවී 34, ශෙහාන් මධුශංක 2/23. 

බදුරලිය ක්‍රීඩා සමාජය : කඩුලු 6 ක් දැවී 122 (20) ලහිරු සමරකෝන් 26, ලහිරු මිලන්ත 39, නිසල තාරක 2/23, ප්‍රභාත් ජයසූරිය 2/15. 

මොරටුව ද සොයිසා පිටියේ දී පැවති මෙම තරගයෙන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 5 ක ජයක් හිමි විය. 

ඉර්ෆාන් පතාන් ක්‍රිකට් දිවියට තිත තබයි

ඉන්දියාවෙන් බිහිවුණු තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන වමතින් වේගපන්දු යවන ඉර්ෆාන් පතාන් ජාත්‍යන්තර……………

Group B

එන්. සී. සී සහ නාවික හමුදාව අතර තරගය

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 88 (19.2) ඩබ්. මයන්ත 21, සමිත රංග 25, විමුද් සංක 19, සචිඳු කොළඹගේ 3/24, චතුරංග ද සිල්වා 2/06.  

එන්. සී. සී. : කඩුලු 7 ක් දැවී 91 (16.4) මහේල උඩවත්ත 31, ඇන්ජලෝ පෙරේරා නොදවී 24, සුධාර දක්ෂිණ 2/17, ඩිලංක අවර්ඩ් 2/17. 

මොරටුව ද සොයිසා පිටියේ දී පැවති මෙම තරගයෙන් එන්. සී. සී. ක්‍රීඩකයන්ට කඩුලු 3 ක ජයක් හිමි විය. 


ටැමිල් යුනියන් සහ එස්. එස්. සී. අතර තරගය 

ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 121 (18.3) කමේෂ් නිර්මාල් 39, මනෝජ සරත්චන්ද්‍ර 25, සුරංග ලක්මාල් 33, සචිත්‍ර සේනානායක 2/22, ධම්මික ප්‍රසාද් 2/29, තරිඳු රත්නායක 2/14. 

එස්. එස්. සී. : කඩුලු 2 ක් දැවී 124 (16.3) ක්‍රිශාන් සංජුල නොදැවී 51, ආකාශ් සේනාරත්න 37, තරිඳු රත්නායක නොදැවී 20. 

හැව්ලොක් ටවුන්, කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් එස්. එස්. සී. ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් ලැබූහ. 

Photos: Tamil Union C & AC Vs SSC | SLC Invitation T20 Tournament 2019/20


පොලිස් සහ සැරසන්ස් අතර තරගය  

සැරසන්ස් ක්‍රීඩා සමාජය : කඩුලු 5 ක් දැවී 192 (20) රනිත ලියනාරච්චි 41, මිලින්ද සිරිවර්ධන 72, අශේන් බණ්ඩාර 31, නිසාර් අහමඩ් 2/53. 

පොලිස් ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 123 (18.2) ලක්ෂාන් රොද්‍රිගෝ 26, දුලාශ් උදයංග 21, සාලිය සමන් 4/21, මොහොමඩ් ඩිල්ශාඩ් 2/16, මිලින්ද සිරිවර්ධන 2/24. 

හැව්ලොක් ටවුන් කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් සැරසන්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 69 ක ජයක් හිමි විය. 

Group C

යුද හමුදාව සහ කුරුණෑගල යූත් අතර තරගය 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 149 (20) අශාන් රන්දික 57, ලක්ෂාන් එදිරිසිංහ 22, ජනිත් සිල්වා 19, නවින් කවිකාර 4/16. 

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 96 (16.1) අරවින්ද අකුරුගොඩ 45, විනෝද් පෙරේරා 20, දුෂාන් විමුක්ති 3/29, හංස ප්‍රමෝද් 3/31. 

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් යුද හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 53 ක ජයක් හිමි විය. 


මීගමුව සහ කළුතර අතර තරගය 

කළුතර ටවුන් සමාජය : සියලු දෙනා දැවී 103 (17.3) ටී. එල්. කේ. තඹවිට 19, අනුශ්ක පෙරේරා 38, රොෂේන් ප්‍රනාන්දු 3/27, උපුල් ඉන්ද්‍රසිරි 3/19, හරීන් බුද්ධිල 2/19. 

මීගමුව ක්‍රිකට් සමාජය : කඩුලු 2 ක් දැවී 106 (15.2) ඩිල්ශාන් මුණවීර 30, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 21, මාදව වර්ණපුර නොදැවී 44. 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් මීගමුව ක්‍රීඩකයෝ කඩුලු 8 ක ජයක් ලැබූහ. 


හලාවත මේරියන්ස් සහ ගුවන් හමුදාව අතර තරගය 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 8 ක් දැවී 191 (20) ලසිත් කෘaස්පුල්ලේ 33, කමිඳු මෙන්ඩිස් 42, ෂෙහාන් ජයසූරිය 54, තික්ෂිල ද සිල්වා 27, ලසඳ රුක්මාල් 2/38, සංජය රණවීර 3/35. 

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය : කඩුලු 8 ක් දැවී 157 (16.3) උදයවංශ පරාක්‍රම 47, ශාබික් ඉෆ්ත්‍රී 23, සුමින්ද ලක්ෂාන් 25, නිමේෂ් විමුක්ති 2/29, තික්ෂිල ද සිල්වා 5/30.  

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 34 ක ජයක් හිමි විය. 

Group D

ලංකන් සහ වරාය අතර තරගය 

ලංකන් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 120 (19.5) ප්‍රිමෝෂ් පෙරේරා 22, චානක රුවන්සිරි 28, දමිත සිල්වා නොදැවී 20, හෂාන් විමර්ශන 3/29, සුපුන් කාවින්ද 3/15. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය : කඩුලු 8 ක් දැවී 109 (20) ගයාන් මනීෂාන් 56, උදිත් මධුශාන් 3/27. 

කොළඹ 07, සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලංකන් ක්‍රිකට් සමාජයට ලකුණු 11 ක ජයක් හිමි විය. 

Photos: Lankan CC vs SLPA SC | SLC Invitation T20 Tournament 2019/20

19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් රැසක්

ජනවාරි මස 17 වැනිදා සිට පෙබරවාරි මස 9 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න්………..

සී. සී. සී. සහ නුගේගොඩ අතර තරගය 

සී. සී. සී. : කඩුලු 7 ක් දැවී 132 (20) ලසිත් අබේරත්න 34, ලහිරු මධුශංක 34, ශාලික කරුණානායක 20, මනේල්ක ද සිල්වා නොදැවී 19, නිමන්ත ගුණසිරි 3/37. 

නුගේගොඩ ක්‍රීඩා සමාජය : කඩුලු 9 ක් දැවී 121 (20) ඉරෝෂ් සමරසූරිය 21, මාලින්ද පුෂ්පකුමාර 3/28, ලහිරු ගමගේ 2/30. 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් සී. සී. සී. ක්‍රීඩකයෝ ලකුණු 11 ක ජයක් ලැබූහ. 


රාගම සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය

Photos: Ragama CC vs Kandy Customs CC | SLC Invitation T20 Tournament 2019/20

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 7 ක් දැවී 108 (20) අකීල් ඉන්හාම් 58, චානක විජේසිංහ 24, ඉෂාන් ජයරත්න 4/10, බිනුර ප්‍රනාන්දු 2/24. 

රාගම ක්‍රිකට් සමාජය : කඩුලු 3 ක් දැවී 112 (19.5) නිශාන් මධුශ්ක නොදැවී 62, ලහිරු තිරිමාන්න 30. 

කොළඹ 07, සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් රාගම ක්‍රීඩා සමාජයට කඩුලු 7 ක ජයක් හිමි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<