ෂෙහාන් ජයසූරිය ජයග්‍රාහී ගමනකට මඟ පාදයි

146

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවති අවසන් පූර්ව වටයේ තරග වලදී තුන් ඉරියව් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වීමට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ නායක ෂෙහාන් ජයසූරිය සමත් විය. 

උමේෂ්ගේ කඩුලු 6 අපතේ යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ …

ඔහු එස්. එස්. සී. ක්‍රීඩකයන්ට එරෙහිව මෙම දක්ෂතා දක්වමින් තම කණ්ඩායම අවසාන මහා තරගය කරා රැගෙන යෑමට ද සමත් විය. පැවති අනෙක් අවසන් පූර්ව තරගයේ දී යුද හමුදාව පරාජයට පත්කළ එන්. සී. සී. ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා අනෙක් අන්තයෙන් සුදුසුකම් ලැබීමට සමත් වූහ. 

එම තරගය මෙම මස 31 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වීමට නියමිත ය. 

එන්. සී. සී සහ යුද හමුදාව අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 22 ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 194 ක් රැස්කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් යුද හමුදා ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 172 ක් පමණි. ඒ ඔවුන්ට තවත් පන්දු 47 ක් ඉතිරිව තිබිය දී ය. 

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එන්. සී. සී. නායක ඇන්ජලෝ පෙරේරාගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගැනීමයි. ඒ අනුව ඔවුන් පිටියට පිවිසිය ද පළමු කඩුල්ලේ සිටම එම තීරණය අභියෝගයට ලක් කිරීමට ප්‍රතිවාදී යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. එන්. සී. සී. ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවේ දීම දැවී ගිය අතර වරෙක ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුනේ කඩුලු 5 ක් දැවී ලකුණු 68 ක් ලෙසිනි. 

හයවන කඩුල්ලේ දී නායක ඇන්ජලෝ පෙරේරා සහ සහන් ආරච්චිගේ එක්ව ලකුණු 78 ක සබඳතාවක් ගොඩනගමින් එන්. සී. සී. ඉනිමට යම් තරමක ජීවයයක් එක් කළහ. ඇන්ජලෝ පෙරේරා පන්දු 85 කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟ ලකුණු 45 ක් රැස්කර ගත්තේය. 

Photos: NCC Vs Army SC – SLC Invitation Limited Over Tournament 2019-20 | SF 2

සහන් ආරච්චිගේ රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 56 කි. ඒ සඳහා පන්දු 83 ක් වැය කළ අතර ඊට හතරේ පහර 4 ක් ඇතුළත් විය. එන්. සී. සී. ඉනිමට එරෙහිව හොඳම පන්දු යැවීම වාර්තා කළේ දකුණතින් ආරම්භක වේගපන්දු යැවූ ජනිත් සිල්වා ය. ඔහු ලකුණු 20 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. 

පිළිතුරු ඉනිමේ දී කැපී පෙනෙන පිතිකරු වූයේ දිනේෂ් චන්දිමාල් ය. ඔහු තමන්ගේ ආරම්භක ක්‍රීඩා සමාජය වූ එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 91 ක් රැස්කර ගත්තේය. ඔහු ඒ සඳහා පන්දු 109 ක් වැය කළ අතර ඔහුගේ එම ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ඊට ඇතුළත් විය. 

අනෙක් පන්දු යවන්නන් එන්. සී. සී. පිතිකරුවන් ඉදිරියේ අසරණ වන විට ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට වමතින් වේගපන්දු යැවූ ඩිලේෂ් ගුණරත්න සමත් විය. ඔහු ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත්තේය. 

එන්. සී. සී. : 194 (49.3) ඇන්ජලෝ පෙරේරා 45, සහන් ආරච්චිගේ 56, චාමික කරුණාරත්න 24, ජනිත් සිල්වා 3/20, හේෂාන් හෙට්ටිආරච්චි 3/34, දුශාන් විමුක්ති 2/32, අසේල ගුණරත්න 2/34. 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය : 172 (42.1) දිනේෂ් චන්දිමාල් 91, ඩිලේෂ් ගුණරත්න 3/18, චාමික ගුණසේකර 2/37, සචිඳු කොළඹගේ 3/54. 

2016ට පසුව ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශයට!

2020 වසර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් කාර්‍ය බහුල තරග කාලසටහනක් තිබෙන වසරක…

එස්. එස්. සී. සහ හලාවත මේරියන්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 3 ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් හලාවත මේරියන්ස් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 277 ක් රැස්කර ගත්හ. ඊට පිළිතුරු ලෙසින් තවත් පන්දු 20 ක් සහ කඩුලු 3 ක් ඉතිරිව තිබිය දී ලකුණු 279 ක් රැස්කර ගැනීමට සමත් වෙමින් තරගය ජයග්‍රහණය කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

එස්. එස්. සී. ඉනිම වෙනුවෙන් මුල්පෙළ පිතිකරුවන් වන සඳුන් වීරක්කොඩි, සචිත්‍ර සේනානායක සහ සම්මු අශාන් අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙනුනි.  

සඳුන් වීරක්කොඩි පන්දු 47 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සමඟ ලකුණු 57 ක් රැස්කර ගත්තේය. ඉනිමේ හොඳම කඩුලු අතර ලකුණු සබඳතාව ගොඩ නැගීමට සචිත්‍ර සේනානායක සහ සම්මු අශාන් සමත් විය. ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක් එක් කිරීමට සමත් වූහ. 

Photos: SSC Vs Chilaw MCC | SF 1 | SLC Invitation Limited Over Tournament 2019-20

සචිත්‍ර සේනානායක පන්දු 88 කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 86 ක් රැස්කර ගත්තේය. සම්මු අශාන් ඉනිම අවසන් වන විට පන්දු 78 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 71 ක් ලබා ගත්තේය. කඩුලු දවා ගැනීමේ දී ෂෙශාන් ජයසූරිය සහ තික්ෂිල ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගත්හ. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හලාවත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් අර්ධ අවසන් පූර්ව වටයේ දී ශතකයක් වාර්තා කිරීමට සමත් වූ ඉන්දීය ක්‍රීඩක සුමිට් ගාඩිගොන්කර්, පන්දු 111 කට මුහුණ දෙමින් හතරේ පහර 14 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 99 ක් රැස්කර ගෙන සිටිය දී අවාසනාවන්ත ලෙසින් දැවී ගියේය. ඔහු සහ නායක ෂෙහාන් ජයසූරිය එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සබඳතාවක් එක් කිරීම කැපී පෙනුනි. 

ෂෙහාන් ජයසූරිය පන්දු 52 කට මුහුණ දෙමින් හතරේ 5 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57 ක් රැස්කර ගැනීමට සමත් විය. 

පන්දු යැවීමේ දී ධම්මික ප්‍රසාද් ලකුණු 62 කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.  

කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ …

එස්. එස්. සී. : කඩුලු 8 ක් දැවී 277 (50) සඳුන් වීරක්කොඩි 57, සචිත්‍ර සේනානායක 86, සම්මු අශාන් නොදැවී 71, ෂෙහාන් ජයසූරිය 2/20, තික්ෂිල ද සිල්වා 2/51. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 7 ක් දැවී 279 (46.4) සුමිට් ගාඩිගොන්කර් 99, ෂෙහාන් ජයසූරිය 57, තික්ෂිල ද සිල්වා 31, නිමේෂ් විමුක්ති නොදැවී 20, හිමේෂ් රාමනායක 2/48, ධම්මික ප්‍රසාද් 3/62. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<