ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආබාධ නිවාරණයට දැනුම දෙයි

1095
SLC release

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (19) රෝග නිවාරණය, ආබාධ හා කළමනාකරණය පිළිබඳව ගන්නා පියවර පිළිබඳව දැනුවත් කිරීම හා පුහුණු කිරීම පිළිබඳ වැඩමුළුවක් දියත් කරන ලදි. ඒ සඳහා ඕස්ට්‍රේලියානු හිටපු ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩක වෛද්‍ය නිකලස් ස්ප්‍රින්ගර් මහතා දායක විය.

අම්බලන්ගොඩට ක්‍රීඩකයන් එපා ද?

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ මේසපන්දු ක්‍රීඩාව පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන අම්බලන්ගොඩ නගරයේ ප්‍රධානතම ක්‍රීඩාංගණය වූ නගර සභා ක්‍රීඩාංගණය නවීකරණය කිරීම ඇරඹුණේ 2016 ඔක්තෝබර් මාසයේ දී යි.

වෛද්‍ය ස්ප්‍රින්ගර් මහතා ගතානුගතිකව ඇතිවෙන රෝග හා ආබාධ නිර්ණය කිරීම සහ නිවාරණය වෙනුවෙන් ප්‍රකට වෛද්‍යවරයෙකි. එසේම ඔහු පාදයේ ශල්‍යකර්ම හා පාදය ආශ්‍රිත සම්බාහන ආදියට ද දක්ෂ අයෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඔහුගේ ක්‍රීඩා දක්ෂතා ද ඉහළ මට්ටමක පවතී.

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් මලල ක්‍රීඩා සංගමය සමඟ අනුබද්ධිතව රාජකාරියේ නිරත වන ඔහු ඊට අමතරව ක්වින්ස්ලන්ඩ් රග්බි පාපන්දු තරගාවලියේ විනිසුරුවරයෙක් හා බ්‍රිස්බේන් ලයන්ස් කණ්ඩායම සමඟින් ද එක්වී ක්‍රියා කරයි.

ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ වේලාවට වළලුකර, පාදය හෝ යටි පතුලේ ආබාධ වලට හා වේදනාකාරී තත්ත්ව වලට නිරන්තරයෙන් මුහුණ දීම සුලබ තත්වයකි.

එම තත්වය සම්බන්ධයෙන් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම ඉතාමත් සතුටට කරුණක්. වැඩමුළුවේ දී එක් ක්‍රීඩකයෙක් මිනිත්තු 30ක් පමණ පරීක්ෂාවට හා සම්බාහනයට ලක්කරන ලද අතර නවීන තාක්ෂණය යොදා ගෙන තවත් පරීක්ෂණ කිහිපයක්ම හා එහි ප්‍රයෝජන පිළිබඳව දැනුමක් ද ලබා දෙන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුනරුත්ථාපන හා යෝග්‍යතා පුහුණුකාර කළමනාකරු වන නිර්මලාන් තන්බලසිංහම් මහතා ඒ පිළිබඳ අදහස් මෙසේ දක්වන ලදි.

මෙය අපට ඉතාමත් වැදගත් දෙයක්, වෛද්‍ය ස්‍ප්‍රින්ගර් මහතාගේ දැනුම හා ඔහුගේ පළපුරුද්ද පිළිබඳව අපට යම් අවබෝධයක් ලැබුණා. එය අපේ ක්‍රීඩකයින්ට ඉදිරියට හුඟක් ප්‍රයෝජනවත් වේවි. මෙය එක්තරා ආකාරයක ආයෝජනයක් හා සමානයි. යම් ආබාධයක් ඇතිවූ විගස එය අවම වන ලෙස ගත යුතු නව ක්‍රියාමාර්ග පිළිබඳ දැනුමක් අපට ලැබුණා.

ක්‍රීඩකයෙකුට මේ පිළිබඳ යම් අවබෝධයක් ලැබීම හුඟක් වටින අවස්ථාවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල 1999 වර්ෂයට පසුව මෙම අංශයේ වර්ධනයක් සිදු කිරීම සම්බන්ධව මා සතුටු වනවා, එසේම මෙය එක්තරා ආකාරයක ආයෝජනයක් සේ මම සලකනවා. එසේම මෙය දිගුකාලීනව හුඟක් ප්‍රයෝජනවත් වෙනවා” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක විශේෂඥ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් අදහස් දැක්විය.

මෙම පාදයේ සම්බාහන විද්‍යාව මගින් දියවැඩියාව ඇතුළු තවත් රෝග කිහිපයකටම ප්‍රතිකාර කිරීමට හැකියාවක් ඇත. පාදය හා වළලුකර බොහෝ වේලාවට ආබාධවලට ලක් වීමට වැඩි ඉඩකඩක් පවතී. එහි ඇති තුනී හා සියුම් කාටිලේජවල ඇදීම් හෝ ඉරීම් බොහෝ දුරට එවන් තත්වයන්ට පාදක වෙනු දැක ගත හැක.

ඒ නිසා අප හැම විටම, නිවැරදි ව්‍යායාම හා නිවැරදි ඉරියව් භාවිතා කළ යුතු වේ. මෙය ක්‍රිකට් ක්‍රීඩකයින්ට, මලල ක්‍රීඩකයින්ට මෙන්ම ඕනෑම ක්‍රීඩකයෙක්ට ඉතා වැදගත් කාරණාවකි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට