ආරම්භක දිනයේදීම කුසල් පෙරේරාගෙන් ප්‍රවේගකාරී ශතකයක්

1845
SLC Inter District

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දිස්ත්‍රික්ක 24ක් නියෝජනය වන අන්තර් – දිස්ත්‍රික් එක්දින තරගාවලිය ඊයේ (15) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ 8කදී ආරම්භ විය. තරගාවලියේ මුල්ම දිනයම තමන්ගේ නමින් ලියාගත් කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරන ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා විශිෂ්ට ශතකයකින් දිනය වර්ණවත් කිරීමට සමත් විය.

පිතිකරණය නාය යද්දී චන්දිමාල් තනිවම සටනක

වසර 16ක් ඈත අතීතයට ඇදී යන බංගලාදේශ ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ සියවැනි පරිච්ඡේදයට අද (15) බංගලාදේශ කණ්ඩායම මුහුණ දුන්නේ කොළඹ පී. සරා ඕවල් පිටියේදීයි. ඒ ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ඇරඹුමක් එක් කරමිනි. නිමා වූ ප්‍රථම ටෙස්ට් තරගයේ දී උරුම වුනු පරාජයෙන් පාඩම් ඉගෙන තිබූ බංගලාදේශය අද තරගයට එක්වී සිටියේ තම සියවැනි ටෙස්ට් තරගයේ දී විප්ලවයක් කිරීමේ පරම අධිෂ්ඨානය සිත්හි දරාගෙනයි.

කළුතර සහ කොළඹ අතර තරගය

කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩිල්ශාන් මුණවීර පන්දු 30ක් තුලදී හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී රැස්කල ලකුණු 53 හේතුවෙන් කළුතර කණ්ඩායම පරදවා කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට ඔවුන් සමත් විය. වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ ලකුණු 13කට කඩුලු 5ක් දවා ගනිමින් කළුතර කණ්ඩායම ලකුණු ලකුණු 83කට සීමා කළේය. තරගය කොළඹ CCC පිටියේදී පැවැත්විණි.

කළුතර – සියල්ලන්ම දැවී ලකුණු 83 (පන්දුවාර 22.1): ලසිත් ප්‍රනාන්දු 22, නිමේෂ් විමුක්ති 25, ලහිරු ගමගේ 5/13, සචිත් පතිරණ 2/40, මනෙල්ක ද සිල්වා 2/8.

කොළඹ – කඩුලු 3ක් දැවී ලකුණු 84 (පන්දුවාර 8.4): ඩිල්ශාන් මුණවීර 53* (පන්දු 30, හතරේ පහර 10, හයේ පහර 1), අශාන් ප්‍රියන්ජන් 27, නිමේෂ් විමුක්ති 1/11.


බදුල්ල සහ රත්නපුර අතර තරගය

බදුල්ල කණ්ඩායමේ සංජික රිද්ම පෙන්නුම් කල විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ලකුණු 109ක දැවැන්ත ජයග්‍රහණයක් බදුල්ල කණ්ඩායමට හිමිවිය. බදුල්ල කණ්ඩායමේ ලකුණු 274ට ලක්ෂිත මධුශාන්, දුශාන් විමුක්ති සහ ජනිත් ද සිල්වා රැස්කල අර්ධ ශතක අඩංගු වුනු අතර රත්නපුර කණ්ඩායමට ලකුණු 165කට දැවී යන්නට සිදුවිය. සංජික රිද්ම පිත්තෙන් ලකුණු 42ක් රැස්කර පන්දුවෙන් කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් විය. තරගය පනාගොඩ යුධ හමුදා පිටියේදී පැවැත්විණි.

බදුල්ල – කඩුලු 8ක් දැවී ලකුණු 274 (පන්දුවාර 50): ලක්ෂිත මධුෂාන් 61, සංජික රිද්ම 42, දුශාන් විමුක්ති 70*, ජනිත් ද සිල්වා 58, ශිරාන් ප්‍රනාන්දු 2/60, යශාන් සමරසිංහ 2/38, චානක රුවන්සිරි 2/44.

රත්නපුර – සියල්ලන්ම දැවී ලකුණු 165 (පන්දුවාර 37.5): සංජුල අබේවික්‍රම 50*, මදුරංග සොයිසා 37, සංජික රිද්ම 5/11.


පුත්තලම සහ කෑගල්ල අතර තරගය  

වමතින් පිත්ත හසුරුවන කුසල් ජනිත් පෙරේරාගේ විස්මිත ක්‍රීඩා විලාශය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායමට මෙම තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් හිමිවිය. මුලින් පන්දුවට පහරදීම තෝරාගත් පුත්තලම කණ්ඩායම ලකුණු 263ක් රැස්කලත් එම ඉලක්කය පන්දුවාර 38කදී සපුරා ගැනීමට කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය. කළකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කල කුසල් ජනිත් පෙරේරා මනරම් හතරේ පහර 19ක් සහ දැවැන්ත හයේ පහර 5ක් සමගින් පන්දු 118ක් තුලදී නොදැවී ලකුණු 161ක් වාර්තා කළේය. තරගය කටුනාය‍ක FTZ පිටියේ දී පැවැත්වුණි.

පුත්තලම – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 49.2): ශෙහාන් ජයසූරිය 64, මහේල උඩවත්ත 43, ඉසුරු උදාන 56, රුක්ෂාන් ප්‍රනාන්දු 37, ඉශාන් ජයරත්න 4/49, නිසල තාරක 2/44.

කෑගල්ල – කඩුලු 2ක් දැවී ලකුණු 266 (පන්දුවාර 38): සදීර සමරවික්‍රම 52, කුසල් ජනිත් පෙරේරා 161*, අවිශ්ක ප්‍රනාන්දු 26, සචිත්‍ර සේරසිංහ 1/57, ඉසුරු උදාන 1/28.


මහනුවර සහ නුවරඑළිය අතර තරගය

Pic 2

කොළඹ SSC පිටියේ දී ක්‍රියාත්මක වුනු මෙම තරගයෙන් ජය ලැබීමට මහනුවර කණ්ඩායමට උපකාරී වූයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමද නියෝජනය කල දක්ෂ ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකයි. ඔහු පිත්තෙන් ඉක්මන් ලකුණු 62ක් රැස් කර පන්දුවෙන් ප්‍රතිවාදී නුවරඑළිය කණ්ඩායමේ කඩුලු 3ක්ම බිඳ හෙලීය. ඒ අනුව ලකුණු 69ක පහසු ජයග්‍රහණය මහනුවර කණ්ඩායම සතුවිය.

මහනුවර – කඩුලු 8ක් දැවී ලකුණු 266  (පන්දුවාර 50): මිනෝද් භානුක 58, කවිඳු කුලසේකර 23, සචිත්‍ර සේනානායක 62, ජෙෆ්රි වැන්ඩර්සේ 19*, කසුන් මධුශංක 28*, කෝසල කුලසේකර 2/70, ප්‍රමෝද් මධුවන්ත 3/41.

නුවරඑළිය – කඩුලු 9ක් දැවී ලකුණු 197 (පන්දුවාර 50): ප්‍රිමෝශ් පෙරේරා 69, කෝසල කුලසේකර 77, සුරේෂ් නිරෝෂන් 20, සඳුන් ඩයස් 22, සචිත්‍ර සේනානායක 3/24, ජෙෆ්රි වැන්ඩර්සේ 3/41.


යාපනය සහ කිලිනොච්චිය අතර තරගය  

අඩු ආලෝක තත්වය නිසාවෙන් වේලාසනින් නතර කිරීමට සිදුවූ මෙම තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයට හිමිවිය. ඒ ලකුණු 2ක් තරම් සුළු පරතරයකිනි. මුවර්ස් පිටියේදී පැවති මෙම තරගයේදී තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ මිලින්ද සිරිවර්ධන පන්දු 38කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 80ක් රැස් කළේය.

යාපනය – කඩුලු 8ක් දැවී ලකුණු 266 (පන්දුවාර 38): දිනුක් වික්‍රමනායක 66, කිත්රුවන් විතානගේ 55, චාමික කරුණාරත්න 44, තරංග පරණවිතාන 35, උමේෂ් කරුණාරත්න 2/52, ඉරෝෂ් සමරසූරිය 2/51, සුරාජ් රන්දිව් 2/54.

කිලිනොච්චිය – කඩුලු 4ක් දැවී ලකුණු 176 (පන්දුවාර 27): මිලින්ද සිරිවර්ධන 80*, හර්ෂ කුරේ 31, උමේෂ් කරුණාරත්න 27, ඉරෝෂ් සමරසූරිය 25, ජීවන් මෙන්ඩිස් 2/16.


මන්නාරම සහ අනුරාධපුරය අතර තරගය

කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයේ දී රොශේන් සිල්වා නොදැවී වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් ලකුණු 70ක ජයග්‍රහණයක් මන්නාරම දිස්ත්‍රික්කය සතුවිය. රොශේන්ගේ ඉනිමට හතරේ පහර 3ක් පමණක් අඩංගු වූ අතර පන්දු 123ක් ඒ සඳහා ඔහු වැයකර තිබුණි. ඔහුට අනගි සහයක් ලබාදුන් චතුර පීරිස් සහ උදාර ජයසුන්දර අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

මන්නාරම – කඩුලු 9ක් දැවී ලකුණු 278 (පන්දුවාර 50): උදාර ජයසුන්දර 51, රොශේන් සිල්වා 102*, චතුර පීරිස් 71, කොෂාන් ජයවික්‍රම 24, ඉම්රාන් කාන් 2/5, අදීශ නානායක්කාර 4/59, මලිත් මහේල 2/49.

අනුරාධපුරය – සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 44): ශශ්‍රීක පුස්සෙගොල්ල 20, සචින් ජයවර්ධන 50*, විනෝද් පෙරේරා 45, නිලංක ප්‍රේමරත්න 2/31, අමිල අපොන්සු 3/28.


ගාල්ල සහ මාතර අතර තරගය

NCC පිටියේ දී පැවති උණුසුම් තරගයකින් අනතුරුව මාතර දිස්ත්‍රික්කය තම අසල්වැසි ගාල්ල දිස්ත්‍රික්කය එක් කඩුල්ලකින් පරාජය කිරීමට සමත් විය. ගාල්ල දිස්ත්‍රික්කය රැස්කල ලකුණු 229 හඹාගිය මාතර පිතිකරුවන් ලහිරු උදාර සහ ඇන්ජෙලෝ පෙරේරා වාර්තා කල අර්ධ ශතකයන් නිසාවෙන් අදාළ ඉලක්කය පසුකර යාමට සමත් විය. වමත් වේග පන්දු යවන ක්‍රීඩක අනුක් ප්‍රනාන්දු ගාලු කඩුලු 4ක් දවාලීය.

ගාල්ල – කඩුලු 9ක් දැවී ලකුණු 229 (පන්දුවාර 50): යශෝධ ලංකා 36, දිල්හාන් කුරේ 43, ශාලුක කරුණානායක 59, ලසිත් ඇඹුල්දෙණිය 2/43, අනුක් ප්‍රනාන්දු 4/50.

මාතර – කඩුලු 9ක් දැවී ලකුණු 233 (පන්දුවාර 45.3): ලහිරු උදාර 59, ඇන්ජෙලෝ පෙරේරා 62, ෆර්වීස් මහරූෆ් 37, රොෂාන් ජයතිස්ස 3/36, නිපුන කාරියවසම් 2/40, චලන ද සිල්වා 2/43.


අම්පාර සහ මඩකලපුව අතර තරගය

Pic 1

නායක හර්ෂ විතාන රැස්කල ලකුණු 54න් සහ ටී. එම් සම්පත් බිඳ හෙලූ කඩුලු 3 නිසාවෙන් මෙම තරගයෙන් ලකුණු 39ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මඩකලපුව දිස්ත්‍රික්කය සමත් විය. තරගය කොළඹ BRC පිටියේ දී පැවැත්වුණි.

මඩකලපුව – සියල්ලන්ම දැවී ලකුණු 241  (පන්දුවාර 49): හර්ෂ විතාන 54, චානක විජේසිංහ 48, විකුම් සංජය 30, ලසිත් ලක්ෂාන් 28, හශේන් රාමනායක 24, සාලිය සමන් 3/35, දිලේශ් ගුණරත්න 3/48, නිමන්ද මධුශංක 2/30.

අම්පාර – සියල්ලන්ම දැවී ලකුණු 202 (පන්දුවාර 47.4): නදීර නාවෙල 46, සාලිය සමන් 33, සහන් විජේරත්න 27, නිමන්ද මධුශංක 27, ටී. එම්. සම්පත් 3/45, විකුම් සංජය 2/21, හශේන් රාමනායක 2/29.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට