ආසියානු බොක්සිං වළල්ලට නගින ලක් කාන්තාවන්

581

එළඹෙන 2 වැනිදා වියට්නාමයේ හොයිචි මින් සිටි හිදී ඇරඹෙන ආසියානු කාන්තා බොක්සිං තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා බොක්සිං කණ්ඩායමට රටවල් 22ක් හා තරග වැදීමට සිදු වේ.

ඒ සඳහා තේරීපත්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පසුගිය දා නෙදර්ලන්තයේ දී අවසන් වූ අයින්දෝවන් බොක්සිං තරගාවලියේ දී රිදී පදක්කම්ලාභී ක්‍රීඩිකාවන් තිදෙනෙක්ම ඇතුළත් වන අතර සම්පූර්ණ කණ්ඩායමට ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ඇතුළත් වේ.

2018 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරගාවලියට ද පෙරහුරුවක් වශයෙන් මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අත්දැකීම් ගෙන එනු ඇත.

කසකස්තානය, චීනය, උස්බෙකිස්තානය, උතුරු කොරියාව සහ ඉන්දියාව මෙම තරගාවලි ඉතිහාසයේ වැඩි දස්කම් පා ඇති අතර ක්‍රීඩිකාවන් 118 දෙනෙකු පමණ මීට සහභාගී වේ.

“ඕනෑම ආසියානු ශූරතා තරගාවලියක් ගෞරවනීය එකක් වෙනවා. මේකත් අවුරුදු 17ක් පුරාවට එම ගෞරවය රඳවාගෙන තිබෙන තරගාවලියක්.” ආසියානු බොක්සිං සංගමයේ ප්‍රධානී ඩයන් ගෝමස් මහතා පැවසුවේය.

මෙම තරගාවලියට පෙරත් සහභාගී වී ඇති ලෝක ශූරියක වන මේරි කොම් ඇතුළු ප්‍රබල ක්‍රීඩිකාවන් රැසක් මෙවරත් තරගාවලියට එක්වනු ඇතැයි බලාපොරොත්තු වේ.

Graceful fist – Anusha Kodithuwakku – සිංහල documentary – Part 1

ක්‍රීඩාවේ දහසකුත් එකක් මානයන් අන්තර් ඥානයෙන් පූර්වාබෝධ කර ගනිමින් ද, සිය ක්‍රීඩා සිහිනය ස්වයං විනයට සහ කැපවීමට…

පෙර පැවති තරගාවලි 7කට සහභාගී වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් 6ක් දිනාගෙන ඇති අතර කිසිදු ක්‍රීඩිකාවක මෙතෙක් අවසන් පූර්ව තරගයක් ඉක්මවා ගොස් නැත.

“ඔබේ ප්‍රතිවාදීන්ගේ ආත්ම විශ්වාසයත් ඔබට සමාන මට්ටමක ඇති බැවින් බොක්සිං වළල්ලට නගින විට ඔබේ සටනින් භාගයක් පමණයි හමාර වී ඇත්තේ.” ඩයන් ගෝමස් මහතා තවදුරටත් පවසා සිටියේය.

ආසියානු බොක්සිං වළල්ලට නගින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම

  • කේෂානි හංසිකා (57kg)

  • අනුරාධා ජයසිංහ (51kg)

  • ක්‍රිෂ්මි ධර්මතිලක (60kg)

  • කෝසලා නිල්මිණි (48kg)

  • තනූජා ධර්මසේන (69kg)

  • ශිරෝමාලා වීරරත්න (75kg)

නෙදර්ලන්තයේ දී රිදී පදක්කම් දිනාගත් කේෂානි හංසිකා, කෝසලා නිල්මිණි සහ ශිරෝමාලා වීරරත්න ගැන වැඩි පදක්කම් බලාපොරොත්තු ඇති බව වාර්තා වන අතර ප්‍රවීණ පුහුණුකරු හර්ෂ කුමාර කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරයි. පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා කියුබානු පුහුණුකරුවෙකු කැඳවන බවද වාර්තා වේ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<