ඉන්දීය දෘශ්‍යාබාධිතයෝ එක්දින තරගාවලියත් ජය ගනී

81

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 3-0ක් සේ ජයග්‍රහණය කිරීමට ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ (27) සමත් වූහ. ඒ කල්කටාවේ දී පැවති තෙවැනි තරගය කඩුලු 8ක ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි.

අජේ, ගාරියා සහ දේශප්‍රිය ශතක රැස් කරති

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් යුත් එක්දින

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 360ක් ලබා ගත් හ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඩී. චන්දන ය. ඔහු පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 27ක් සමඟ නොදැවී ලකුණු 190ක් ලබා ගත්තේ ය. එය මෙම තරග සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය.

චන්දන සහ ආරම්භක පිතිකරු ලෙසින් සහභාගී වූ එස්. සුරංග අත තෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 185කි. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා වැය කළේ පන්දු 140ක් පමණි. එස්. සුරංග පන්දු 66කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 84ක් ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ද පන්දු 78ක දී ලකුණු 121ක සබඳතාවක් ගොඩ නැගුණේ ය. ඒ චන්දන සහ එස්. කේ. සමඟ ය. එස්. කේ. පන්දු 28ක දී හතරේ පහර 2ක් සමඟ ලකුණු 42ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී ආර්. අජේ කුමාර් ලකුණු 58කට කඩුලු 2ක් දවා ගත්තේ ය. ඊට අමතරව එම්. දීපක් සහ කේ. අමල් කඩුල්ල බැගින් දවා ගත්හ.

තිසරගේ සටන්කාමි පිතිකරණය නිසා ශ්‍රී ලංකාව ලැජ්ජාවෙන් බේරේ

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර පැවති එකම විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (27) කොළඹ

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ පන්දුවාර 34.4ක දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 370ක් ලබා ගත්හ. එහි දී ජී. අනිල්බායි සහ එම්. දීපක් ශතක ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා ඉක්මනින්ම රැගෙන ගියහ.

අනිල්බායි පන්දු 85කට මුහුණ දී හතරේ පහර 13ක් සමඟ ලකුණු 120ක් ලබා ගත්තේ ය. එම්. දීපක් නොදැවී රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 164කි. පන්දු 110ක් පුරා පිටියේ රැඳී සිටි ඔහු එල්ල කරන ලද හතරේ පහර සංඛ්‍යාව 20කි. පන්දු යැවීමේ දී ද පෑ දක්ෂතා හේතුවෙන් එම්. දීපක් තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

තරගය නිමා වන විට ආර්. සුනිල් පන්දු 20කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 39ක් ලබා සිටියේ ය.

දවාගත් කඩුලු දෙකේ ම හිමිකාරිත්වය එස්. පැතුම් සතු විය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 4ක් දැවී 369 (40): එස්. සුරංග 84, ඩී. චන්දන නොදැවී 190, එස්. කේ. 42, ආර්. අජේ කුමාර් 2/58

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 2ක් දැවී 370 (34.4): ජී. අනිලබායි 120, එම්. දීපක් නොදැවී 164, ආර්. සුනිල් නොදැවී 39, එස්. පැතුම් 2/70

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<