Home Sinhala බ්‍රීස්කිගේ ශතකයෙන් ශ්‍රී ලංකා නැගී එන පිළට අභියෝගයක්!

බ්‍රීස්කිගේ ශතකයෙන් ශ්‍රී ලංකා නැගී එන පිළට අභියෝගයක්!

581

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට එරෙහිව අද (18) ඇරඹුනු සිව් දින ටෙස්ට් තරගයේ මුල් දිනය නිමාවට පත් වෙද්දී ශ්‍රී ලංකා පිළ බලවත් අසීරුතාවයකට පත්ව සිටියි. ඒ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් මැතිව් බ්‍රීස්කි ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පිතිකරුවන් අද දිනය පුරාවට පිත්තෙන් අණසක පැතිරවූ බැවිනි. ඒ අනුව දිනය අවසන් වනවිට කඩුලු 3ක් දැවී ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 281කි.

ලහිරු – පැතුම් ශ්‍රී ලංකාවට ශූරතාව දිනා දෙයි!

සති දෙකක පමණ කාලයක් පුරාවට දකුණු අප්‍රිකාවේ දී තුන්කොන් එක්දින…..

අද තරගයේ සඳහා සූදානම් කර තිබූ පිටියේ පැවති තෙතබරිත ස්වභාවය නිසා මුල් දිනය තුල යැවිය යුතු පන්දුවාර 22ක්ම කප්පාදු කිරීමට තරග තීරකට සිදුවිය. ඒ අනුව අද දිනය පුරාවට ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ පන්දුවාර 68ක් පමණි. ටෙස්ට් තරගාවලියට පෙර පැවති තුන්කොන් එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට මග පෙන්වූ චරිත් අසලංක අද තරගයේත් නායකත්වය දැරූ අතර දකුණු අප්‍රිකානු පිළේ නායකත්වය රේනාඩ් වෑන් ටොන්ඩර්ට හිමිව තිබුණි.

අද ආරම්භ වූ ටෙස්ට් තරගයට ලසිත් ඇඹුල්දෙණිය ඇතුළත් කර තිබූ අතර මෙය ඔහු මෑතකදී වාර්තාගත ලෙස ජයගත් දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ දී ආබාධයකට ලක්වීමෙන් පසුව නැවතත් පන්දු යැවූ පළමු වතාවයි. මීට අමතරව තුන්කොන් එක්දින තරගාවලියේ දී දැකගන්නට නොලැබුණු හසිත බෝයගොඩ, නිශාන් පීරිස් සහ මොහොමඩ් ශිරාස් අද තරගය සඳහා එක්කොට තිබුණි. සුපුරුදු පරිදි කඩුල්ල පිටුපස වගකීම භාර වී තිබුනේ මිනෝද් භානුකටයි.

පළාත් තරගාවලියේ මංගල ශතකය කමිල් මිශාරගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට්…..

කෙසේවෙතත් තරගය ආරම්භයේ සිටම දකුණු අප්‍රිකානුවන් තම ග්‍රහණය දැඩි කළ අතර සුදු පන්දුවෙන් පෙන්වූ හපන්කම් රතු පන්දුවෙන් පෙන්වාගත නොහැකිව ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ වනු දැකගන්නට ලැබුණි. ඒ අනුව පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 145ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගීමට දකුණු අප්‍රිකාවට වරම් උදා විය. ආරම්භක පිතිකරු ජැන්මන් මාලන් අද හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 75ක් රැස් කළේ පන්දු 93කදීයි. 

එතැන් පටන් නැවතත් දෙවැනි කඩුල්ලේ සබඳතාවයද ලකුණු සියය ඉක්මවා ඉහළ නැගීම ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු වලට වැට බඳින්නට හේතු විය. වම් අතේ ආබාධයෙන් පසු නැවතත් පන්දු යැවීම ඇරඹූ 23 හැවිරිදි ලසිත් ඇඹුල්දෙණියට අද දිනයේ පන්දුවෙන් එතරම් සාර්ථක වන්නට හැකි නොවූ අතර ඔහුට එරෙහිව පන්දුවාර 19කදී ලකුණු 86ක් උදුරා ගන්නට ප්‍රතිවාදීන් සමත් විය. කෙසේවෙතත් ඒ අතරතුරේ දී ඔහුට ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් තුන්වැනි කඩුල්ල දවා ගැනීමට හැකිවිය.

ක්‍රීඩා ඇමති පුහුණුකරුවන්ට ගෙදර යන්න කියයි!

එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා….

අද දකුණු අප්‍රිකානු ඉනිමේ නැංගුරම බවට පත්වූ 20 හැවිරිදි මැතිව් බ්‍රීස්කි පන්දු 187කින් විශිෂ්ට ශතකයක් වාර්තා කළේ සමස්ථ දකුණු අප්‍රිකානු ඉනිම එකට ඈඳා ගනිමිනි. දකුණතින් පිත්ත හසුරුවන බ්‍රීස්කි අද රැස්කළ ලකුණු 114ට හතරේ පහර 10ක් ඇතුළත් විය. අද සවස් කාලයේ දී චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ බ්‍රීස්කි දැවී ගියද ඒ වනවිටත් ඔහු දැවැන්ත හානියක් ශ්‍රී ලංකා පිළට සිදුකර තිබුණි. මේ වනවිට නොදැවී පන්දුවට පහර දෙන නායක වෑන් ටොන්ඩර් ද ලකුණු 67ක් ලබා සිටින්නේ හෙට දිනයේ දැවැන්ත ඉනිමක හිමිකරු වීමේ අපේක්ෂාව පෙරදැරිවයි.

ශ්‍රී ලංකා පිළට තුන්කොන් තරගාවලිය අතරතුරේ දී දැවැන්ත සවියක් වූ අසිත ප්‍රනාන්දු අද පන්දුවෙන් අසාර්ථක වීම ශ්‍රී ලංකා පිළේ පසුබෑමට දැඩි ලෙස හේතු වූ අතර අනෙක් පන්දු යවන්නන්ද දකුණු අප්‍රිකානුවන්ට දැඩි තර්ජනයක් එල්ල කිරීමට සමත් වූයේ නැත. එබැවින් ශ්‍රී ලංකා පිළට ඉදිරි දින වලදී තරගය තමන් වෙත නතු කර ගැනීමට නම් දැඩි ආයාසයක් දරන්නට සිදුවනු ඇත. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සතුව දක්ෂ පිතිකරුවන් කිහිප දෙනෙකුම සිටියද නුපුරුදු වේගවත් තණතිල්ලක ලකුණු 300කට වැඩි ඉලක්කයක් හඹා යාම දැවැන්ත අභියෝගයක් වන බැවිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<

Result


Sri Lanka Emerging Team
241/10 (60.5) & 302/10 (94.1)

South Africa Emerging Team
382/10 (99.2) & 189/10 (39.4)

Batsmen R B 4s 6s SR
Janneman Malan b Mohamed Shiraz 75 93 12 1 80.65
Matthew Breetzke c Minod Bhanuka b Chamika Karunarathne 114 187 10 0 60.96
Raynard van Tonder c Kamindu Mendis b Asitha Fernando 69 117 6 0 58.97
Jason Smith c Mohamed Shiraz b Lasith Embuldeniya 1 12 0 0 8.33
Sibonelo Makhanya c Minod Bhanuka b Nishan Peiris 22 42 2 0 52.38
Sinethemba Qeshile b Lasith Embuldeniya 20 34 3 0 58.82
Dayyaan Galiem lbw b Mohamed Shiraz 28 43 4 0 65.12
Kyle Simmonds lbw b Nishan Peiris 4 17 0 0 23.53
M Jansen c Charith Asalanka b Lasith Embuldeniya 3 8 0 0 37.50
Nandre Burger c Pathum Nissanka b Asitha Fernando 9 42 1 0 21.43
Tladi Bokako not out 14 6 2 1 233.33


Extras 23 (b 10 , lb 8 , nb 5, w 0, pen 0)
Total 382/10 (99.2 Overs, RR: 3.85)
Fall of Wickets 1-145 (33.1) Janneman Malan, 2-259 (61.6) Matthew Breetzke, 3-266 (64.5) Jason Smith, 4-288 (69.6) Raynard van Tonder, 5-318 (78.2) Sibonelo Makhanya, 6-328 (81.1) Sinethemba Qeshile, 7-339 (86.2) Kyle Simmonds, 8-348 (89.3) M Jansen, 9-368 (96.6) Dayyaan Galiem, 10-382 (99.2) Nandre Burger,

Bowling O M R W Econ
Asitha Fernando 18.2 3 63 2 3.46
Mohamed Shiraz 15 4 63 2 4.20
Lasith Embuldeniya 31 2 120 3 3.87
Chamika Karunarathne 11 1 40 1 3.64
Nishan Peiris 24 1 82 2 3.42
Batsmen R B 4s 6s SR
Minod Bhanuka c Raynard van Tonder b Kyle Simmonds 0 1 0 0 0.00
Hasitha Boyagoda lbw b Kyle Simmonds 40 52 7 0 76.92
Pathum Nissanka lbw b Tladi Bokako 7 5 1 0 140.00
Charith Asalanka b Kyle Simmonds 56 84 6 2 66.67
Ashen Bandara c Nandre Burger b Kyle Simmonds 10 14 1 0 71.43
Kamindu Mendis lbw b M Jansen 33 54 5 0 61.11
Chamika Karunarathne b Nandre Burger 27 49 5 0 55.10
Nishan Peiris not out 52 56 8 2 92.86
Lasith Embuldeniya lbw b M Jansen 0 2 0 0 0.00
Asitha Fernando b Nandre Burger 0 11 0 0 0.00
Mohamed Shiraz c & b Nandre Burger 12 37 2 0 32.43


Extras 4 (b 1 , lb 3 , nb 0, w 0, pen 0)
Total 241/10 (60.5 Overs, RR: 3.96)
Fall of Wickets 1-0 (0.1) Minod Bhanuka, 2-7 (1.2) Pathum Nissanka, 3-89 (16.5) Hasitha Boyagoda, 4-111 (24.1) Ashen Bandara, 5-116 (28.3) Charith Asalanka, 6-176 (42.6) Chamika Karunarathne, 7-176 (43.1) Kamindu Mendis, 8-176 (43.3) Lasith Embuldeniya, 9-185 (46.6) Asitha Fernando, 10-241 (60.5) Mohamed Shiraz,

Bowling O M R W Econ
Kyle Simmonds 19 4 88 4 4.63
Tladi Bokako 5 0 24 1 4.80
Nandre Burger 13.5 3 58 3 4.30
M Jansen 14 8 32 2 2.29
Dayyaan Galiem 8 1 28 0 3.50
Matthew Breetzke 1 0 7 0 7.00
Batsmen R B 4s 6s SR
Janneman Malan c Nishan Peiris b Asitha Fernando 1 2 0 0 50.00
Matthew Breetzke lbw b Lasith Embuldeniya 14 35 1 0 40.00
Jason Smith b Lasith Embuldeniya 2 11 0 0 18.18
Sibonelo Makhanya c Minod Bhanuka b Lasith Embuldeniya 5 4 1 0 125.00
Sinethemba Qeshile lbw b Chamika Karunarathne 31 38 7 0 81.58
Raynard van Tonder lbw b Nishan Peiris 17 48 1 0 35.42
Dayyaan Galiem lbw b Lasith Embuldeniya 0 3 0 0 0.00
Kyle Simmonds c Minod Bhanuka b Asitha Fernando 50 44 5 2 113.64
M Jansen b Lasith Embuldeniya 49 44 7 2 111.36
Nandre Burger c Hasitha Boyagoda b Asitha Fernando 16 12 2 0 133.33
Tladi Bokako not out 0 0 0 0 0.00


Extras 4 (b 0 , lb 1 , nb 3, w 0, pen 0)
Total 189/10 (39.4 Overs, RR: 4.76)
Fall of Wickets 1-2 (0.5) Janneman Malan, 2-14 (5.1) Jason Smith, 3-20 (5.6) Sibonelo Makhanya, 4-29 (9.6) Matthew Breetzke, 5-62 (18.4) Sinethemba Qeshile, 6-63 (19.4) Dayyaan Galiem, 7-86 (25.2) Raynard van Tonder, 8-151 (34.6) Kyle Simmonds, 9-183 (38.6) Nandre Burger, 10-189 (39.4) M Jansen,

Bowling O M R W Econ
Asitha Fernando 9 0 47 3 5.22
Lasith Embuldeniya 15.4 2 74 5 4.81
Chamika Karunarathne 6 2 16 1 2.67
Mohamed Shiraz 3 0 12 0 4.00
Nishan Peiris 6 0 39 1 6.50


Batsmen R B 4s 6s SR
Hasitha Boyagoda c Sibonelo Makhanya b Kyle Simmonds 33 49 7 0 67.35
Minod Bhanuka c Sinethemba Qeshile b Tladi Bokako 89 134 12 0 66.42
Pathum Nissanka c Sinethemba Qeshile b Dayyaan Galiem 47 117 3 1 40.17
Charith Asalanka b M Jansen 9 17 0 0 52.94
Ashen Bandara c Sinethemba Qeshile b Tladi Bokako 1 6 0 0 16.67
Kamindu Mendis lbw b Nandre Burger 17 31 2 0 54.84
Chamika Karunarathne lbw b Nandre Burger 10 22 1 0 45.45
Nishan Peiris b Nandre Burger 25 57 2 0 43.86
Mohamed Shiraz c Sinethemba Qeshile b M Jansen 49 96 7 0 51.04
Lasith Embuldeniya c Sinethemba Qeshile b Tladi Bokako 7 35 1 0 20.00
Asitha Fernando not out 0 4 0 0 0.00


Extras 15 (b 8 , lb 4 , nb 3, w 0, pen 0)
Total 302/10 (94.1 Overs, RR: 3.21)
Fall of Wickets 1-74 (15.6) Hasitha Boyagoda, 2-159 (42.3) Minod Bhanuka, 3-170 (47.1) Charith Asalanka, 4-173 (48.6) Ashen Bandara, 5-201 (57.2) Pathum Nissanka, 6-207 (60.6) Kamindu Mendis, 7-214 (62.5) Chamika Karunarathne, 8-272 (80.6) Nishan Peiris, 9-302 (93.2) Mohamed Shiraz, 10-302 (94.1) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Nandre Burger 16 7 38 3 2.38
Tladi Bokako 21.1 4 70 3 3.32
Dayyaan Galiem 15 2 37 1 2.47
M Jansen 17 2 58 2 3.41
Kyle Simmonds 22 0 74 1 3.36
Sibonelo Makhanya 3 0 13 0 4.33