Home Sinhala තරග දිනවන ශතකයක් සමඟින් පැතුම් නිශ්ශංක වැඩ අල්ලයි

තරග දිනවන ශතකයක් සමඟින් පැතුම් නිශ්ශංක වැඩ අල්ලයි

9973

යොවුන් පිතිකරු පැතුම් නිශ්ශංක වාර්තා කළ අති විශිෂ්ට ශතකය හේතුවෙන් දකුණු අප්‍රිකානු සංචාරයේ සිව්වැනි තරග ජයත් තහවුරු කර ගැනීමට අද (10) ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට හැකිවිය. 

ඒ දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 21කින් පරාජයට පත් කරමිනි. මෙම තරගය තවදුරටත් සුවිශේෂී වූයේ ශ්‍රී ලංකා පිළේ ආරම්භක කඩුලු 2ම ඉතා ඉක්මනින් බිඳ වැටුණු මොහොතේ ලකුණු 296ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට තරම් මෙම යොවුන් ක්‍රීඩකයින් පෙන්වූ ආත්ම විශ්වාසයයි.

රමේෂ්ගේ සුපිරි තුන් ඉරියව් දස්කම් පරාජයේ සෙවණැල්ලෙන් වැසී යයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ සත්වැනි තරගයෙන්…..

අද තරගයත් සුපුරුදු පරිදි ප්‍රිටෝරියා හිදී පැවති අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. නමුත් ඔහුගේ තීරණය ප්‍රබල ලෙස අභියෝගයට ලක් කළ ප්‍රතිවාදීන් හොඳින් ලකුණු අතරට පිවිසෙමින් තරගයේ පාලනය සියතට ගත්හ. එහිදී ආරම්භක පිතිකරු ජැන්මන් මාලන් පන්දු 62ක් තුලදී ලකුණු 60ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟිනි. 

මීට අමතරව ජේසන් ස්මිත් ලකුණු 30ක් ද, සිබනෙලෝ මකන්යා ලකුණු 35ක් ද රැස් කරමින් දකුණු අප්‍රිකානු පිළේ බලාපොරොත්තු ඉහළ නැංවූහ. කෙසේ නමුත් ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් අතුරින් කිසිවෙකු විශාල ඉනිමක් කරා නොගිය නිසා තරමක් අඩු ලකුණු සංඛ්‍යාවකට ප්‍රතිවාදීන් සීමා කිරීමට ද ශ්‍රී ලංකා පිළට අවස්ථාවක් උදාවිය. ඒ දකුණු අප්‍රිකානු ඉනිමේ එක් අවස්ථාවක දී ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 226කට කඩුලු 8ක් ලෙස දැක්වුනු නිසාවෙනි. 

කෙසේවෙතත් ඉනිමේ අවසන් කොටසේ දී නොසිතූ පරිදි ලකුණු අතරට පිවිසි දකුණු අප්‍රිකානු පසුපෙළ පිතිකරුවන් කඩුලු 9කට ලකුණු 296ක් දක්වා තම කණ්ඩායම ඔසවා තබන්නට සමත් වූහ. එහිදී ඇදහිය නොහැකි ඉනිමක් ක්‍රීඩා කළ අංක 9 පිතිකරු මාර්කෝ ජැන්සන් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තේ පන්දු 20කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ සුපිරි ප්‍රහාරය එක් හතරේ පහරකින් සහ හයේ පහර 6කින් හැඩ ගැන්විණ. ඔහුට සහය දුන් කයිල් සිමන්ඩ්ස් පන්දු 24කින් ලකුණු 35ක් සොරා ගත්තේය.

2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත සහතික

මැයි මස 30 වැනිදා ආරම්භ වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූලි මස 14….

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 50කට කඩුලු 3ක් දවාගත් අතර තරගාවලිය පුරා හොඳින් පන්දු යැවූ අසිත ප්‍රනාන්දු ද කඩුලු ද්විත්වයකට හිමිකම් කීවේය. මීට අමතරව ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් පන්දු යැවීමේ නිරත වූ අනෙක් ක්‍රීඩකයින් තිදෙනාද එක් කඩුල්ල බැගින් බිඳ හෙලූ අතර ලහිරු මධුශංක අද තරමක ප්‍රහාරයකට ලක්විය. එහිදී ඔහු ක්‍රියාත්මක කළ පන්දුවාර 10 තුලදී ප්‍රතිවාදීන් ලකුණු 74ක් උදුරා ගත්හ.

මෙම දැවැන්ත ඉලක්කය හඹායාමේ අදිටනින් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළේ මුල් කඩුලු 2ම ලකුණු 4ක් තුල බිඳ වැටුණි. එහිදී දැවී ගියේ ශ්‍රී ලංකා පිළ ඉමහත් බලාපොරොත්තු තබා තිබූ සඳුන් වීරක්කොඩි සහ කමිඳු මෙන්ඩිස් යන පිතිකරුවන් දෙදෙනායි. විශාල ලකුණු ගණනක් හඹා යාමේදී මෙය ඕනෑම කණ්ඩායමකට මරු පහරක් වුවද එතැන් පටන් පිටියේ එක්වුණු පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක ඉනිම ගොඩ නැගූ අයුරු නෙතට රසඳුනක් බදුවිය.

ඒ ඔවුන් දෙදෙනා නිරන්තරයෙන් පිතිකරණ අන්තය හුවමාරු කර ගනිමින්, නියමිත ලකුණු වේගය ද රඳවා ගනිමින් ප්‍රදර්ශනය කළ “වෘත්තීය” ක්‍රීඩා විලාශය නිසාවෙනි. මේ හේතුවෙන් බිංදුවේ සිට ආරම්භ කර අවසානයේ ශතක සබඳතාවයක් ද ගොඩ නගා පීඩනය ප්‍රතිවාදීන් පිට පැටවීමට ද මොවුන් දෙදෙනාට හැකිවිය. එහිදී අද දිනයේ සිදුවූ එකම අවාසනාවන්ත සිදුවීම වූයේ මේ අයුරින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට කැපවුණු නායක චරිත් අසලංක ලකුණු 91 දී ශතකය පෙනි පෙනී දැවී යාමයි. ඒ වනවිට ඔහු හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් එල්ල කොට තිබුණි.

19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ සංචිත නිකුත් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු………

නමුත් තම සගයාට අහිමි වූ ඉලක්කය ජයගත් පැතුම් නිශ්ශංක අද ලකුණු 104ක් ලබා ගත්තේ හරියටම පන්දු 104කට මුහුණ දෙමිනි. තවමත් 21 හැවිරිදි වියේ පසු වුවද නිතරම ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන මෙම “විශ්වාසය තැබිය හැකි” යොවුන් පිතිකරුවා අද හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් එල්ල කළේය. මොවුන් දෙදෙනා අවශ්‍යම මොහොතේ ගොඩ නැගූ සබඳතාවය නිසා පසු පෙළ පිතිකරුවන්ට ද ලකුණු අතරට පිවිසීම එතරම් අපහසු නොවීය.

ඒ අනුව පන්දුවාර 44ක් අවසන් වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 262ක් ලබා සිටි ශ්‍රී ලංකා පිළට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගය ජය ගැනීමට ද හැකිවිය. පැතුම් – චරිත් සබඳතාවයේ ආශිර්වාදය ඉදිරියට ගෙන ගිය අශේන් බණ්ඩාර අද නොදැවී ලකුණු 26ක් රැස් කරද්දී ශම්මු අශාන් ලකුණු 22ක් ලබා ගනිමින් ලක්මව දිනවීමට වෙහෙස මහන්සි විය. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ “තරග දිනවන ඉනිමක්” ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංකටයි.

ලෝක කුසලානයේ කුමන්ත්‍රණ ද?

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානය රෝහිත් ශර්මාගේ සුපිරි ශතකවලින්…..

තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සහ සරසවි ක්‍රීඩා කණ්ඩායම සමඟ පැවැත්වෙන අතර එහි තීරණය කුමක් වුවද ශ්‍රී ලංකා පිළ මේ වනවිටත් ලබන 14 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා අවසන් බව සඳහන් කළ යුතුය. ඒ සියලු තොරතුරු ඔබට ඉදිරියේ දී ThePapare.com තුලින් දැන ගැනීමට හැකිවනු ඇත.

Result


Sri Lanka Emerging Team
262/5 (44)

South Africa Emerging Team
296/9 (50)

Batsmen R B 4s 6s SR
Janneman Malan b Lahiru Madushanka 60 62 6 2 96.77
Wandile Makwetu c Kamindu Mendis b Asitha Fernando 6 8 1 0 75.00
Raynard van Tonder c Sandun Weerakkody b Chamika Karunarathne 23 34 3 0 67.65
Jason Smith run out (Kamindu Mendis) 30 42 4 0 71.43
Sinethemba Qeshile c Sandun Weerakkody b Ramesh Mendis 17 25 1 0 68.00
Sibonelo Makhanya b Amila Aponso 35 53 2 2 66.04
Dayyaan Galiem c Sandun Weerakkody b Chamika Karunarathne 6 11 0 0 54.55
Kyle Simmonds c Kamindu Mendis b Chamika Karunarathne 35 24 2 3 145.83
M Jansen not out 53 20 1 6 265.00
Nandre Burger c Kamindu Mendis b Asitha Fernando 15 19 0 0 78.95
Tladi Bokako not out 1 2 0 0 50.00


Extras 15 (b 1 , lb 4 , nb 0, w 10, pen 0)
Total 296/9 (50 Overs, RR: 5.92)
Fall of Wickets 1-15 (2.4) Wandile Makwetu, 2-50 (10.1) Raynard van Tonder, 3-120 (23.3) Jason Smith, 4-122 (24.3) Janneman Malan, 5-150 (31.5) Sinethemba Qeshile, 6-170 (36.2) Dayyaan Galiem, 7-214 (42.5) Sibonelo Makhanya, 8-226 (43.2) Kyle Simmonds, 9-270 (48.4) Nandre Burger,

Bowling O M R W Econ
Asitha Fernando 10 0 47 2 4.70
Lahiru Madushanka 10 1 74 1 7.40
Amila Aponso 10 0 68 1 6.80
Chamika Karunarathne 10 1 50 3 5.00
Kamindu Mendis 10 0 52 1 5.20


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Wandile Makwetu b Nandre Burger 104 104 8 1 100.00
Sandun Weerakkody b M Jansen 0 1 0 0 0.00
Kamindu Mendis c Wandile Makwetu b Tladi Bokako 1 9 0 0 11.11
Charith Asalanka lbw b M Jansen 91 94 8 4 96.81
Sammu Ashan b Dayyaan Galiem 22 36 1 0 61.11
Ashen Bandara not out 26 21 4 0 123.81
Ramesh Mendis not out 2 4 0 0 50.00


Extras 16 (b 1 , lb 1 , nb 5, w 9, pen 0)
Total 262/5 (44 Overs, RR: 5.95)
Fall of Wickets 1-2 (0.2) Sandun Weerakkody, 2-4 (1.5) Kamindu Mendis, 3-141 (25.6) Charith Asalanka, 4-210 (36.2) Sammu Ashan, 5-257 (42.5) Pathum Nissanka,

Bowling O M R W Econ
M Jansen 8 0 35 2 4.38
Tladi Bokako 8 1 43 1 5.38
Nandre Burger 8 0 40 1 5.00
Dayyaan Galiem 8 0 51 1 6.38
Kyle Simmonds 10 0 72 0 7.20
Jason Smith 2 0 18 0 9.00



>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<