දික්වැල්ලගේ ශතකය අපතේ යයි

276
Image courtesy - ESPNcricinfo.com

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයට මුල පුරමින් බෙලගවි හිදී ආරම්භ වූ පළමු නිල නොවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 205ක අති දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට ඉන්දීය A කණ්ඩායම අද (27) දින සමත් වූයේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් අත්කර දෙමිනි.

“පීඩනයක් තියෙනවා. ඒත් අභියෝගයට සූදානම්” – ඇන්ජලෝ මැතිව්ස්

2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 03ක්….

ඉන්දීය A පිළ තම මුල් ඉනිමට 622/5ක් ලෙස දැවැන්ත ලකුණු පුවරුවක් ඉදිරිපත් කළ නමුදු ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ලකුණු 232ක් හා දෙවන ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 185ක්ද වශයෙන් පමණි.

ඊයේ (26) දිනය නිමා වනවිට ශ්‍රී ලංකාව තම පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 83ක් ලබා සිටි අතර එහිදී අශාන් ප්‍රියන්ජන් සහ නිරෝෂන් දික්වැල්ල දෙදෙනාම ලකුණු 22 බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ඔවුන් දෙදෙනා එක්ව සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර ප්‍රියන්ජන් පිටියේ තැන්පත් වෙමින් සංයමයෙන් ඉනිම ගොඩ නගද්දී අනෙක් අන්තයේ සිටි දික්වැල්ල තම සුපුරුදු තරග රටාව ඔස්සේ ප්‍රවේගකාරීව ලකුණු ලබා ගැනීමට සමත් විය.

දුර්වල පන්දු තෝරා බේරා ගනිමින් සාර්ථක පිතිකරණයක යෙදෙමින් ලකුණු 111ක සාර්ථක සබඳතාවයක් ගොඩනැගීමට මොවුන් දෙදෙනා සමත් විය.

එහෙත් මුළු ලකුණු ප්‍රමාණය 161ක් වනවිට තම අර්ධ ශතකය පෙනි පෙනීම ලකුණු 49ක් ලබා සිටි ප්‍රියන්ජන්ට අවාසනාවන්ත ලෙස දැවී යාමට සිදුවූයේ දඟපන්දු යවන ක්‍රීඩක ජයන්ත් යාදව්ගේ පන්දුවක් හමුවේ රිකී බුයිට උඩ පන්දුවක් ලබාදෙමිනි.

ඉන්පසු අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි චාමික කරුණාරත්නට ද ආ විගසම ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදුවූයේ එක් ලකුණක් පමණක් ලබා සිටියදීය. දඟපන්දු යවන රාහුල් චහාර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටෙමින් ඔහු දැවී යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 170/6 ලෙස දිස්විය.

එලෙසින් එක ළඟම කඩුලු දෙකක් දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසියේ අකිල ධනංජය යි. නම් දැරූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට වඩා කාර්යභාරක් කිරීමට උත්සාහ කළ ඔහු, දික්වැල්ල සමඟ ලකුණු 33ක් සබඳතාවයක් පිහිටුවීමට තම සහය ලබා දුන්නේ ලකුණු 16ක් ලබා ගනිමිනි. මුළු ලකුණු සංඛ්‍යාව 203ක් වනවිට ඔහු දැවී ගියේ රාහුල් චහාර්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ශ්‍රීකර් භරත් අතට උඩ පන්දුවක් ලබාදෙමිනි.

ඉන්පසු පිටියට පිවිසි ලක්ෂාන් සඳකැන් ද ධනංජය මෙන්ම පිත්තෙන් කෙටි දායකත්වයක් ලබා දීමට සමත් විය. ඒ වනවිටත් අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි දික්වැල්ල පිටිය සිසාරා පහරවල් එල්ල කළේ කලකට පසුව තම සුපුරුදු පිතිහරඹය දියත් කරමිනි. ඉදිරිපෙළ, මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් හා එක්ව සාර්ථක සබඳතාවයන් පැවැත්වීමට ඔහුට හැකියාවක් ලැබුනේ කලකට පසු ලකුණු අතරට පිවිසෙමිනි.

කෙසේ වෙතත් දික්වැල්ල තම සටන්කාමී ශතකය රැස්කර ගැනීමත් සමඟම අනෙක් අන්තයේ සිටි සඳකැන් ඉනිමේ 8වන කඩුල්ල ලෙස ලකුණු 13කට දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 229ක්ව තිබියදී ය. ඔහු දැවී ගියේ ජයන්ත් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

ඒ සමඟින්ම තම සටන්කාමී හුදෙකලා ඉනිමට ද නැවතීමේ තිත තැබීමට දික්වැල්ලට සිදුවූයේ රාහුල් චහාර්ගේ පන්දුවක් හමුවේ අන්කිත් රාජ්පුට්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 231ක් වනවිට ඉනිමේ 9වන කඩුල්ල ලෙස දික්වැල්ලගේ විශිෂ්ට ඉනිම නිමාවූයේ ලකුණු 103කටය.

අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි ලහිරු කුමාර ද කිසිඳු ලකුණක් ලබා ගැනීමට පෙර දැවී ගියේ රාහුල් චහාර්ගේ පන්දුවක් හමුවේ රිකී බුයිගේ අතට උඩ පන්දුවක් ලබාදෙමිනි. ඒ වනවිට අනෙක් අන්තයේ නොදැවී සිටි විශ්ව ප්‍රනාන්දු ලකුණු 2ක් ලබා සිටියේය.

මුළු ලකුණු සංබ්‍යාව 232 වනවිට සියල්ලන්ම දැවී ගියේ ශ්‍රී ලංකා පිළට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලබාගැනීමට තිබූ ලකුණු 422ටද ලකුණු 210ක් පසුපසින් සිටිමිනි.

පන්දු යැවීමේ දී රාහුල් චහාර් ලකුණු 78කට කඩුලු 4ක් දවාලමින් ශ්‍රී ලංකා ඉනිම සුනු විසුණු කිරීමේ පුරෝගාමියා බවට පත්වූ අතර ජයන්ත් යාදව්, සන්දීප් වෝරියර් සහ ශිවම් ඩූබෙ කඩුලු 2 බැගින් දවාලීමට සමත් විය.

ක්‍රිස් ගේල් නිසා ටේලර් උනන්දුවෙන්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ අත්දැකීම් බහුලම පිතිකරුවා වන රොස් ටේලර් ….

අනතුරුව තම දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වූයේ ද පළමු ඉනිමට හාත්පසින් සමාන අයුරින්මය. අතිශයින් දුර්වල පිතිකරණයක යෙදුනු ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් ආ විගසම තම කඩුල්ල ලබාදුන්නේ පසුපෙළ පිතිකරුවන්ටන් අන්ත අයුරින් වගකීම් රහිත වෙමිනි. ලකුණු පුවරුව 1ක් වනවිට මුල් කඩුලු 2, ලකුණු 4දී 3 වන කඩුල්ලද දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු බලාපොරොත්තු සුනු විසුණු කර දමමිනි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස කිසිඳු ලකුණක් ලබාගැනීමට පෙර පැතුම් නිස්සංක දැවී ගියේ අන්කිත් රාජ්පුට්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ශ්‍රීකර් භරත් අතට උඩ පන්දුවක් ලබාදෙමිනි. අනෙක් අන්තයේ සිටි සංගීත් කුරේ ද එක් ලකුණක් ලබා සිටියදී සන්දීප් වෝරියර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටී දැවීගියේ තමා පළමු ඉනිමේ දැවී ගිය අයුරිනි.

තෙවන කඩුල්ල ලෙස භානුක රාජපක්ෂ දැවී ගියේ අන්කිත් රාජ්පුට්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි සධීර සමරවික්‍රම සහ අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක අෂාන් ප්‍රියන්ජන් අතර ලකුණු 88ක සබඳතාවයක් පිහිටවූ නමුත් එය ශ්‍රී ලංකා පිළට කිසිසේත් ප්‍රමාණවත් නොවීය.

ලකුණු පුවරුව 92ක් වනවිට ලකුණු 39ක් ලබා සිටි නායක ප්‍රියන්ජන් දැවී ගිය අතර ලකුණු පුවරුව 99ක් වනවිට සධීර දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා පිලේ දෙවන ඉනිමේ බිඳවැටීම ද ආරම්භ විය. ඔවුන් දෙදෙනා ම දැවී ගියේ රාහුල් චහාර්ගේ පන්දු හමුවේ උඩ පන්දු ලබාදෙමිනි.

ඉන්පසු අංක 6 පිතිකරු ලෙස නිරෝෂන් දික්වැල්ල සමඟ පිටියේ එක්වූ අංක 7 පිතිකරු චාමික කරුණාරත්න සබඳතාවයක් එක් කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූයේ ලකුණු 20ක් ලබා සිටි චාමික කරුණාරත්න රාහුල් චහාර්ගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දෙමින් ඉනිමේ 6 වන කඩුල්ල ලෙසින් දැවී යාමත් සමඟයි. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 133/6 ලෙස දිස්විය.

පසුව පිටියට පිවිසි අකිල ධනංජය ද ලකුණු 10ක් ලබා සිටියදී ජයන්ත් යාදව්ගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දෙමින් ඉනිමේ 7 වන කඩුල්ල වශයෙන් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 153ක් ලෙස සටහන් වනවිට ය.

පළමු ඉනිමේ ශ්‍රී ලංකා පිළේ සාර්ථකම පිතිකරුවා වෙමින් ශතකයක් ලබාගත් නිරෝෂන් දික්වැල්ල දෙවන ඉනිමේ ශ්‍රී ලංකා පිළේ අවසන් බලාපොරොත්තුව බවට පත්වී සිටියත් ඒ සියලු බලාපොරොත්තු සුනු විසුණු කර දමමින් සන්දීප් වෝරියර් ඔහුව ලකුණු 27කට දවා ගැනීමට සමත් වූයේ ඉනිමේ 8 වන කඩුල්ල ලෙසිනි. මුළු ලකුණු සංඛ්‍යාව 153ක් වනවිට ඔහු දැවී ගියේ කඩුලු රකින ශ්‍රීකර් ක්‍රීඩක භරත් අතට උඩ පන්දුවක් ලබාදෙමිනි. දික්වැල්ල දැවී ගියේ ඉන්දියානුවන්ගේ ජයග්‍රාහී දොරගුළු ද විවිර කරමිනි.

අවසන් පිතිකරුවන් දෙපළ ලෙස පසුව පිටියේ එක්වූ ලක්ෂාන් සඳකැන් සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනා ලකුණු 10 බැගින් ලබා ගත් අතර කණ්ඩායමේ 9 වන කඩුල්ල ලෙස විශ්ව දැවී ගියේ ජයන්ත් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ශ්‍රීකර් භරත් අතට උඩ පන්දුවක් ලබාදෙමිනි. ඒ මුළු ලකුණු සංඛ්‍යාව 166ක් වනවිට ය.

අනතුරුව අවසන් පිතිකරුවා ලෙස පැමිණි ලහිරු කුමාර, සඳකැන් සමඟ එක්ව ලකුණු 19ක සබඳතාවයක් සඳහා ලකුණු 8ක දායකත්වයක් ලබාදී දැවී ගියේ ඉන්දීය කණ්ඩායමට අති විශිෂ්ට ජයග්‍රාහී අවසානයක් ලබාදෙමිනි.

ඒ සමඟින් ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 185කට නිමාවූ අතර ඒ වනවිට අනෙක් අන්තයේ නොදැවී සිටි ලක්ෂාන් සඳකැන් ලකුණු 10ක් ලබා සිටියේය.

දෙවන ඉනිමේ ද වැඩිම කඩුලු ලාභියා වෙමින් රාහුල් චහාර් ලකුණු 45කට කඩුලු 4ක් දවාගනු ලැබුවේ සම්පූර්ණ තරගයේ කඩුලු 8ක්ම දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනු විසුණු කිරීමේ පුරෝගාමියා බවට පත්වෙමිනි.

ඔහුට අනගි සහයක් ලබාදුන් ජයන්ත් යාදව්, සන්දීප් වෝරියර් සහ අන්කිත් රාජ්පුට් කඩුලු 2 බැගින් දවාලීමට සමත් විය.

මහේල තනතුර ප්‍රතික්ෂේප කරයි

2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් දින 4ක් පමණක් ඉතිරිව ඇත…..

ඒ අනුව පළමු නිල නොවන ටෙස්ට් තරගයේ අවසානය සනිටුහන් වූයේ තවත් එක් දිනයක් ද ඉතිරිව තිබියදී තරගයේ සියලු ගෞරව ඉන්දියාවට අත්කර දෙමිනි. මෙම සංචාරයේ දෙවන නිල නොවන ටෙස්ට් තරගය එළඹෙන ජුනි 01 වනදා හුබ්ලි හීදී ඇරඹීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<