අමාත්‍ය සියඹලාපිටිය, වොලිබෝලය අතට ගනියි

321
Ranjith Siyambalapitiya

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා වොලිබෝල් සම්මේලනයේ සභාපතිත්වයට තේරී පත් වී ඇත. ඔහු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 16 වැනි සභාපතිවරයායි.

DSI සුපර්ස්පෝට් වොලිබෝල් තරගාවලිය ඇරඹේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ඒකකයත්, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයත්, ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයත් සමඟින්..

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිසිසුවකු වන ඒ මහතා විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකත්වයත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකත්වයත් දරා ඇති විශ්ව විද්‍යාලයීය වොලිබෝල් වර්ණලාභියෙකි.

ඔහුගේ පාලන කාලය ඉදිරි වසර 2 සඳහා බලපැවැත්වෙන අතර උප සභාපති ධූර 6ක් ද මේ සමඟින් පිරිනැමේ. ඊට තේරී පත් වී ඇත්තේ නගර සංවර්ධන සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, කාංචන  ජයරත්න, නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, සී. රත්නමුදලි සහ රන්තිලකා ජයවීර යන මහත්ම මහත්මීන්ය. ප්‍රධාන ලේකම් තනතුරේ වෙනසක් නොවී ඇති අතර ඒ.එස්. නාලක මහතා විසින් තවදුරටත් ඒ තනතුර හොබවනු ඇත.

නියෝජ්‍ය ලේකම්වරුන් වශයෙන් සමන් අභයවර්ධන සහ ගුවන් කොමදෝරු නිශාන්ත තිලකසිංහ මහතා පත්ව ඇත. භාණ්ඩාගාරික සම්පත් පෙරේරා මහතාගේ තනතුර නොවෙනස්ව පවතිද්දී ජගත් ප්‍රනාන්දු මහතා ඔහුගේ නියෝජ්‍ය තනතුරේ වැඩ භාරගෙන ඇත. රොහාන් සෝමවංශ මහතා පත් වී ඇත්තේ සම්මේලනයේ ප්‍රධාන සංවිධායක තනතුරටයි. ඉහත කී සියලු තනතුරු නිතරගයෙන් ලබා දෙන ලද ඒවා වීම ද විශේෂත්වයකි.

ස්වාධීන කමිටු සාමාජිකයන් 11 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් 15 දෙනෙකු නාමයෝජනා ලබා දී ඇති අතර ඔවුන් තෝරා ගැනීමේ කටයුතු එළඹෙන 27 වෙනිදා පැවැත්වෙන වොලිබෝල් සම්මේලන මහා සභා රැස්වීම සහ නිලවරණය තුළ දී සිදු කෙරේ. එය මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට