සභාපතිගේ කණ්ඩායමේ වගකීම් මිලින්ද සිරිවර්ධනට

269

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායමේ නායකත්වයට මිලින්ද සිරිවර්ධන තෝරා පත් කර ගෙන තිබේ. ඒ බංගලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත පුහුණු තරගයක් සඳහායි. තරගය හෙට (22) සි.සි.සි ක්‍රීඩා පිටියේ දී ආරම්භ වේ.

ඩී. එස්. – මහානාම ක්‍රිකට් සටන 11 වන වරටත්

කොළඹ ඩී. එස්. සේනානායක සහ මහානාම විද්‍යාල අතර 11 වන රන් සටන මහා ක්‍රිකට් තරගය මේ මස 24 සහ 25 දෙදින තුල කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ..

බංගලාදේශය සමඟින් මේ මස 25 වැනි දා දඹුල්ලේ දී ආරම්භ වීමට නියමිත එක්දින තරග 3ක් සඳහා වන 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට තේරීම් කමිටුව විසින් තෝරා පත්කරගෙන තිබේ.

එක්දින තරග සඳහා නම් කර සිටි කුසල් ජනිත් පෙරේරා, සචිත් පතිරණ, තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් සිව්දෙනාත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මෙම තරග තුනකින් සමන්විත තරගාවලිය සඳහා වන පුහුණුවීම් සංචිතයට ඇතුළත් කර ඇත.

වමතින් දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද මෙම සංචිතයට ඇතුළත් අතර පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල දනංජය ද මෙම සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් අතර සිටියි.

සංචිතය: මිලින්ද සිරිවර්ධන, කුසල් ජනිත් පෙරේරා, දිල්ෂාන් මුණවීර, සඳුන් වීරක්කොඩි, ධනංජය ද සිල්වා, චතුරංග ද සිල්වා, තිසර පෙරේරා, ලහිරු මධුශංක, දසුන් ශානක, අකිල ධනංජය, සචිත් පතිරණ, බිනුර ප්‍රනාන්දු.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට