සාන්ත ජෝසප් සහ විශාකා විදුහල් ශූරතා දිනයි

691

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලය ජාතික සහය පිහිනුම් තරගාවලියේ ශූරතාවයන් ජය ගැනීමට ඊයේ (13) සමත් විය. තරගාවලිය සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාකාංගණයේ පැවැත්විය.

සාන්ත ජෝසප් හා විශාකා විදුහල් පංච ප්‍රයාම ශූරතා දිනති

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ විශාකා විද්‍යාලය පංච ප්‍රයාම පිහිනුම් තරගාවලියේ ශූරතාවය …

තරග ඉසව් විස්සක් සඳහා කණ්ඩායම් 34කට අයත් ක්‍රීඩකයින් 800ක් දිනක් පුරා එකිනෙකා හා තරග වැදුණු අතර ත්‍යාග ප්‍රදානෝත්සවය ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා හා ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩා සංගමයේ සභාපති මහින්ද ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

4x50m සහය පිහිනුම් ඉසව්ව
වයස අවුරුදු 11 න් පහල බාලිකා  
  • ස්ටාර්ෆිෂ් පිහිනුම් ඇකඩමිය  (2:46.09r)
  1. සිරිමාවෝ බාලිකා විද්‍යාලය  (2:51.65)
වයස අවුරුදු 11 න් පහල බාලක   
  • සි. එච් පිහිනුම් ඇකඩමිය  (2:40.65r)
  1. ශාන්ත ජෝසප් විද්‍යාලය  (2:45.47)
වයස අවුරුදු 13 න් පහල බාලිකා   
  • සිරිමාවෝ බාලිකා විද්‍යාලය (2:25.32r)
  1. ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල  (2:34.30)
වයස අවුරුදු 13 න් පහල බාලක   
  • ශාන්ත ජෝසප් විද්‍යාලය  (2:27.97)
  1. ආනන්ද විද්‍යාලය  (2:28.25)
වයස අවුරුදු 15 න් පහල බාලිකා
  • සිරිමාවෝ බාලිකා විද්‍යාලය  (2:23.44)
  1. ලයිසියම් ජාත්‍යන්තර පාසැල වත්තල  (2:25.60)
වයස අවුරුදු 15 න් පහල බාලක   
  • නාලන්ද විද්‍යාලය  (2:06.28r)
  1. සාන්ත ජෝසප් විද්‍යාලය  (2:08.59)
වයස අවුරුදු 18 න් පහල බාලිකා   
  • මහමායා බාලිකා විද්‍යාලය  (2:13.08)
  1. විශාකා විද්‍යාලය කොළඹ  (2:14.48)
වයස අවුරුදු 18න් පහල බාලක   
  • සාන්ත ජෝසප් විද්‍යාලය  (1:53.92)
  1. ආනන්ද විද්‍යාලය  (1:56.61)
වයස අවුරුදු 18 හා ඉන් ඉහල බාලිකා    
  • සිරිමාවෝ බාලිකා විද්‍යාලය
  1. විශාකා විද්‍යාලය  (2:20.81)
වයස අවුරුදු 18 හා ඉන් ඉහල බාලක     
  • ශ්‍රී ලංකා යුධ හමුදා  (1:57.81)
  1. රාජකීය විද්‍යාලය  (1:58.47)
4x50m නිදහස් ආර සහය පිහිනුම් ඉසව්ව  
වයස අවුරුදු 11 න් පහල බාලිකා  
  • ස්ටාර්ෆිෂ් පිහිනුම් ඇකඩමිය  (2:27.99r)
  • සිරිමාවෝ බාලිකා විද්‍යාලය (2:31.96)
වයස අවුරුදු 11 න් පහල බාලක   
  • සි. එච් පිහිනුම් ඇකඩමිය (2:21.86)
  1. ලයිසියම් ජාත්‍යන්තර පාසල නුගේගොඩ  (2:26.90)
වයස අවුරුදු 13 න් පහල බාලිකා      
  • සිරිමාවෝ බාලිකා විද්‍යාලය (2:10.92r)
  1. විශාකා විද්‍යාලය  (2:12.33r)
වයස අවුරුදු 13 න් පහල බාලක       
  • ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල  (2:08.43)
  1. සාන්ත ජෝසප් විද්‍යාලය (2:11.24)
වයස අවුරුදු 15 න් පහල බාලිකා      
  • සිරිමාවෝ බාලිකා විද්‍යාලය (2:07.84)
  1. ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල  (2:09.82)
වයස අවුරුදු 15 න් පහල බාලක     
  • නාලන්ද විද්‍යාලය  (1:52.07r)
  1. ලයිසියම් ජාත්‍යන්තර පාසල නුගේගොඩ  (1:55.69)
වයස අවුරුදු 18න් පහල බාලිකා    
  • විශාකා විද්‍යාලය  (2:01.03)
  1. මහමාය බාලිකා විද්‍යාලය  (2:01.16)
වයස අවුරුදු 18න් පහල බාලක   
  • ආනන්ද විද්‍යාලය  (1:43.14)
  1. සාන්ත ජෝසප් විද්‍යාලය (1:43.74)
වයස අවුරුදු 18 හා ඉන් ඉහල බාලිකා      
  • සිරිමාවෝ බාලිකා විද්‍යාලය (2:04.78)
  1. විශාකා විද්‍යාලය  (2:05.08)
වයස අවුරුදු 18 හා ඉන් ඉහල බාලක     
  • රාජකීය විද්‍යාලය  (1:46.28)
  1. ත්‍රිත්ව විද්‍යාලය  (1:46.53)

පළමු ස්ථාන හයක් හා ප්‍රසාද ලකුණු 154ක් සමඟින් සිරිමාවෝ බාලිකා විද්‍යාලය සමස්ත බාලිකා ශූරතාවය දිනා ගත් අතර පසුගිය වසරේ ශූරියන් වූ විශාකා විද්‍යාලයට සිරිමාවෝ විද්‍යාලයට වඩා ලකුණු අටක් පසුපසින්, දෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

ලකුණු 146ක් සමඟින් පසුගිය වසරේ ශූරයින් වූ සාන්ත ජෝසප් විද්‍යාලය මෙවරත් සිය අණසක තටාකය පුරා විහිදුවන්නට සමත්වූ අතර දෙවන ස්ථානයට පත්වූ ආනන්ද විද්‍යාලය ලකුණු 98ක් රස්කරගද්දී විශාල ලකුණු පරතරයකින් පිට පිට දෙවන වසරටත් ශූරයින් වන්නට මරදාන සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සමත් වූහ.

>> පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<