රිද්මාගේ තුන්පිම්ම වාර්තාවක්‌ වෙයි

536
John Tarbet 2nd day

86 වැනි ජ්‍යෙෂ්ඨ ජෝන් ටාබට්‌ මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ පැවැති වයස අවු. 18න් පහළ තුන් පිම්ම ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක්‌ පිහිටුවීමට රිද්මා නිශාදි සමත් වූවාය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කරන ඇය එහිදී මීටර් 12.21 ක දක්‌ෂතාවක්‌ දැක්‌වීය.

එම වයස්‌ කාණ්‌ඩයේම මීටර් 800 තරග ඉසව්වට සහභාගී වෙමින් කැපී පෙනෙන දස්‌කම් දැක්‌වූ වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ දිල්ශි කුමාරසිංහ අදාළ ඉසව්ව වි. 2.13.4 ක කාලයක්‌ සටහන් කර සිය ඉසව්ව නිමාකරමින් නව තරගාවලි වාර්ථාවක්‌ පිහිටුවීය.

එමෙන්ම දිනයේ වේගවත්ම ඉසව්වක්‌ වශයෙන් පැවැති වයස අවු. 18 න් පහළ මීටර් 200 ඉසව්වේ බාලක බාලිකා යන අංශයන් දෙකේම ප්‍රථම ස්‌ථානය හිමි කර ගැනීමට ගේට්‌වේ ජාත්‍යන්තර පාසලට හැකි විය.

එහිදී බාලක ප්‍රථම ස්‌ථානය ආසිරි විඡේසේකර (තත්. 21.9) විසින් දිනාගන්නා අතරවාරයේ බාලිකා ප්‍රථම ස්‌ථානය ශර්මිලා ජෑන්ස්‌ (තත්. 25.1) විසින් දිනාගත්තාය.

තරගාවලියේ අවසන් දිනය අද වන අතර සම්පූර්ණ තරගාවලියේ ලිපියක් බලාපොරොත්තු වන්න