මාරිස් ස්ටෙල්ලා හමුවේ සාන්ත ජෝසප් පසුබසියි

390

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (12) දින සාන්ත ජෝසප් විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර පැවැත්වූ අතර පළමු දිනය නිමාවන විට තරගයේ වැඩි වාසිය දිනා සිටියේ සංචාරක මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයයි.

පළමු තරගය වර්ෂාවෙන් හෙදී ගියත් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ තැනක

1982 සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිවල පැවති 70 වැනි එක්දින ක්‍රිකට් තරගය ප්‍රතිඵලයක් නොමැතිව පසුගිය දා (10) නිමාවට පත්වූයේ තරගයට…

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ අද දිනය අවසන් වන විට මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 23ක් ලබාගෙන සිටියේය. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔවුන් ලකුණු 182ක් ලබාගත් අතර දකුණතින් ඔවුන්ගේ පිට දඟපන්දු යවන ක්‍රීඩක රවිඳු ප්‍රනාන්දුගේ විශිෂ්ට යැවීමත් සමඟම  මාරිස් ස්ටෙල්ලා පන්දු යවන්නන්ට සාන්ත ජෝසප් පළමු ඉනිම ලකුණු 82කට සීමා කිරීමට හැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමේ වමතින් පිත්ත හසුරුවන ක්‍රීඩක කෙවින් පෙරේරා හා දකුණතින් පිතිකරණයේ නිරත වන පස්වන වසරේ ක්‍රීඩකයෙක් වන රවිඳු ප්‍රනාන්දු සිය කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 182ක් දක්වා ඔසවා තැබුවේය. එම ඉනිමේ දී වැඩිම ලකුණු ලාභියා වූ කෙවින් 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 44ක් ලබා ගන්නා විට ඔහුට සහය වූ රවිඳු ලකුණු 29කට දැවී ගියේ  ශාලින්ද සෙනෙවිරත්නගේ පන්දුවකටයි. ඊට අමතරව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ ලකුණු පුවරුව සවි බලගැන්වූ ආමන්ත පෙරේරා හා ශිරාන් පෙරේරා පිළිවෙළින් ලකුණු 28ක් හා ලකුණු 22*ක් රැස්කර ගත්තේය.

ශ්‍රී ලංකාව එංගලන්තය අභිබවා යයි

ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටය නිමා කරමින් ඊයේ (11) ගොවේ හීදී පැවති තරගයේ…

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිමට පිළිතුරු ලෙස සාන්ත ජෝසප් විද්‍යාලය හට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 82ක් පමණක් වන අතර දිලේෂ් පෙරේරා ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 22ක් රැස් කළේය. එමෙන්ම මෙහි දී රවිඳු ප්‍රනාන්දු විසින් ලකුණු 22කට කඩුලු 5ක් ගත්තේ විශිෂ්ට ගණයේ පන්දු යැවීමක නිරත වෙමිනි. ඔහුට සහය දක්වමින් පන්දු යැවූ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ  අශාන් ප්‍රනාන්දු හා පසිඳු උෂෙට්ටි අතරේ පිළිවෙළින් කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

තරගයේ පළමු දිනය නිමා වන විට පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි මාරිස් ස්ටෙලා ක්‍රීඩකයින් සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලයීය පළමු ඉනිමට වඩා ලකුණු 123ක් ඉදිරියෙන් සිටියේය.

පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරගය හෙට (13) දෙවන දිනයටත් පැවැත්වේ.

මාරිස් ස්ටෙලා විද්‍යාල පළමු ඉනිම -182 (49.3): කෙවින් පෙරේරා 44, රවිඳු ප්‍රනාන්දු 29, ආමන්ත පෙරේරා 28, ශිරාන් පෙරේරා 22*, ශාලින්ද සෙනෙවිරත්න 5/44, අශාන් ද අල්විස් 2/24.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම –  82 (31.2): දිලේෂ් පෙරේරා 22, රවිඳු ප්‍රනාන්දු 5/22,  අශාන් ප්‍රනාන්දු 2/13, පසිඳු උෂෙට්ටි 2/25.

මාරිස් ස්ටෙලා විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 23/4 (6.5):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<