සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක ජයක්

427

සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 29ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කර දෙමින්, සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (30) දිනය නිමාවට පත්විය.

සචින් සිල්වාගෙන් ඉන්ද්‍රජාලික පිතිකරණයක්

සිංගර් ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ…

සහිරා විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත තෝමස් ක්‍රීඩකයින් ප්‍රතිවාදී සහිරා විද්‍යාල පිටියේ දී  පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කළේය. මෙම තරගයෙන් සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට ඉනිමක හා ලකුණු 29ක ජයක් හිමි විය.

සාන්ත තෝමස් විද්‍යාලය සිය ප්‍රථම ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 244ක් ලබා ගන්නා ලදි. එහි දී ඩෙලෝන් පීරිස් ලකුණු 65ක් වාර්තා කිරීමට සමත් විය. ඔහුට සවියක් වූ ක්‍රිශාන් මුණසිංහ ලකුණු 44ක් ලබාගෙන අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

පන්දු යැවීමේ දී මොහොමඩ් ආදිල් සහිරා විද්‍යාලය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් දවා ගත්තේය.

සහිරා විද්‍යාලය සාන්ත තෝමස් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 192ක් පසුපසින් පසුවෙමින් අද දෙවන දිනය සඳහා තරගයට පිවිසුණු අතර, ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 97කට සීමා කිරීමට සාන්ත තෝමස් විද්‍යාලයේ කළණ පෙරේරා ඇතුළු පන්දු යවන්නන් හට වැඩි වේලාවක් ගත වූයේ නැත. එහි දී කළණ කඩුලු 7ක් දවාලන ලදි.

නැවතත් පිටියට පිවිසි සහිරා ක්‍රීඩකයින්ට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 147ක් ලබා ගැනීමට නියමිතව තිබුණ ද, ඔවුන්ට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 108කි. එවැනි මට්ටමකට හෝ සහිරා ඉනිම සවිමත් කළ මොහොමඩ් ශමාස් ලකුණු 24ක් ඔවුන්ගේ දෙවන ඉනිමට එක්කළේය. එම ඉනිම තුළ දිනෙත් කන්නංගර කඩුලු 3ක් දවාලමින් සාන්ත තෝමස් විද්‍යාලයට දැවැන්ත ජයක් වෙත ඇදීයාමට සිය සහය පළ කරන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 234/10 (69.1): ඩෙලෝන් පීරිස් 65, ක්‍රිශාන් මුණසිංහ 44, මනීශ රූපසිංහ 37, ශලින් ද මෙල් 24, මොහොමඩ් ආදිල් 5/66, මොහොමඩ් රිෆාත් 3/50.

සහිරා විද්‍යාලය පළමු ඉනිම – 97/10 (32.2): රිද්මික නිමේෂ් 23, මොහොමඩ් සාකි 22, මොහොමඩ් ශමාස් 20, කළණ පෙරේරා 7/34, ඩෙලෝන් පීරිස් 2/30.

සහිරා විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 108/10 (38.5): මොහොමඩ් ශමාස් 24, දිනෙත් කන්නංගර 3/36, තෙවින් ඊරියගම 2/08, ඩෙලෝන් පීරිස් 2/24, ශැනොන් ප්‍රනාන්දු 2/16.

අසාර් අලිගේ මැරතන් ඉනිම පාකිස්තානයට සවිය ගෙනෙයි

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද දිනය (30) නිමා වන විට පාකිස්තානු කණ්ඩායම කඩුලු 4ක් බිඳ වැටී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 266කි. ඒ අනුව පාකිස්තානු…

සාන්ත පීතර විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙසින් සාන්ත පීතර විදුහල් පිටියේ දී ඊයේ (29) ආරම්භ වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අද (30) අවසන් වුවත්, එහි පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි විය.

සාන්ත පීතර විද්‍යාලය කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 250ක් ලබා ගන්නා ලදි. එහි දී සචින් සිල්වා නොදැවී ලකුණු 80*ක් රැස්කර ගත්තේ සාන්ත පීතර විද්‍යාලයේ ගැලවුම්කරු බවට පත්වෙමිනි.

අද දිනයට තරගය ආරම්භ කරන විට, පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි වෙස්ලි විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 58ක් ලබාගෙන සිටියේය. සචින්ගේ දක්ෂ පන්දු යැවීමත් සමඟ යළි යළිත් ඉස්මතු වූ ඔහුගේ තුන් ඉරියව් දස්කම් හමුවේ වෙස්ලි විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 134ක් පමණි. මොවින් සුභසිංහ ලකුණු 31යි. සචින් කඩුලු 5යි.

ලකුණු 116ක පළමු ඉනිමේ අවාසියක් ද සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කළ වෙස්ලි විදුහලට පළමු ඉනිමට සාපේක්ෂව යම් ලකුණකට යාමට හැකි විය. අවසානයේ ඔවුන් සිය දෙවන ඉනිමට සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 169කි. එහි දී සචින් නොපසුබට උත්සාහයක නිරත වෙමින් නැවතත් කඩුලු 5ක් දවා ගන්නා ලදි. සිදත් ධර්මසිරිවර්ධන සිය අර්ධ ශතකය වාර්තා කර ගත්තේ ලකුණු 58ක් ලබාගෙනයි.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට වෙස්ලි විදුහල දැඩි ලෙස වෙහෙස වූ අතර, අවසානයේ ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් විය. ලකුණු 54ක් සිය ජයග්‍රහණය සඳහා සාන්ත පීතර විද්‍යාලයට හිමිවුවද දිනයට නියමිත කාලය අවසන් වූ නිසා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණයෙන් පමණක් සෑහීමකට පත්වීමට සාන්ත පීතර ක්‍රීඩකයින්ට සිදු විය.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 250/10 (64.4): සචින් සිල්වා 80*, මොහොමඩ් අමීන් 41, සාලිත් ප්‍රනාන්දු 36, ලශේන් රොද්‍රිගෝ 23, සෙනාල් දංගල්ල 3/56, මොවින් සුභසිංහ 3/56

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම – 134/10 (58.4): මොවින් සුභසිංහ 31, සහිල් ඩයස් 25, සෙනාල් දංගල්ල 20, සචින් සිල්වා 5/51, නිරෝශ් අර්ශන 2/11, මොහොමඩ් අමීන් 2/35  

වෙස්ලි විද්‍යාලය දෙවන ඉනිම (F/O) 169/10 (85.5): සිදත් ධර්මසිරිවර්ධන 58, සෙනාල් දංගල්ල 36, සකුන්ත ලියනගේ 26, සචින් සිල්වා 5/82, සන්තුෂ් ගුණතිලක 2/07, මොහොමඩ් අමීන් 2/60.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට