සාන්ත සර්වේසස් හා මහින්ද විද්‍යාලය ජයග්‍රාහකයින් අතරට

740

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (16) දින පැවැත්වුණු අතර එම තරග අතරින් පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාලය සිය පාසල් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරගනී

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සිටින දක්ෂයින් සොයා යාම වෙනුවෙන් පැවැත්වෙන..

  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයකින් පමණක් සෑහීමකට පත්වීමට සිදු වූ මෙම තරගය C කාණ්ඩයේ තරගයක් ලෙස මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩා පිටියේ දී නිමා විය.

ඊයේ දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 140ක් ලබාගෙන සිටියේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 46ක් පසුපසින් සිටිමිනි. දිනය අවසානයේ සාන්ත සෙබස්තියන් පිතිකරුවන් විසින් එම ඉනිම ලකුණු 284ක් දක්වා රැගෙන ගොස් අත්හිටු වූයේ  ලකුණු 98ක පළමු ඉනිමේ වාසියක් ද සහිතවයි.

Photo Album – St. Sebastian’s College vs St. Aloysius’ College | Singer U19 Cricket Tournament 2018/19

එහි දී පිතිකරණයෙන් දස්කම් දැක්වූ නායක නුවනිඳු ප්‍රනාන්දු හා දකුණත් පිතිකරු ජනිෂ්ක පෙරේරා පිළිවෙළින් ලකුණු 83ක් හා ලකුණු 77ක් වාර්තා කරනු ලැබුවා. පන්දු යැවීමෙන් ද දස්කම් දැක්වූ විනුජ රණසිංහ ලකුණු 40ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

තරගයේ දෙවන ඉනිම දියත් කළ සාන්ත ඇලෝසියස් විද්‍යාලය මනුෂ්ක සමිත්ගේ පිත්තේ සහයෙන් නැවත වතාවක් තරගයට අවතීර්ණ වුවත් අනෙකුත් පිතිකරුවන් සිය වගකීම නිසියාකාරව ඉටු කිරීමට අපොහොසත් වීම නිසා ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 194කට සීමා විය. සාන්ත ඇලෝසියස් කණ්ඩායමේ දෙවැනි ඉනිම වැනසූ විනුජ රණසිංහ ලකුණු 66කට කඩුලු 5යි.

ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කිසිවකු නොදැවී ලකුණු 7ක් ලබාගෙන සිටිය දී තරගය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කළ බැවින් එය ජය පරාජයෙන් තොරව අවසන් විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම: 186 (66.3) – ගිම්හාන ආශීර්වාද 47, මනුෂ්ක සමිත් 42, රවිඳු කාංචන 31, විනුජ රණසිංහ 3/36, ටශික් පෙරේරා 2/29

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම: 284/9d (54.1) – නුවනිඳු ප්‍රනාන්දු 83, ජනිෂ්ක පෙරේරා  77, විනුජ රණසිංහ  40, නිදුක මල්සිත්  5/53

සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉනිම: 194 (66.3) – මනුෂ්ක සමිත්  42, විනුජ රණසිංහ 5/66

සාන්ත සෙබස්තියන්  විද්‍යාලය දෙවන ඉනිම: 7/0 (2)

ICCයේ ලොකු පුටුවකට අලුත් අයෙක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මනූ ස්වෝනි මහතා පත්කර…

  • ගාල්ල මහින්ද විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

සුහද තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගය ඉනිමකින් හා ලකුණු 25කින් ජය ගැනීමට මහින්ද විද්‍යාලය සමත් ඊයේ සමත් විය.

15 වැනිදා ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක මහින්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 326ක් ලබා සිටිය දී අත්හිටුවීමට තීරණය කරන ලදි.

තරගයේ ප්‍රථම දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ජනාධිපති විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 59ක් ලබාගෙන සිටියේ මහින්ද විද්‍යාලයීය පළමු ඉනිමට වඩා ලකුණු 267ක් පසුපසිනි සිටිමිනි. විකුම් කල්හාර විසින් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ අසරණව සිටි ජනාධිපති විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 121ක් දක්වා ඔසවා තබන ලද්දේ එම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි.

තරගයේ දෙවන ඉනිම ද ක්‍රියාත්මක කරමින් ලකුණු 205ක වාසියක් සතු කරගත් මහින්ද විද්‍යාලය නැවත වතාවක් පන්දුවට පහරදීමේ අවස්ථාව ජනාධිපති විද්‍යාලයට ලබාදුන් අතර එම ඉනිමේ දී ජනාධිපති විද්‍යාලයීය කණ්ඩායමේ පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව හොඳින් පිතිකරණයේ නිරත වූවද ඉනිමක පරාජයෙන් ගැලවීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමේ දී තරගය පුරාවට දස්කම් දැක්වූ කුෂාන් මධූෂ මහින්ද විද්‍යාලයේ ජය තහවුරු කරමින් කඩුලු 11ක් ගත්තේය.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම: 326/9d (71.3) – අශේන් කණ්ඩම්බි 93, කවිශ මලියවඩු 93, ධනුජ ඉඳුවර 48, ටශික් නිර්මාල් 3/97

ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම: 121 (31.1) – විකුම් කල්හාර 29, කුෂාන් මධූශ 5/33

ජනාධිපති විද්‍යාලය දෙවන ඉනිම (F/O): 180 (55.4) – විකුම් කල්හාර 57, අකිල රොෂාන් 47, තෙවින් තෙව්මික 35, කුෂාන් මධූශ 6/51

ඩේල් ස්ටේන්ගේ අනුප්‍රාප්තිකයා ඔලිවියර් ද?

වැලි කතර නුපුරුදු කිවියන් හමුවේ පාකිස්තානු කණ්ඩායම තරග 2-1ක අනපේක්ෂිත..

  • සාන්ත සර්වේසස් විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත සර්වේසස් විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 206ක් ලබා ගන්නා ලදි.

කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස ලකුණු 30ක් තුළ දී ගුරුකුල කණ්ඩායමේ සියලු දෙනාවම දවා ගැනීමට ප්‍රතිවාදී සර්වේසස් පන්දු යවන්නන් සමත් වුනා. ලකුණු 176ක පළමු ඉනිමේ වාසියක් සිය අත තිබූ සාන්ත සර්වේසස් විද්‍යාලය නැවත වතාවක් පන්දුවට පහර දීමට පිටියට පැමිණියේ ඉනිමක ජයක් ලබාගැනීමේ අරමුණකින් තොරවයි.

ඊයේ දිනයේ ආරම්භය සටහන් වන විට තම දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක පසු වූයේ ගුරුකුල පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 211ක් ඉදිරියෙන් සිටිමිනි. කේෂර නුවන්ත සිය විද්‍යාලයේ අනෙකුත් පිතිකරුවන් හා එකතු වෙමින් සාන්ත සර්වේසස් කණ්ඩායමේ දෙවැනි ඉනිම වෙනුවෙන් තවත් ලකුණු 154ක් එකතු කරනු ලැබීය.

>>Photos : Ananada College vs S. Thomas’ College – U19 Cricket Tournament 2018/19<< 

සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිත්ත හැසිර වූ කේෂර නුවන්ත හතරේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව එම විද්‍යාලයේම දෙවන ඉනිම ගොඩනැංවීමට දායක වූ පුෂ්පිත ඩිල්ශාන් ලකුණු 27ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී දඟපන්දු යවන්නෙකු වන ලික්ශාන් සසංග ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලයීය ක්‍රීඩකයින් සිය ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 87ක් පමණි. පන්දු යැවීමේ දී ශෂික දුල්ශාන් ලකුණු 32කට කඩුලු 3ක් දවාගත්තා. ඒ අනුව සාන්ත සර්වේසස් විද්‍යාලය මෙම තරගය ලකුණු 268කින් ජයග්‍රහණය කරනු ලැබීය.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම: 206 (64.5) – ශෂික දුල්ශාන් 99, රිසිර ලක්වින් 38, චරිත් හර්ෂණ 26, ලික්ශාන් සසංග 4/27

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම: 30 (14.3) – චරිත් හර්ෂණ  5/13, පසිඳු මනුප්‍රිය 4/13

සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවන ඉනිම: 179 (57.2) – කේෂර නුවන්ත 51, පුෂ්පිත ඩිල්ශාන් 27, ලික්ශාන් සසංග 5/36, සචින්ත චමිත් 3/32

ගුරුකුල විද්‍යාලය දෙවන ඉනිම: 87 (30) – දිනිත් චාමර 30, තෙමිර නයනතරු 27, ශෂික දුල්ශාන් 3/32

  • වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාල

ජය පරාජයෙන් තොරව නිමාවූ මේ තරගයේ පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සමත් විය. කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම C කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දු යැවූ සාන්ත මරියා විද්‍යාලය සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 281කට සීමා කිරීමට සමත් විය.

තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත මරියා ක්‍රීඩකයින් කිසිවකු නොදැවී ලකුණු 60ක් ලබා සිටියේය. දෙවැනි දිනයේ උදෑසනම ක්‍රියාත්මක වූ දඟපන්දු යවන ක්‍රීඩක චමෝද් ප්‍රනාන්දු විසින් ලකුණු 32කට කඩුලු 5ක් දවා ගනිමින් සාන්ත මරියා ඉනිම ක්‍රමානුකූලව පාලනය කරන ලදි.

පළමු ඉනිමේ දී සිය කණ්ඩායම රැස් කළ මුළු ලකුණු ප්‍රමාණයෙන් අඩකට ආසන්න ලකුණු සංඛ්‍යාවක් ලබා සිටි බැවින් නැවත වතාවක් පිතිකරණයේ නිරත වීමට සාන්ත මරියා විද්‍යාලයට අවස්ථාව ලබා දුන් සාන්ත ජෝසප් විද්‍යාලයට ඉනිමක ජයක් වෙත පා තැබීමට නොහැකි වූයේ ලකුණු 196ක් වාර්තා කිරීමට සාන්ත මරියා ක්‍රීඩකයින් සමත් වීම නිසාවෙනි. මෙහි දී ගජිත කොටුවේගොඩ ශතකයක් වාර්තා කිරීම කැපී පෙනෙයි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම: 281 (76.3) – චමෝද් ප්‍රනාන්දු 52, යොහාන් මදුවන්ත 51, නිපුන් දනංජය 47, අවිඳු ෂෙහාර 43, අචින්ත දේශාන් 37*, සිනෙත් වර්ණකුලසූරිය 4/109, ගිහාන් අබේවර්ධන 3/70

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම: 143 (62.3) – ගිහාන් අබේවර්ධන 38, පසන් විජේසිංහ 31, ගජිත කොටුවේගොඩ 31, චමෝද් ප්‍රනාන්දු 5/32, ධනුක නිර්මාල්  3/11

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉනිම (F/O): 196/9d (75.4) – ගජිත කොටුවේගොඩ 119, ගිහාන් අබේවර්ධන  23,  අමිඳු ශෙරන් 3/36

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<