සඳරුගේ පන්දුවෙන් තර්ස්ටන් විද්‍යාලය පෙරමුණ ගනියි

244
Singer U19 Schools Cricket

මෙවර වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (27) පළමු කාණ්ඩයෙන් තරග දෙකක් ආරම්භ වූ අතර මේ දක්වා තරගය තුල ඉදිරියට පැමිණෙන්නට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් විය. හෙට මෙම තරග දෙකම දෙවන දිනයට ක්‍රියාත්මක වේ.

පසුගිය ලිපි: නිපුන් – ආකාෂ් ජෝසප් වාස් විදුහලට ජය මාවත විවර කරයි

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගයේ කාසියේ වාසියත්, මුල් දිනයේ වාසියත් යන දෙකම තමා සන්තක කරගන්නට තර්ස්ටන් විද්‍යාලය සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බණ්ඩාරනායක පිතිකරුවන් ලකුණු 82ක් තුලදී ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට තර්ස්ටන් විද්‍යාලයේ සඳරු ඩයස් (5/11) ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත්කම් දැක්වූහ.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල තර්ස්ටන් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 191ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කලේය. නායක චරණ නානායක්කාර ලකුණු 44ක් වාර්තා කරද්දී ජනිඳු ජයවර්ධන කඩුලු 3ක් බිඳ හෙලමින් දස්කම් දැක්වීය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 82 (පන්දුවාර 33.2)

සඳරු ඩයස් 5/11, තුශාල් මධුශංක 2/19.

තර්ස්ටන් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 191 (පන්දුවාර 34)

යෙශාන් වික්‍රමාරච්චි 37, චරණ නානායක්කාර 44, නිමේෂ් ලක්ෂාන් 23, සසිරි අධිකාරි 2/27, පසිඳු බණ්ඩාර 2/18, ජනිඳු ජයවර්ධන 3/41.


කොළඹ වෙස්ලි විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය

අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුනු මෙම සාම්ප්‍රදායික ක්‍රිකට් ගැටුම අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක විය. නමුත් අයහපත් ආලෝක තත්ත්වය තරගයට හරස් වූ නිසා දිනයේ යවන්නට තිබූ සම්පූර්ණ පන්දුවාර සංඛ්‍යාව යැවීමට හැකියාව ලැබුනේ නැත.

අද උදෑසන කාසියේ වාසිය දිනාගත් කොළඹ වෙස්ලි විද්‍යාලය මුලින් පන්දුවට පහරදීම තෝරාගත් අතර ඒ අනුව ප්‍රථම දිනයට තරගය නතර කරන විට වෙස්ලි විද්‍යාලය සිය ප්‍රථම ඉනිම නිමා කරමින් ලකුණු 208ක් ලබා සිටියහ. ඒ සඳහා මොවින් සුබසිංහ (86) සහ ශමෝද් ඇතුලත්මුදලි (55) අර්ධ ශතක වලින් දායක වෙද්දී නරේන්ද්‍රනාත් ලකුණු 43ට කඩුලු 4ක් බිඳ හෙලමින් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වීය.

වෙස්ලි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 85.4)

මොවින් සුබසිංහ 86, ශමෝද් ඇතුලත්මුදලි 55, නරේන්ද්‍රනාත් 4/43, රෂ්මික ඩිල්ශාන් 3/32, සුසිල් ට්‍රෙවෝන් 2/11.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට