නිස්සංක ශතකයෙන් ඉසිපතනය පෙරමුණ ගනියි

810
Nissanka Isipathana

වයස අවුරුදු 19න් පහල සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරග වලදී සාපේක්ෂව වැඩි දක්ෂතා ප්‍රකට කරන්නට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් වූ අතර වේල්ස් කුමර – කොළඹ ආනන්ද විද්‍යාල අතර තරගය දෙපිළටම සමබර අන්දමින් ගලාගෙන යයි. තරග දෙකම හෙට දෙවන දිනයටත් ක්‍රියාත්මකයි.

පසුගිය ලිපි: ශානක, අපෝන්සු, ගමගේ හා වීරක්කොඩි ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට

ඉසිපතන විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ ප්‍රථම දිනය නිමාවට පත්වන විට වැඩි වාසි අත්කර ගත්තේ කොළඹ ඉසිපතන විද්‍යාලයයි. කාසියේ වාසිය ජයග්‍රහණය කල ඉසිපතන නායකයා මුලින්ම පන්දුවට පහර දීම තෝරාගත් අතර ඔවුන් මුල් ඉනිමට රැස්කල ලකුණු සංඛ්‍යාව 208කි. කලින් තරගයේ දී අතිශයින් සාර්ථක වූ පැතුම් නිස්සංක මෙම තරගයේදී ද ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් සාර්ථක වූ කවීෂ ජයතිලක ලකුණු 26කට කඩුලු 5ක් බිඳ හෙලීය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අද දිනයට තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 72ක් ලබා සිටියි.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 53.2)

පැතුම් නිස්සංක 101, හේෂාන් ප්‍රනාන්දු 74, කවීෂ ජයතිලක 5/26, රෙශාන් කවිශ්ක 2/46, මහේෂ් තීක්ෂණ 2/56.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 72 (පන්දුවාර 36.2)

සන්ජුල බණ්ඩාර 2/10.

වේල්ස් කුමර විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය අතර තරගය

මත්තේගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේදී පවත්වන්නට යෙදුනු මෙම තරගයේ ප්‍රථම දිනය ගෙවී ගියේ දෙපිළටම සම වාසි හිමිකර දෙමිනි. එබැවින් දෙවැනි දිනයේ දී තරගය තවත් උණුසුම් වීමට ඉඩ තිබේ.

කාසියේ වාසිය දිනූ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය මුලින්ම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි අතර ඔවුන්ට සියලු දෙනාම දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 198ක් පමණි. වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් ඩිලංක මදුරංක ලකුණු 67ක් වාර්තා කල අතර දක්ෂ අයුරින් පන්දු යැවීමේ යෙදුණු සුපුන් වරාගොඩ (4/20) සහ අචිල ඉරංග (4/19) ආනන්ද පිතිකරුවන් 8 දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වූහ.

ප්‍රථම දිනය සඳහා තරගය නතර කරන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොළඹ ආනන්ද විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 74ක් ලබා සිටිති. ආනන්දය වෙනුවෙන් සහන් සුරවීර ලකුණු 31ක් රැස්කල අතර දුෂාන් හෙට්ටිගේ ලකුණු 26ක් නොදැවී රැස් කරමින් ඉනිම ගොඩ නංවමින් සිටියි.

වේල්ස් කුමර විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 198 (පන්දුවාර 53.2)

ඩිලංක මදුරංක 67, විශ්ව චතුරංග 26, සුපුන් වරාගොඩ 4/20, අචිල ඉරංග 4/19.

ආනන්ද විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 74 (පන්දුවාර 22)

සහන් සුරවීර 31, දුෂාන් හෙට්ටිගේ 26*, කෞෂාල් නානායක්කාර 2/16.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට