වේල්ස් කුමරුවන් පරදා සාන්ත තෝමස් විදුහලට තියුණු ජයක්!

232

වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග 6ක් අද (04) දිවයින පුරා ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය.

ඒ ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ තරග 2ක් සහ දෙවැනි දිනයට ක්‍රියාත්මක වූ තරග 4ක් වශයෙනි. එහි දී අද වාර්තා වූ එකම පූර්ණ තරග ජයග්‍රහණය හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට හැකි විය. ඒ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පරදවමිනි.

සාන්ත ජෝසප් හා තර්ස්ටන් විද්‍යාල ජයග්‍රහණ අතරට

2017/18 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම අදත් සාර්ථකව පැවැත්වූ අතර, අද (3) අවසන් වූ තරග…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සත්කාරකත්වය දැරූ මෙම තරගය අද දෙවැනි දිනයට ක්‍රියාත්මක වූයේ දැඩි තරගකාරී අන්දමකිනි. එහි අවසන් ප්‍රතිඵලය බවට පත්වූයේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පරදවා ලකුණු 20ක තියුණු ජයක් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට හිමි වීමයි.

කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමරුවන්ගේ ඇරයුම අනුව මුලින් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලය සියල්ලන්ම දැවී රැස් කර ගත්තේ ලකුණු 144ක් පමණි. එහි දී තම විද්‍යාලය වෙනුවෙන් හරි අඩකට ආසන්න ලකුණු ගණනක් වාර්තා කළ මනීෂ රූපසිංහ ලකුණු 71ක් වාර්තා කරද්දී, සඳුන් ප්‍රනාන්දු කඩුලු 5ක් දවාලීය.

නමුත් මෙම ලකුණු සංඛ්‍යාව පසුපස හඹාගිය වේල්ස් කුමර විද්‍යාලය ලකුණු 86කට දැවී ගියේ අනපේක්ෂිත පරාජයක් කරා ඔවුන් යොමු කරවමිනි. එහි දී විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු ශැනෝන් ප්‍රනාන්දු ලකුණු 36කට කඩුලු 5ක් දවා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වීය. තම දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් පිතිකරුවන් එහි දී රැස් කළේ ලකුණු 104ක් තුල දැවී ගිය ද ඔවුන්ගේ පන්දු යවන්නන් දැක්වූ විශිෂ්ට කුසලතාව හේතුවෙන් ප්‍රතිවාදී වේල්ස් කුමර විද්‍යාලය ලකුණු 142කට සීමා කිරීමට හැකිවිය. සුපිරි දක්ෂතා දැක්වූ ඩෙලෝන් පීරිස් ලකුණු 23කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

චමරි අතපත්තුට තවත් ඉතිහාසගත අවස්ථාවක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු, ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑශ් තරගාවලියේ මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම…

සාන්ත තෝමස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 144 (පන්දුවාර 41.4): මනීෂ රූපසිංහ 71, දුලිත් ගුණරත්න 27, සඳුන් ප්‍රනාන්දු 5/33, කුංචන පෙරේරා 3/14.

වේල්ස් කුමර විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 86 (පන්දුවාර 44.2): සවිඳු පීරිස් 34, විශ්ව චතුරංග 26, ශැනෝන් ප්‍රනාන්දු 5/36, දුලිත් ගුණරත්න 4/18.

සාන්ත තෝමස් විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 104 (පන්දුවාර 43.2): දුලිත් ගුණරත්න 37, ඩෙලෝන් පීරිස් 21, නදූක ප්‍රනාන්දු 3/15, සවිඳු පීරිස් 3/38, කෞමාල් නානායක්කාර 2/32, කුංචන පෙරේරා 2/15.

වේල්ස් කුමර විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 142 (පන්දුවාර 57.3): විශ්ව චතුරංග 42, අවිඳු ප්‍රනාන්දු 27, සනෝජ් දර්ශික 25, ඩෙලෝන් පීරිස් 7/23.


කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දුන් සත්කාරක සාන්ත පීතර විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 282ක් රැස්කර සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. එහි දී සුපිරි පිතිහරඹයක යෙදුණු සන්තුෂ් ගුණතිලක නොදැවී ලකුණු 129ක් වාර්තා කළේ සාන්ත පීතර විද්‍යාලය දෙසට තරගයේ පාලනය නතු කරමිනි. පන්දු යැවීමේ දී ඩිල්ශාන් ද සිල්වා සහ චමිඳු සමරසිංහ කඩුලු 3 බැගින් දවා ගත්හ. මෙම ලකුණු පුවරුව පසුපස හඹාගිය ධර්මපාල විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 162ක් පමණි.

ඒ අනුව සාන්ත පීතර විද්‍යාලයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ද ස්ථිර විය. ඒ හැරුණුකොට ධර්මපාල විද්‍යාලයට, සාන්ත පීතර විද්‍යාලයේ ලකුණු පුවරුව ආසන්නයටවත් පැමිණීමට නොහැකි වීම නිසා නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමේ අවමානයට ද මුහුණ දීමට සිදු විය. කෙසේ වෙතත් අද දෙවැනි දිනය නිමාවට පත්වන විට කඩුලු 3ක් දැවී ලකුණු 20ක් රැස් කරගත් ධර්මපාල පිතිකරුවන් තරගය ජය පරාජයෙන් තොරව නිමාකර ගන්නට සමත් විය. කෙසේ වෙතත් ප්‍රථම ඉනිමේ පහසු ජයක් හිමි වූයේ කොළඹ සාන්ත පීතර විද්‍යාලයටයි.

සාන්ත පීතර විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 282 (පන්දුවාර 78): සන්තුෂ් ගුණතිලක 129*, නිපුනක ෆොන්සේකා 42, සුලක්ෂණ ප්‍රනාන්දු 42, ඩිල්ශාන් ද සිල්වා 3/74, චමිඳු සමරසිංහ 3/94.

ධර්මපාල විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 162 (පන්දුවාර 77.4): ලක්ෂිත පුරසිංහ 40, කුසංක පීරිස් 24, රුවින් සෙනවිරත්න 4/45, ශිවාන් පෙරේරා 2/13, මොහොමඩ් අමීන් 2/32.

ධර්මපාල විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 20 (පන්දුවාර 11): මොහොමඩ් අමීන් 2/10

අපෝන්සුගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ පළමු නිල නොවන එක්දින තරගය කඩුලු 2කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායමට…

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ පැවති මෙම තරගය නිමාවට පත්වූයේ ජය පරාජයකින් තොරවයි. කෙසේ වෙතත් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය අත්පත් කර ගන්නට සත්කාරක විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනාගත් සාන්ත ආනා විද්‍යාලය මුලින් පිතිකරණයේ යෙදීම තෝරාගත් නමුත් ඉන් ඵල නෙලා ගැනීමට හැකි නොවීය. ඒ සාන්ත ආනා පළමු ඉනිම ලකුණු 99කට සීමාවීම නිසයි. ඒ පසුපස හඹාගිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 147ක් රැස් කරමින් ප්‍රථම ඉනිමේ ජය තහවුරු කර ගත්හ.

තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සාන්ත ආනා විද්‍යාලයත් හරියටම ලකුණු 147ක් රැස්කර ගත්හ. ඒ අනුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ජයග්‍රහණය වෙනුවෙන් හිමිවුණු ඉලක්කය ලකුණු 100කි. කෙසේ වෙතත් දෙවැනි ඉනිමේ ක්‍රීඩා කිරීමට ඔවුන්ට ප්‍රමාණවත් පන්දුවාර සංඛ්‍යාවක් ඉතිරිව නොතිබීම නිසා පූර්ණ ජයක් තමන් සතුකර ගැනීමේ අවස්ථාව සෙබස්තියන් විදුහලෙන් ගිලිහී ගියේය. දෙවැනි දිනය නිමා වෙද්දී ඔවුන්ට කඩුලු 4ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 38ක් පමණි.

සාන්ත ආනා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 99 (පන්දුවාර 44.3): අවිශ්ක රූපසිංහ 21*, දීමන්ත සිල්වා 2/14, අශේන් චාරුක 2/18, ශෙෂාන් උදාර 2/20.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 147 (පන්දුවාර 49.5): අයෝන් හෙෂාර 47, රවිඳු ඩිල්ශාන් 32, කවිඳු ඉරෝෂ් 21, රුවන්ත රන්දික 4/50, පුබුදු ගනේගම 2/55, වනිත වන්නිනායක 2/16.

සාන්ත ආනා විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 147 (පන්දුවාර 53.3): වනිත වන්නිනායක 41, දිනෙත් චන්දිමාල් 34, ඩිශාන් ප්‍රමෝද් 5/20.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 38 (පන්දුවාර 8.8): පුබුදු ගනේගම 2/12.

‘Dialog’ ක්‍රිකට් සම්මාන උළෙලේ දී හේරත්ට සහ ගුණරත්නට ඉහළ පැසසුම්

2017 වසර සඳහා වන ‘Dialog’ ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (31)’Water’s Edge’ පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර එහි දී ‘Dialog’ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට…

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය

ආනන්ද විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ අද නිමාව දුටු මෙම තරගය විසඳුමකින් තොරව අවසන් විය. කෙසේ වෙතත් මුල් ඉනිමේ ජය තහවුරු කර ගත්තේ සත්කාරක විද්‍යාලය විසිනි.

කාසියේ වාසිය දිනාගත් මලියදේව විද්‍යාලයේ ඇරයුමින් මුලින් පන්දුවට පහර දුන් කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 297ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් දමින්ද රෙශාන් ශතකයක් වාර්තා කර ගනිමින් දස්කම් දැක්වීය. මීට අමතරව ශමල් හිරුශාන් නොදැවී ලකුණු 89ක් රැස් කරමින් ශතකය පෙනෙන මානයට පැමිණිය ද අනෙක් අන්තයේ කඩුලු එකිනෙක බිඳ වැටීම නිසා ඔහුට ‍ශතක ලාභියෙකු වීමේ අවස්ථාව අහිමි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මලියදේව විද්‍යාලය ලකුණු 203කට දැවී යාමත් සමඟ ආනන්ද විද්‍යාලයේ ප්‍රථම ඉනිමේ ජය ස්ථිර විය. මලියදේවය වෙනුවෙන් සංජීවන් ප්‍රියදර්ශන නොදැවී ලකුණු 54ක් රැස්කර ගනිද්දී කමේෂ් නිර්මාල් කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්වීය. දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවාර 5කට පමණක් මුහුණ දුන් ආනන්ද විද්‍යාලය එහිදී එක් කඩුල්ලක් දැවී ලකුණු 10ක් රැස්කර ගත්හ.

ආනන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 297 (පන්දුවාර 61.2): දමින්ද රෙශාන් 100, ශමල් හිරුශාන් 89*, කළණ විජේසිරි 37, ලහිරු හිරන්ය 24, බ්‍රයන් කරුණානායක 4/62, දුලාජ් රණතුංග 2/56, මධුරංග නවීන් 2/70.

මලියදේව විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 203 (පන්දුවාර 84): සංජීවන් ප්‍රියදර්ශන 54*, මුදිත ප්‍රේමදාස 36, ගයන්ත වික්‍රමාරච්චි 27, සුපුන් නිස්සංක 25, කමේෂ් නිර්මාල් 4/63, ශාමල් හිරුශාන් 2/07, සනත් දසනායක 2/37.

ආනන්ද විද්‍යාලය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 10 (පන්දුවාර 5)


කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය

මරදාන සහිරා විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගය අද ක්‍රියාත්මක වූයේ ප්‍රථම දිනයටයි. එහි දී කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දීම තෝරාගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අද දිනයට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 200ක් ලබාගෙන සාර්ථක පිතිකරණයක යෙදී සිටියි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන මහේෂ් තීක්ෂණ නොදැවී ලකුණු 107යි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 200 (පන්දුවාර 60.5): මහේෂ් තීක්ෂණ 107*, විහඟ රුවන්‍හාර 33 .

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ ඇරයුමින් සාන්ත සෙබස්තියන් විදුහලට මුලින් පිත්ත හැසිරවීමට සිදුවුනු මෙම තරගය පැවැත්වුනේ පළමු දිනයටයි. එහි දී තරගයේ සත්කාරකත්වය ද දරන සෙබස්තියන් පිතිකරුවන් තම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 260ක් රැස්කර ගත්තේ තම ආධාර කරුවන්ගේ ජය ඝෝෂා මැදයි.

එහි දී මලින්ත පිරීස් ලකුණු 60ක් ලබා ගනිමින් දස්කම් දැක්වීය. ගිහාන් සේනානායක නොදැවී ලකුණු 57යි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන සාන්ත තෝමස් විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 6ක් ලබා සිටියි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 260 (පන්දුවාර 82.4): මලින්ත පීරිස් 60, ශානිල් ප්‍රනාන්දු 47, ගිහාන් සේනානායක 57*, විනුජ රණසිංහ 41*, සචිල රශ්මික 3/121, සිනෙත් සිතාර 2/45.

සාන්ත තෝමස් විද්‍යාලය – කිසිවෙකු නොදැවී ලකුණු 06 (පන්දුවාර 6)

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න