නාලන්දාව අභිබවා යමින් ත්‍රිත්වයින් තවත් පිම්මක් පනී

320

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී නිමා වූ වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තවත් එක් තරගයකින් කොළඹ නාලන්ද විද්‍යාලය පළමු ඉනිමේ පරාජයකට ලක්කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට වරම් දිනා ගත්තේය.

රාජකීය ක්‍රීඩකයින්ගේ පළමු පෙළ සිහිනය බොඳවී යයි

පාසල් මහා ක්‍රිකට් උන්මාදය ක්‍රමයෙන් නිමා වෙමින් පැවතිය ද අදත් (20) පළමුපෙළ හා දෙවනපෙළ පාසල් …

දෙවන හා අවසන් දිනයට ක්‍රියාත්මක වූ මේ තරගයේ අද (21) දිනය ආරම්භ වන විට නාලන්ද විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 21ක් ලබාගෙන සිටියේය.

ජෙෆ් වීරසිංහ හා එක්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිසරු රශ්මික අර්ධ ශතක ඉනිම් දෙකක් ත්‍රිත්ව විද්‍යාල ලකුණු පුවරුවේ සටහන් කළේය.

අවසානයේ ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම ලකුණු 267කට සීමා විය. එය සාන්ත ජෝසප් විද්‍යාල තණතීරුව මත හොඳ තරගයක් ලබා දීමට හැකි ලකුණු ප්‍රමාණයකි. පන්දු යැවීමේ දී දකුණතින් මඳ වේගපන්දු යවන මදුශාන් හසරංග හා වමතින් පා දඟපන්දු යවන කවීෂ් මදුරප්පෙරුම නාලන්ද විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

89 වැනි සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයට සමගාමීව පැවැත්වූ 44 වැනි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ දී නාලන්ද විද්‍යාලයට කඩුලු 5ක ජයක් එක් කරමින් තරගයේ වීරයා බවට පත්වූ සුහඟ විජේවර්ධන 26/4ක් ලෙස දැක්වුණු නාලන්ද ලකුණු සටහන ලකුණු 151ක් දක්වා ඔසවා තැබුවේ මේ තරගයේ දී පිතිකරුවෙක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය (72) රැස්කරමිනි. ඒ සඳහා ඔහු හට වැය වූයේ පන්දු 61ක් පමණි.

රුහුණ නීල වර්ණයෙන් බැබළෙන 118 වැනි නිල් සටන

මෙරට වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතර පැරණිතම තරග අතුරින් දෙවැනි තැන හිමි මාතර …

දකුණතින් පිට දඟපන්දු යවන කවිෂ්ක සේනාධිර කඩුලු 4ක් දවා ගනිමින් ත්‍රිත්ව විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කරන ලදි.

ආනන්ද විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය අතර ලබන 23 සහ 24 දින දෙක පුරාවට කටුනේරිය පිටියේ දී පැවැත්වෙන තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ත්‍රිත්ව විද්‍යාලය සමඟින් තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසෙනු ඇත.

එසේම සුපිරි 16 දෙනාගේ සීමිත පන්දුවාර තරගයක් ලබන 26 වැනිදා නාලන්ද විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය අතර වේල්ස් කුමර විද්‍යාල පිටියේ දී පැවැත්වේ.

ත්‍රිත්ව විද්‍යාලය – 267 (75.2): ජෙෆ් වීරසිංහ 62, තිසරු රශ්මික 56, ට්‍රෙවෝන් පර්සිවෙල් 32, පුබුදු බණ්ඩාර 27, හසිත බෝයගොඩ 22, මදුශාන් හසරංග 3/53, කවීෂ් මදුරප්පපෙරුම 3/56.

නාලන්ද විද්‍යාලය – 151 (33.1): සුහඟ විජේවර්ධන 72, චමිඳු විජේසිංහ 23, කවිෂ්ක සේනාධීර 4/32, තිසරු රශ්මික 2/32, විමුක්ති නෙතුමල් 2/45.

නාලන්ද විද්‍යාල දෙවන ඉනිම (F/O) – 3/1 (2):

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<