රිච්මන්ඩ් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

379

සිංගර් කුසලාන දෙදින හා සීමිත පන්දු වාර පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (1) අවසන් විය. පැවති තරග දෙකෙන් සාන්ත මරියා විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් විය.

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය හා මොරටුව මොරටු විද්‍යාලය

ලකුණු 99ක විශිෂ්ට ජයග්‍රහණයක් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය විසින් හිමි කර ගත් මෙම තරගය ඊයේ (28) මොරටු විදුහල් පිටියේ දී ආරම්භ විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත මරියා විද්‍යාලයේ පළමු ඉනිමට සඳරු ශ්‍රියන්තගේ අර්ධ ශතකය ද සමඟින් ලකුණු 160ක් රැස්කර ගන්නා ලදි. ශෙසද සොයිසා තම කණ්ඩායමට කඩුලු 5ක් ලකුණු 40ක් තුල දවාලමින් සහය දෙන ලදි. පළමු දිනයට තරගය අවසන් වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කල මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 110යි.

පළමු ඉනිමේ ජයග්‍රහණයකින් සෑහීමකට පත් නොවුනු සාන්ත මරියා කණ්ඩායම තම දෙවන ඉනිමට ඉක්මනින්ම ලකුණු 179ක් රැස්කර ගත්තේ ගජිත කොටුවේගොඩගේ දක්ෂ පිතිකරණය ද රුකුලක් කරගෙනයි. එම ඉනිමේ කඩුලු 3 බැගින් දවාලීමට මොරටු විද්‍යාලයේ මිරාජ් කව්ශික හා ශෙහාන් ජීවන්ත සමත් විය.

ලකුණු 230ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි මොරටු විද්‍යාලයට තම දෙවන ඉනිමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 130ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශෙහාන් ජීවන්ත මනරම් පහර කිහිපයක්ම සමගින් ලකුණු 65ක් රැස්කර ගන්නා ලදි. එම ඉනිම නැවතත් සුනුවිසුනු කල ලසිත උඩගේ කඩුලු 5ක් දවාලමින් දස්කම් දැක්විය.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 160 (43.5): සඳරු ශ්‍රියන්ත 52, දමිදු චන්ද්‍රසිරි 29*, සජීව රංජිත් 28, ශෙසද සොයිසා 5/40, නජිත් නිශේන්ද්‍ර 2/27

මොරටු විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 110 (43.1): ශෙසද සොයිසා 45, ලසිත උඩගේ 7/41, සංජය රංජිත් 3/21

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 179 (60): ගජිත කොටුවේගොඩ 70, නියෝමාල් ප්‍රනාන්දු 29*, මිරාජ් කව්ශික 3/34, ශෙහාන් ජීවන්ත 3/39, හශේන් ආධිත්‍යය 2/39

මොරටු විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 130 (44.5): ශෙහාන් ජීවන්ත 65, නිශාන් ප්‍රනාන්දු 24, ලසිත උඩගේ 5/45, සනුජ රංජිත් 2/18, තිමිර කුමාර 2/23


සීමිත පන්දු වාර ක්‍රිකට් තරගය,

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය

මග්ගොන සරේ පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ලුම්බිණි විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

තරගය ආරම්භයට හා තරගය පවත්වා ගෙන යන අතරතුර දී කිහිප වරක්ම වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ යම් ප්‍රමාදයක් සිදුවිය. කෙසේ වෙතත් එම අභියෝග නොතකා රිච්මන්ඩ් ලකුණු පුවරුවට ලකුණු 122ක් එක්කිරීමට ධනංජය ලක්ෂාන් ඇතුළු රිච්මන්ඩ් පිතිකරුවන් සමත් විය. එහි දී දක්ෂ ලෙස පන්දුව ස්ථාන ගත කරවමින් පිතිකරුවන් අපහසුතාවට පත් කල කෙවින් කෙමිත ලකුණු 15ක් තුල කඩුලු 5ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විණි.

අනතුරුව ලකුණු 123ක් හඹා යාමට පිටියට පැමිණි ලුම්බිණි විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 48ක් වැනි අඩු ලකුණු මට්ටමකි. එසේ වූයේ රිච්මන්ඩ් විද්‍යාලයේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. එහි දී තිලංග උදේශන හා සඳුන් මෙන්ඩිස් කඩුලු 3 බැගින් දවාලමින් එම ජයග්‍රහණය තවත් වර්ණවත් කරවිය. අවසානයේ ලකුණු 58ක ජයග්‍රහණයක් හිමිකරගත් රිච්මන්ඩ් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

රිච්මන්ඩ් විද්‍යාලය – සියල්ලන්ම දැවී 122 (22): ධනංජය ලක්ෂාන් 21, කවින් කෙමිත 5/15

ලුම්බිණි විද්‍යාලය – සියල්ලන්ම දැවී 48 (16): සඳුන් මෙන්ඩිස් 3/10, තිලංග උදේශන 3/10, අවිදු තීක්ෂණ 2/11

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට