ගුරුකුලට දැවන්ත ජයක්

267
SINGER U19 DIV I

පාසල් ක්‍රිකට් තරු සොයා යන සිංගර් අන්තර් පාසල් 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ, මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය අද (29) සාන්ත ආනා පිටියේදී සාර්ථක නිමාවූයේ, ගුරුකුල විද්‍යාලයට කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

පසිදු සූරියබණ්ඩාරගෙන් ශතකයක්

වර්ෂාවෙන් එල්ල වන බාධක ද නොතකා සිංගර් අන්තර් පාසල් පළමු පෙළ දෙදින තරගාවලියේ තවත් තරග කිහිපයක්ම අද (27) ආරම්භ වුනු අතර, එයින් එක් තරගයකදී …

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ගුරුකුල විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 197ක් පසුපසින් සිටිමින් දෙවන දිනය ආරම්භ කල අතර, සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය  තම පළමු ඉණිමට සාපේක්ෂව පුළුල් පිතිකරණයක නිරත වෙමින් ඔවුන්ගේ දෙවන ඉණමට සියල්ලන්ම දැවී ලකුණු 204ක් ලබා ගන්නා ලදි.

ඒ ලකුණු ප්‍රමාණය සිල්වෙස්ටර් විද්‍යාලයේ ලබා ගත්තේ පහසු ලකුණු 6ක දෙවන ඉලක්කයක් ගුරුකුල විද්‍යාලයට ලබා දෙමිනි. කෙසේ වෙතත් තම විද්‍යාලය ඉණිමක පරාජයෙන් බේරාගැනීමට පළමු ඉණිමේ කඩුලු 4ක් දවාලූ මනුජ පෙරේරා ලකුණු 79ක් තමන් සතුකරගත්තේ තම තුන් ඉරියව් දස්කම් ද විදහා දක්වමිනි. එම ඉණිම තුල ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක් දවාලීමට ප්‍රවීන් නිමේෂ්ට හැකි විය.

තම දෙවන ඉණිමට හිමවූ ඉලක්කය, පන්දු 4ක් පමණක් වැයකරමින් සාර්ථක කර ගැනීමට ගුරුකුල විද්‍යාලයේ ආරම්භ පිතිකරුවන් දෙපල සමත් විය..

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 48 (පන්දුවාර 30.3): මලිදු විදුරංග 3/16, ප්‍රවීන් නිමේෂ් 3/30

කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 247 (පන්දුවාර 56.3): අසින්ත මල්ශාන් 69, ටෙශාන් මලින්ද 41, පෘථිවි රූසර 31, මනුජ පෙරේරා 4/65, මන්ජිත් රාජපක්ෂ 2/40

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී  ලකුණු 204 (පන්දුවාර 96.2): මනුජ පෙරේරා 79, මන්ජිත් රාජපක්ෂ 28, ප්‍රවීන් නිමේෂ් 4/62, එච්.චමිත් 2/21

කැලණිය ගුරුකුල විද්‍යාලය දෙවන ඉණිම – කිසිවෙකු නොදැවී ලකුණු 8 (පන්දුවාර 0.4):

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට